Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
ළමසීරි දිනේෂ් බණ්ඩාර

ජාතික ජන බලවේගයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඔබ විසින් මේ වන විට සකස් කර අවසානද නව සෞඛ්‍ය ප්‍රතිපත්තිය අප වෙත එවීමට කාරුණික වන්න

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. NPP ආණ්ඩුවක් යටතේ රට ගොඩනගන පැහැදිළි වැඩපිලිවල ඇතුලත් දේශයේ අපේක්ෂාව නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් අප විසින් 2019 වසරේ දී ඉදරිපත් කර ඇත. එය ඔබට අපගේ වෙබ් අඩවියට පිවිස බාගත කළ හැකිය. එහි අපගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව ප්‍රතිපත්ති රාමුවක් (Policy Framework) සඳහන් කර ඇත. එළඹෙන ඡන්දය ඉලක්ක කර ඉදිරිපත් කරන පරිපූර්ණ ප්‍රතිපත්ති රාමුව ද මේ වන විට සකස් කර ඇති අතර ඡන්දය ප්‍රකාශයට පත් කළ පසු එය ජනගත කිරීමට නියමිතය. ඉන් පසුව ඔබට එය ලබා ගත හැකි වනු ඇත.

Rohitha de Silva

දැනට අධිකරණ පද්ධතියතුල දීර්ඝ කාලයක් අවසන් නොවී ඇති දහස් ගණනක්වූ නඩු, විශේශයෙන් අවුරුදු දහය පහලොවට වඩා කාලයක් නොවිසඳී ඇති ඉඩම් නඩු ඇතුලු අනෙක් නඩු අප්‍රමාදව නිම කිරීමට ඔබගේ පාලනයක් යටතේ ක්‍රමවේදයක් වේද ?

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයේම විශාල අකාර්යක්ෂමතාවයක් පවතින බව අප සියළු දෙනාම පිළිගන්නා සත්‍යයකි. කාර්යක්ෂමතාවය (Efficiency) සහ ඵලදායිතාවය (Productivity) ඇති කර ගත හැකි වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව සමස්ථ රාජ්‍ය සේවයම ක්‍රියාත්මක වන්නේ නම් පමණි. එමෙන්ම උපායමාර්ගික කළමණාකරණය (Strategic Management) මෙහිදි ඉතා වැදගත් වේ. කාර්යක්ෂමතාවය (Efficiency) සහ ඵලදායිතාවය (Productivity) යන මේ කාරණා දෙකම නොමැති වීම හේතුවෙන් විශාල අකාර්යක්ෂමතාවයක් රාජ්‍ය පද්ධතිය තුළ දක්නට ලැබේ. එය යහපත් හා කාර්යක්ෂම මහජන සේවයකට බාධා පමුණුවා ඇත. රාජ්‍ය පද්ධතියේම කොටසක් වන අධිකරණ පද්ධතියට ද මේ කාරණය පොදුය. එබැවින් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ සමස්ථ රාජ්‍ය සේවයම සුවිශාල ප්‍රතිසංස්කරණයකට ලක් කරන අතර විද්‍යාව මත පදනම් කර ගත් උපාය මාර්ගික කළමණාකරණ ක්‍රමවදයක් හඳුන්වා දෙනු ඇත. එසේම අවශ්‍ය ආයතනික වෙනස්කම් සිදු කර ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳා ජනතාවට යහපත් හා කාර්යක්ෂම අධීකරණ සේවයක් ස්ථාපනය කිරීමට කටයුතු කරනු ඇත.

නීල් ජයතිස්ස

NPP රජයක් යටතේ රට ගොඩනගන පැහැදිලි වැඩපිලිවල ලිඛිතව පොතක් ලෙස ඉදිරිපත් කර නැද්ද? කරුනාකර එවැනි විද්‍යාත්මක වැඩපිලිවෙලක් සහිත ලිඛිත ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්නේනම් වැදගත් වේ. කාහටත් ලබාගත හැතිවන පරිදි pdf එකක් ලබාදෙන්නේනම් ස්තූතිවත්න වෙමි.

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. NPP ආණ්ඩුවක් යටතේ රට ගොඩනගන පැහැදිළි වැඩපිලිවල ඇතුලත් දේශයේ අපේක්ෂාව නමින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් අප විසින් 2019 වසරේ දී ඉදරිපත් කර ඇත. එය ඔබට අපගේ වෙබ් අඩවියට පිවිස බාගත කළ හැකිය. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වත්මන් ආර්ථික, දේශපාලනික හා සමාජීය තත්වයන්ට අනුකූල වන ලෙස සකස් කරන ලද නව ප්‍රතිපත්ති ප්‍රකාශයණය මේ වන විට සකස් කර අවසන්ව තිබේ. එය නුදුරේදීම එළි දක්වනු ඇත.

දමිත් අසේල

මම ලංවීම සේවකයෙක් , දැනට පවතින ලංවීමේ අකර්මණ්‍යම පරිපාලනය , දුශන වංචා සහ හදිස්ස් විදුලි මිලදී ගැනීම් ... ඉල්ලුම සැපයුම පවත්වා ගැනීම , විදුලි බිල සාමාන්‍ය අගයක පවත්වා ගැනීම, සේවක බඳවා ගැනීම් , වැටුප් , රාජ්‍ය අංශයේ තබා ගන්නේද පෞද්ගලික අංශය සමග සහයෝගීව ගුනාත්මකව තබාගන්නේදයන කරුණු පිළිබඳව දැන ගැනීමට කැමති.

Admin

ඔබගෙ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය. රටක ආර්ථිකයක ඉතාම වැදගත් සහ තිරණාත්මක මෙන්ම උපාය මාර්ගිකව වැදගත් මර්මස්ථාන රාජ්‍ය අයිතිය තුළ තබා ගැනිම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තියයි. එසේ වුවත් පුද්ගලික අංශය සතු වැදගත් දේ උකහා ගැනීමට ඔවුන් සම්බන්ධ කර ගැනීම නොකරන බවක් ඉන් අදහස් නොවේ. විශේෂයෙන් රාජ්‍ය අයිතියට බලපෑමක් නොවන ලෙස රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සහයෝගයෙන් (Public Private Partnerships - PPP) කටයුතු කළ හැකි තැන් වල දී එසේ කටයුතු කරනු ඇත. අනෙක් පසින් කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සහ ඵලදායිතාවය ඉහළ දැමිම තුළින් වඩා යහපත් මහජන සේවයක් වෙනුවෙන් ලංවිම පමණක් නොව සමස්ථ රාජ්‍ය අංශයම පුළුල් ප්‍රතිසංස්කරණයකට ලක් කිරීමට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් කටයුතු කරනු ඇත. එසේම වංචා දුෂණ මැඩ පැවැතිවීම අපගේ ආණ්ඩුවක ප්‍රධානම කාර්යභාරයක් වනු ඇත.

Chris

If you come into power, will you considerManju Nishshanka to be the finance minister or advisor? He will deal with the IMF as necessary as he has the experience and knowledge. Thanks

Admin

Thank you for your interest. However, we wish to inform you that NPP has no affiliation with Mr Nissanka's organization. Regards