ගරු අනුර කුමාර මහතා, ඔබ 2024 ජනාධිපති වුවහොත්, ලංකාවෙ මේ අසීමිත ලෙස වැඩි වී ඇති වාහන මිල පාලනය කිරීමට ඔබ තුමා ගන්න වැඩ පිළිවෙල කුමක්ද? දැනට ජපානයේ රුපියල් ලක්ෂ 25ක් පමණ වන 2015 වර්ෂයේ පරණ වාහනයක්, මෙහි රුපියල් ලක්ෂ 90ක් පමණ වේ. මෙම මිල විශාල තරම් වැඩිවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට වාහන මිලදී ගැනීම අපහසු වී ඇත. නවක තරුණයන් වන අප ඉමහත් මානසික පීඩනයෙන් සිටිමු.
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. මෝටර් රථ ආනයනය සහ ඊට අනුශංගික කරුණු පිළිබදව ජාතික ජනබලවේගය සිය අවධානය යොමු කර තිබේ. සෑම පුරවැසියෙකුටම සිය ප්‍රවාහන පහසුකම් සාධාරණ මිල ක්‍රමයක් යටතේ සපුරා ගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. ඒ් අනුව ඔබ පෙන්වා දි ඇති වාහන ආනයනය සහ ඒහි මිල ගණන් පිළිබදව අපි අපගේ අවධානය යොමු කර තිබේ. නුදුරේදීම බිහිකරන ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ඔබ විසින් පෙන්වා දි ඇති මෙම කරුණු පිළිබදව අපි අපගේ මැදිහත් වීම සිදු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
1.විදේශ රැකියාවන් වල නියුක්තිකයන් සඳහා ඇති ප්‍රතිපත්ති හා දිරිගැන්වීම් මොනවද? 2.ඔවුන්ගේ මුලික ගැටළු හදුනාගෙන තිබේද? 3.විශේෂයෙන්ම බහුතරයක් විදේශ රැකියා සඳහා පිටත්වන්නේ තම 1. දරුවන්ට හොද අද්‍යපනයක් දීම. 2. නිවසක්. 3. වහනයක් මිලදී ගැනීම. 4. දුප්පත්කම වැනි මුලික කරුණු නිසාය. එකී ඔවුන්ගේ සිහින ඔබ හදුනාගෙන තිබේද සහ එය සැබැකරගැනීමට ඇති යෝජනා කවරේද.
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. විදේශ රැකියාවන් වල නියුක්තව සිටින ලක්ෂ සංඛ්‍යාත ශ්‍රි ලාංකිකයින් පිළිබදව ජාතික ජනබලවේගය විශේෂ අවධානයක් යොමු කර ඇති බව ඔබ මේ වන විටත් දන්වා ඇතැයි විස්වාස කරමු. ඒමෙන්ම ඔවුන් පිළිබදව වන අපගේ ප්‍රතිපත්තිය වෙනම වැඩපිළිවෙළක් ලෙස සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබේ. අපගේ වෙබි අඩවියට පිවිස එය පරිශීලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඒ සදහා පහත සබැදි භාවිතා කරන්න.
https://www.npp.lk/en/policies/etheraapi
https://www.npp.lk/si/policies/etheraapi
https://www.npp.lk/ta/policies/etheraapi
ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
මොටර් රථ දෙපාර්තමේන්තුව හා බැඳුණු සියලුම දිස්ත්‍රික්කයන් තුළ ස්ථාපිත මොටර් රථ කාර්යාලයන් සහ නිලධාරින්ගේ අල්ලස් සංකල්පය සදහා ලබාදෙන විසඳුම් පිළිබඳව කෙටි අදහසක් ලබා ගැනිම .
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අල්ලස, දූෂණය සහ වංචාව අපේ රට මුහුණ දි සිටින ප්‍රධාන ගැටළුවක් අප ජාතික ජනබලවේගය ඉතා නිවැරදිව හඳුනා ගෙන සිටී. මොටර් රථ දෙපාර්තමේන්තුව තුළ පමණක් නොව රටේ අස්සක් මුල්ලක් නෑරම මෙම ප්‍රශ්නය අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. ජාතික ජනබලවේගය ආණ්ඩුවක ප්‍රමුඛතම කාර්ය වන්නේ මෙම අල්ලස, දූෂණය සහ වංචාවට තිත තැබීමයි. ඒ් වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව කටයුතු කරන බව කාරුණිකිව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
2016 සිට 2019 දක්වා කාලය තුල විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුව නැවත ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ ලබා දෙනවා ද?
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. 2016 සිට 2019 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුව පිළිබඳව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ කඩිනමින් මැදිහක් වී සාධාරණ ලෙස ඒය විසදීමට මේ වන තීරණය කර තිබේ. ඉදිරියේදි පිහිටුවන අපගේ ආණ්ඩුවක් යටතේ ඒ් සදහා කඩිනමින් ක්‍රියා කරන බව කාරුණිකව ඔබ වෙත දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.
NPP රජයක් යටතේ man power සේවකයන් පිළිබදව දරණා අදහස කුමක්ද?
ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. මේ වන විට අපේ රටේ සිටින man power සේවකයන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව හොඳ අවබෝධයක් ජාතික ජනබලවේගය සතුව ඇත. ඔවුන් මුහුණ දෙන මෙම ගැටළු සාධාරණ ලෙස විසඳීමට ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.