Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

2024 ජනාධිපතිවරණ

පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
B. H. G. Samika Perera

මාගේ ස්ථිර පදිංචි ගම්පොල වන අතර මා දැනට විවාහ වී කැලනියෙ ජීවත් වෙමි.මා පදිංචිය වෙනස් නොකර අති නිසා මාගෙ චන්දය මාගේ ගම්පොල ලිපිනයට පැමිණේ මා හට මාස 2 දරුවෙකු සිටින නිසා මේ මොහොතේ ගම්පොල යාමට නොහෑක මාගේ චන්දය කැලනියෙන් ප්‍රකාශ කිරීමේ ක්‍රමයක් තිබේද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබ විසින් පෙන්වා දි ඇති කරුණු අනුව ඡන්දය ප්‍රකාශ කිරිමට ඔබ ඡන්දය ප්‍රකාශ කිරිමට ලියාපදිංචි වි සිටින ප්‍රදේශයට අනිවාර්යෙන්ම යා යුතුය. ඒ් සඳහා වෙනත් විකල්පයක් නැත. මේ පිළිබදව තහවුරු කරගැනීම සදහා පහත සබැදිය ඔස්සේ මැතිවරණ කොමිසම හා සම්බන්ධ වන්න.

https://elections.gov.lk/

ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Sampath

1.විදේශ රැකියාවන් වල නියුක්තිකයන් සඳහා ඇති ප්‍රතිපත්ති හා දිරිගැන්වීම් මොනවද? 2.ඔවුන්ගේ මුලික ගැටළු හදුනාගෙන තිබේද? 3.විශේෂයෙන්ම බහුතරයක් විදේශ රැකියා සඳහා පිටත්වන්නේ තම 1. දරුවන්ට හොද අද්‍යපනයක් දීම. 2. නිවසක්. 3. වහනයක් මිලදී ගැනීම. 4. දුප්පත්කම වැනි මුලික කරුණු නිසාය. එකී ඔවුන්ගේ සිහින ඔබ හදුනාගෙන තිබේද සහ එය සැබැකරගැනීමට ඇති යෝජනා කවරේද.

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. විදේශ රැකියාවන් වල නියුක්තව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රි ලාංකිකයින් පිළිබදව ජාතික ජනබලවේගය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඔබ මේ වන විටත් දන්වා ඇතැයි විස්වාස කරමු. ඒමෙන්ම ඔවුන් පිළිබදව වන අපගේ ප්‍රතිපත්තිය වෙනම වැඩපිළිවෙළක් ලෙස සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. අපගේ වෙබි අඩවියට පිවිස එය පරිශීලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සදහා පහත සබැදි භාවිතා කරන්න.

https://www.npp.lk/en/policies/etheraapi

https://www.npp.lk/si/policies/etheraapi

https://www.npp.lk/ta/policies/etheraapi

ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

S A T Sisira kumara

මොටර් රථ දෙපාර්තමේන්තුව හා බැඳුණු සියලුම දිස්ත්‍රික්කයන් තුළ ස්ථාපිත මොටර් රථ කාර්යාලයන් සහ නිලධාරින්ගේ අල්ලස් සංකල්පය සදහා ලබාදෙන විසඳුම් පිළිබඳව කෙටි අදහසක් ලබා ගැනිම .

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අල්ලස, දූෂණය සහ වංචාව අපේ රට මුහුණ දි සිටින ප්‍රධාන ගැටළුවක් අප ජාතික ජනබලවේගය ඉතා නිවැරදිව හඳුනා ගෙන සිටී. මොටර් රථ දෙපාර්තමේන්තුව තුළ පමණක් නොව රටේ අස්සක් මුල්ලක් නෑරම මෙම ප්‍රශ්නය අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. ජාතික ජනබලවේගය ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්ය වන්නේ මෙම අල්ලස, දූෂණය සහ වංචාවට තිත තැබීමයි. ඒ් වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව කටයුතු කරන බව කාරුණිකිව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

ඉසුරු

2016 සිට 2019 දක්වා කාලය තුල විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව නැවත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ලබා දෙනවා ද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. 2016 සිට 2019 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව පිළිබඳව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ කඩිනමින් මැදිහක් වී සාධාරණ ලෙස ඒය විසදීමට මේ වන තීරණය කර තිබේ. ඉදිරියේදි පිහිටුවන අපගේ ආණ්ඩුවක් යටතේ ඒ් සදහා කඩිනමින් ක්‍රියා කරන බව කාරුණිකව ඔබ වෙත දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

උපුල් බන්දුල

NPP රජයක් යටතේ man power සේවකයන් පිළිබදව දරණා අදහස කුමක්ද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. මේ වන විට අපේ රටේ සිටින man power සේවකයන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව හොඳ අවබෝධයක් ජාතික ජනබලවේගය සතුව ඇත. ඔවුන් මුහුණ දෙන මෙම ගැටළු සාධාරණ ලෙස විසඳීමට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.