පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්
කොලබ හිල්ටන් හෝටලයවිකුණන එක වලක්වන්න පියවර ගන්න බැරිද?
ඔබගේ ගැටළුව අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති තත්වය පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති බව කාරුණිව දන්වමු. ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය වන්නේ උපක්‍රමිකව හා ජාතික ආරක්ෂාවට වැදගත්වන රාජ්‍ය දේපළ රාජ්‍ය අයිතිය යටතේ තබා ගැනිමයි. හිල්ටන් හෝටලය සම්බන්ධවද අපගේ ප්‍රතිපත්තිය වන්නේ එයයි. ඔබගේ ප්‍රශ්නය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
විරුද්ධ පාර්ශවයන් නගන චෝදනා අතර ඔබ කණ්ඩායමේ පළපුරුදු ඔබ කණ්ඩායමේ සිටින පිළිගතහැකි පුද්ගලයන් කව්ද යන්න ප්‍රමුඛ තැනක් ගනී. බුලත් කඩයක්වත් කර නැති අය... සුදුසුකම් නැති, අත්දැකීම් නැති අය.. දැකලවත් නැති අය වැනි ආකාර වලින් වරින් වර දේශපාලන තලයේ ඉහළ සහ ගම් මට්ටමේ අනුගාමිකයන් ප්‍රශ්න කරයි. මේවාට ලැබෙන පිළිතුරු තීව්‍ර ලෙස ඉදිරිපත් නොවන බවක් දැනේ. මේ දිනවල පැවැත්වෙන ප්‍රසිද්ධ රැස්වීම් වලදී මුල් පෙළේ එක් කතිකයෙක්ගේ වෙලාවෙන් විනාඩි තුන හතරක් වෙන්කොට ගෙන Npp/ Jvp සාමාජිකත්වයෙන් සාර්ථකව මෙහෙයවෙන සමුපකාර සමිති වල ප්‍රගතිය ( අකුරැස්ස සමුපකාර / මොරවක තේ සමිතිය වැනි/...... ) පිළිබඳව ප්‍රකාශ කරන්නේ නම් එය මෙතෙක් තම චන්දය පිළිබඳ තීරණයක් ගෙන නොමැති පුද්ගලයන් වෙත ධනාත්මක පෙළබවීමක් වනු ඇත. එසේම Npp තුළට ගොනුවී ඇති උගතුන්, බුද්ධමතුන්, වුර්තිකයින් පිළිබඳ තොරතුරු ලැයිස්තුවක් අත් පත්‍රිකාවක් ලෙස හෝ සමාජ මාධ්‍ය පිටුවක් ලෙස සංසරණය වීම සඳහා මුදාහැරීමට කටයුතු කරන්නේනම් එය යම් මට්ටමේ පෙළඹවීම් සාධකයක් වනු ඇති බවට යෝජනා කරමි.
ඔබගේ අදහස් සහ යෝජනාව අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් පෙන්වා දි ඇති තත්වය පිළිබදව අපගේ අවධානය යොමු කර ඇති බව කාරුණිව දන්වමු. ජාතික ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් කමිටුව වෙත ඔබගේ අදහස යොමු කර තිබේ. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
මත්ද්‍රව්‍ය උවදුර නිමාකරන්නේ කෙසේද?
ඔබගේ ගැටළු අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය මත්ද්‍රව්‍ය උවදුර නිමා කිරීමට අධ්‍යාපනය, නීතිමය ක්‍රියාමාර්ග, ප්‍රතිකාර වැඩසටහන්, ආර්ථික අවස්ථා වැඩි කිරීම, සහ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් ක්‍රියාත්මක කරයි. එය පහත link එකෙන් ලබාගත හැක. https://www.npp.lk/si/policies ජාතික ජනබලවේගය වන අප විසින් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට ඉදිරිපත් කර ඇත. වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිස එහි ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත් නීතිය සහ සාමය රට තුළ ස්ථාපනය කිරීමට අදාල වන ප්‍රතිත්තිය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ අදහස හා ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවෙන් ලබා ගත් ඇමතිකම් තුනෙන් එකක් වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලය යොදා ගනිමින් සිය පක්ෂ ශාඛා මගින් “සුනාමි පුනරුත්ථාපන ජනතා කමිටු” ලේබල අලවා දකුණේ වෙරළබඩ ජනතාවට ලැබිය යුතු වූ සුනාමි අරමුදල් සිය පක්ෂ අරමුදලට හැරවූ පක්ෂයක් පිරිසිදු දේශපාලකයින්ගේ පක්ෂයක් විය හැකිද?
ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් යොමු කර ඇති ප්‍රශ්නය හෝ චෝදනාව ජාතික ජනබලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට අදාල නැත. මෙය හුදෙක් මේ මොහොතේ කිසියම් වෙනත් අරමුණකින් කරනු ලබන මත දැක්වීමක් බව අපගේ අදහසයි. එමෙන්ම එහි කිසිදු පදනමක් නැත. මෙවැනි ප්‍රකාශ අප දැඩිව ප්‍රතික්ෂේප කරමු. ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
ඔබලාගේ අන්ඩුව ලබාදෙන මැතිවරණ පොරොන්දු හා අනෙතුක් ප්‍රතිපත්තිමය පොරොන්දු ඔබලාගේ රජයක් තුල සිදු නොකරහොත්. අනුර ඇතුලු අනෙකුත් වගකිවයුතු පක්ශ සාමාජිකයින් ඒ සම්බන්ධව නීතිමය දඩුවමකට යටත් වීමට ලිපිගොනුවක් විදිමත් ආකාරයට මැතිවරණයට කලින් සමාජගත කර හැකි ද ?
ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කර ඇත්තේ වසර 05 ක ජනාධිපතිධුර පාලන කාලයක් තුළ ඉටු කිරිමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මාලාවක්ය. එම කාලය තුළ යෝජිත මූල ධර්ම සහ සියළුම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිෂ්චිත ලෙසම ඉටු කරනු ඇත. එය අපගේ අරමුණයි. එමෙන්ම මැතිවරණ ප්‍රකාශ වල සඳහන් කරුණු ඉටුනොකළහොත් ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑමට හැකි වන ලෙස නීතිමය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඊට අපගේ අනුමැතිය ලබා දෙන්නෙමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.