Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
தேசிய மக்கள் சக்தி

பிரச்சனைகள் மற்றும்
தீர்வுகள்

வயல்வெளிகள்

சிக்கலை முன்வைக்கவும்

பிரச்சனையைக் கேளுங்கள்
නිලාන් ජයතිලක

පොදු ප්‍රවාහනය විදිමත් කිරීමට මගී අදහස් එකතු කරන්නෙ කොහොමද...?

Admin

සහභාගීත්ව ප්‍රවේශය මේවන විට ලෝකය පිළිගත් රාජ්‍ය පරිපාලන/කළමනාකරන ක්‍රමවේදයකි. මෙහිදී ප්‍රජාව නාමික සහභාගීත්වයෙන්, උපදෙස් සැපයීමෙන්, තොරතුරු සැපයීමෙන්, ද්‍රව්‍යමය දිරි ගැන්වීම තුළින්, කාර්යබද්ධ සහභාගීත්වය (වැඩ කොටස් ඉටු කිරීමෙන්), අන්තර්කරණීය සහභාගීත්වය (ජනතාව සමග විශ්ලේෂණය කිරීම) මෙන්ම ස්වයං සජීවීකරණය (බාහිර බලපෑම් නැතිව තමන්ගේම කැමැත්තෙන් සහභාගීවීම) යන ක්‍රමවේද ඔස්සේ ජනතාව සම්බන්ධ කර ගත හැකි බව ඒ සම්බන්ධයෙන් පර්යේෂන කර ඇති විද්වතුතන් පෙන්වා දෙනවා. මෙහිදී ප්‍රජාව ගැටළු හඳුනා ගැනීම, ගැටළු ප්‍රමුඛතාකරණය, ව්‍යාපෘති සැලසුම්කරණය, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, සුපරීක්ෂණය හා අධීක්ෂණය මෙන්ම පසු විපරම් කාර්යයේ දී ද සහභාගි කර ගැනීමට පියවර ගන්නවා.මේ වන විට ජාතික ජන බලවේගය විසින් රට පුරා ගොඩ නඟමින් යන කොට්ඨාෂ සභා මේ සඳහා ප්‍රජාව සංවිධානය කිරීමේ උපක්‍රමයයක්.

Uvindu imalka

Ctb eka ආදායම වැඩිදියුණු කරන විදිහ පැහැදිලි කරන්න පුළුවන් da කෙටියෙන්.

Admin

සම්බන්ධයෙන් සවිස්තරාත්මකව තොරතුරු දැන ගැනීමට අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ආර්ථික සම්බන්ධ කරුණු පහත සබැඳිය ඔස්සේ කියවන්න. https://www.npp.lk/si/policies/economic

පී.එම්. කරුණාරත්න

සහෝදරත්වයෙන් දූෂණයෙන් තොර ශ්‍රීලංකාවක් අපේක්ෂා කරමි.ඒ වෙනුවෙන් මාගේ සුහද දායකත්වය පිරිනමමි

Admin

අප කෙරෙහි තැබූ විශ්වාසය කෙරෙහි ස්තුතිවන්ත වන අතර එම විශ්වාසය කිසි දිනක බිඳදැමීමට කටයුතු නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙනවා.

Mahinda pitiyekumbura

මම විශ්‍රාමික ජේෂ්ඨ නාවික යෙකි දැනට විදේශ ගතව රැකියාවක් කරමි.මේ රට සෑදීමට විනය අත්‍යාවශ්‍ය යි.සමහර ආයතන වල,සිදුවන,අල්ලස්,ලිංගික අල්ලස් ,සියලුම ,අක්‍රමිකතා ,අසාධාරණකම්, කීමට කෙනෙක් නොමැතිව ඔවුන් අසරණ වන අවස්තා ඇත.මේසම්බන්දව පැමිනිලි කිරීමට හා ඊට අවශ්‍ය පහසුකම් සැපයීම සදහා ප්‍රදේශය සබා මට්ටමින් ඒකක් පිහිටවීම (ගරු සේවාවක් ලෙස )කිරීමට ඇත හැකියාව සලකා බලන්න.

Admin

අල්ලස, දූෂණය, වංචාව වැනි සමාජ දේහය තුළ ඔඩු දුවා ඇති ක්‍රියා මැඩ පැවැත්වීමට උපක්‍රමශීලී, වාඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුය. ඒ සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කෙරේ. • මේ වන විට දූෂණයට එරෙහි සටන පහල පිරිස් පමණක් ඉලක්ක කෙරේ. ඒ වෙනුවට ඉහළ පිරිස් ආදර්ශමත් වීම මෙන්ම නීතිය බලාත්මක කිරීමද පහලට වඩා ඉහළ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම • සියළුම සේවාවන් හැකිතාක් දරකට මාර්ග ගත ක්‍රමයටලබා දීම තුළින් රාජ්‍ය සේවකයා හා සේවාලාභීන් පෞද්ගලිකව සම්මුඛ වීම අඩු කිරීම • විනිවිදභාවය ප්‍රවර්ධනය • රාජ්‍ය සේවයේ විනය ඉගැන්වීම තුළින් වෙනුවට දේශපාලන නායකත්වය තුළින් ආදර්ශය ලබා දී තහවුරු කිරීම • බොහෝ පිරිස් අල්ලස කෙරෙහි යොමුවීමට හේතු වන රැකියා අතෘප්තිය නැති කිරීම හා ආර්ථික හැකියාවන් ඇති කිරීම මෙවැනි ක්‍රියාමාර්ගවලට වැඩිමනත් වශයෙන් ඔබ විසින් යෝජනා කර ඇති ක්‍රමවේදයන් ද ස්ථාපනය සලකා බැලෙනු ඇත. වැදගත් කරුණ වන්නේ අල්ලස, වංචාව හා දූෂණය පිටු දැකීම ජාති ජන බලවේග රජයක් යටතේ ප්‍රමුඛ ක්‍රියාවක් බවයි.

BKSR.jayaweera

මැති වරන ජය උදෙසා නිර්මානශීලී වැඩසටහන් (කෙටි නාට්‍ය වීදි නාට්‍ය කව් ගී නිසදැස් )වැනි දෑ මගින් ජන තාව දැනුවත් කිරීමට කටයුතු කිරිම සහ සමාජ ජාලා වැනි දේ භාවිතා නොකර පුත්ගලයින් දැනුවත් කිරීමට වැඩසටහන් නිර්මානය කර ජනසතු කිරීම සුදුසුයැයි ජෝජනා වකක් ලෙස පවසමි

Admin

ඔබගේ යෝජනාව අතිශය අගය කරන අතර ඉදිරියේ දී මෙවැනි ප්‍රවේශයන් යොදා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන බව ස්තුති පූර්වකව සඳහන් කරනවා.