Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
Ayesh Bandara

ඇත්තටම මම හිතන්නෙ මගේ ප්‍රශ්නය එන්න ඕනි category එක transport වගේ දෙයක් වෙන්න ඕනි. නමුත් එහෙම category එකක් නැති නිසා මෙහෙම දාන්නෙ. මගේ ප්‍රශ්නය තමයි අර්ධ සුඛෝපබ්පොගී ගියලා ජනතාවගෙන් ගසාකන බස් මාෆියාව සහ කිසි ප්‍රමිතියකින් තොරව හිතුන හිතුන ගණන් අය කරන ත්‍රී රෝද රථ ඇතුළු කුලී රථ මාෆියාව සම්බන්ධයෙන් ඔබ ක්‍රියාමාර්ගයක් ගන්නවද?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 169 වැනි පිටුවේ සිට ඉදිරියට මහජන ප්‍රවාහන සේවාවක්.....කාර්යක්ෂම ගමනාන්තයක්... මැයෙන් අපගේ ප්‍රවාහන ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි රටේ සමස්ථ ප්‍රවාහනය සහ එම පද්ධතිය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්ති සහ යෝජනා පැහැදිළිව දක්වා ඇත. සැමට සුව පහසු ප්‍රවාහන අයිතිය සහතික කෙරෙන වැඩපිළිවෙළක් මෙම ප්‍රතිපත්තිය තුළ දක්වා ඇත. එමෙන්ම ජාතික ජනබලවේගය සිය පාලන තන්ත්‍රයක් යටතේ ප්‍රවාහනය ප්‍රතිව්‍යුහගතකිරීමට ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Induwara Amarasingha

අධ්‍යාපන ක්ෂේත්‍රය තුල සිදු කිරීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ GPA මට්ටමක් මත පදනම්ව පැවැත්වීම තොරතුරු සන්නවේදන තාක්ෂණ විෂය ඉවත් කිරීම සෞන්දර්ව විෂය විෂය ඉවත් කිරීම යන ඉහත සංශෝධන පිළබඳ ඔබ පක්ෂයේ වැඩපිළිවල කෙසේ ද ?

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 184 වැනි පිටුවේ සිට ඉදිරියට පරිසමාප්ත ජීවිතයක්.....සුවපහසු රටක්... මැයෙන් අපගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි රටේ අධ්‍යාපනය සහ එම පද්ධතිය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්ති සහ යෝජනා පැහැදිළිව දක්වා ඇත. සැමට අධ්‍යාපන අයිතිය සහතික කෙරෙන වැඩපිළිවෙළ මෙම ප්‍රතිපත්තිය තුළ දක්වා ඇත. එමෙන්ම ජාතික ජනබලවේගය සිය පාලන තන්ත්‍රයක් යටතේ අධ්‍යාපනයට ප්‍රමුඛතාවය දී කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Deshapriya waduge

පෙර දින නිකුත් වූ පරිසර ප්‍රතිපත්ති ප්‍රකාශය සහ සංසංචාරක ප්‍රතිපත්ති ප්‍රකාශ වල විද්‍යුත් පිටපත් බාගත කරගත හැක්කෙ කෙසේද ?

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ ඉල්ලා ඇති ප්‍රතිපත්ති ප්‍රකාශ සහ ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies
https://www.npp.lk/ta/policies
https://www.npp.lk/en/policies
ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

මාලක

වාහන ගෙන්වන වාද ඒවාට 300% බදු අය කරනවද

Admin

ඔබගේ ගැටළුව සහ අදහස අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගයේ පාලනයක් යටතේ විද්‍යානුකූල පදනමක් මත පිහිටා රථ වාහන ආනයනට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇත. එමෙන්ම ඊට අදාල බදු ප්‍රතිපත්තිය ප්‍රති සමාලෝචනයට ලක් කරන අතර අවශ්‍යතාවය අනුව අඩු මිලට වාහනයක් මිලදී ගැනීමට ජනතාවට ඇති අයිතිය ක්‍රමිකව තහවුරු කරනු ඇත. ඔබගේ ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

duminda Priyantha

ඔබගේ රජයක් යටතේ උරුමය වැඩසටහනට ඉදිරියට ක්‍රියාත්මක කරනවාද

Admin

ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් එළි දක්වන ලද පොහොසත් රටක්...ලස්සන ජිවිතයක් ...ප්‍රතිපත්ති ප්‍රකාශණයේ 184 වැනි පිටුවේ සිට ඉදිරියට ඵලදායි කළමණාකරණයක්.....ඒකාබද්ධ පරිහරණ සැළැස්මක්... මැයෙන් අපගේ ඉඩම් ප්‍රතිපත්තිය ඉදිරිපත් කර තිබේ. එහි ඉඩම් පරිහරණය කාර්යක්ෂම සහ ඵලදායි කිරිම පිළිබඳව වන අපගේ ප්‍රතිපත්තිය පැහැදිළිව දක්වා ඇත. දිර්ග කාලයක් තිස්සේ පදිංචි ජනතාවට එම ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය සහතික කෙරෙන ඔප්පු ලබා දීමට අපගේ පාලනයක් යටතේ කඩිනමින් කටයුතු කරනු ඇත. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අපගේ වෙබ් අඩවිය වන www.npp.lk වෙබ් අඩවියට පිවිස ඔබට බාගත කළ හැකිය. ඒ සඳහා පහත සබැඳියන් භාවිතා කරන්න. 
https://www.npp.lk/si/policies/npppolicystatement
https://www.npp.lk/ta/policies/npppolicystatement
https://www.npp.lk/en/policies/npppolicystatement ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.