Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

විසිවන සියවස

"නිදහසින් පසු සමාජ මනස මෙහෙය වූද අතීතය උත්කර්ෂයට නැංවූද ආඛ්‍යානය විසින් නූතන ශ්‍රී ලාංකේය රාජ්‍යයක් බිහි කිරීමේ පදනම් තම ක්ෂේත්‍රයන් තුළ විසිවන සියවසේදී සකස් කළ සැබෑ වීරයන් සහ වීරවරියන් යටපත් කර දමනු ලැබ ඇති අතර දූෂිත ප්‍රභූ පංතියේ ව්‍යාජ වීරයන් ඉස්මතු කරනු ලැබ ඇත. නිදහසෙන් දශක හතකට පසුව කෘෂිකර්මය හා කාර්මීකරණය සංකලනය කළ ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් සහිත නූතන ශ්‍රී ලාංකේය රාජ්‍යයක් තැනීමේ වගකීම භාර ගැනීමට නියමිත ජාතික ජන බලවේගය, ඉතිහාස ආඛ්‍යානයේ විසිවන සියවස ගැන සිදු වූ වැරැද්ද නිවැරදි කිරීම කාලෝචිත මැදිහත් වීමක් ලෙස හඳුනාගනී. තවද විසිවන සියවසේ සැබෑ වීරයන් හා වීරවරියන්ගේ නම් ඉතිහාස ලේඛනයේ සටහන් කිරීම සහ ඔවුන්ගේ සාධනීය පරමාර්ථ මෙන්ම ගෙවුණු සියවස තුළ මිනිස් සමාජය උකහාගත් නව්‍ය ආර්ථික, සමාජීය, සංස්කෘතික වර්ධනයන් නූතන තත්වයන්ට සේම ලංකාවට ගැලපෙන ලෙස සකස් කර ගැනීම මේ දේශපාලන මොහොත තුළ කළ යුතු වැදගත් කාර්යයක් ලෙසට ජාතික ජන බලවේගය යෝජනා කරයි."

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න