විදුලි බලශක්තිය රටේ ආර්ථිකයට බරයිනම්...ආගමික ස්තාන,ලක්ශ 8-10 විදුලි බිල් ගෙවන ගොඩක් හෝටල් තියෙනවා කර්මාන්තශාලා වගේ ඒවා ඒ ආයතන එක්ක ක්‍රමවේදයකට ඇවිත් ඒව පුනර්ජනනීය(Solar) වගේ ක්‍රම වේදයකට යන්න පුලුවන්නම් ලොකු වාසියක් ලැබෙයි...
ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව පළමුව අපගේ ස්තූතිය පළ කරමු. ඔබගේ මෙම කාලීන වටිනාකමක් ඇති අදහස් අපගේ ප්‍රතිපත්ති සම්පාදන කමිටුව වෙත යොමු කරන බව කාරුණිකව දන්වමු. ඔබගේ අදහස් අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.
ශිෂ්‍යත්ව විභාගය පිලිබද ඔබගේ මතය එලසම පවතින්නෙද?එමෙන්ම අ.පො.ස සා.පෙල/උ.පෙල පිලිබද ඔබගේ මතය කුමක්ද? ඔබලාගේ තරුණ කණ්ඩායම හා එක්වන්නෙ කෙසේද?
ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා සහ නොගැලපීම් පිළිබඳව අප විසින් පුළුල් ලෙස හදාරා ඇත. ඒ අනුව ජාතික ජනබලවේගයේ රාජ්‍ය පාලනයක් යටතේ අවශ්‍ය ව්‍යුහගත ප්‍රතිසංස්කරණ සිදු කරනු ඇත. එමෙන්ම ඒ යටතේ විද්‍යනුකූල පදනමක් මත දැනට පවතින විභාග ක්‍රමයේ ද පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කරනු ඇත. ජාතික ජනබලවේගයේ තරුණ කණ්ඩායම සමග සම්බන්ධ විමට ඔබට ලඟම පිහිටුවා ඇති ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාවේ නියෝජිතකයෙකු හමු වන්න. ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු.
විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය සැකසීමේදී, නව තාක්ෂණය ග්‍රාමීය ජනතාව වෙත ගෙනයෑමටත් ග්‍රාමීය මට්ටමෙන් හඳුනාගත් තාක්ෂණික අවශ්‍යතාවයන් හා ගැටළු නිරාකරනය කිරීමටත් ප්‍රාදේශීය මට්ටටමේදි යොදා ගන්නා ව්‍යුහය කුමක්ද? මේ සඳහා දැනටමත් සෑම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයක්ම නියොජනය වන පරිදි පිහිටුවා ඇති විදාතා මධ්‍යස්ථාන ජාලය වඩාත් පලදායීව යොදාගත හැකිය. මේ සඳහා අනුයුක්ත කර ඇත්තේද විද්‍යා උපාධිය සහිත නිලධාරියෙකි. නමුත් නිෂ්චිත ප්‍රතිපත්තියක් නොමැති කමින් මෙම මධ්‍යස්ථානවලින් ඵලදායී සේවාවක් නොගනී. මෙම මධ්‍යස්ථාන වඩාත් කාර්යක්ෂමව ග්‍රාමීය ජනතාව වෙත තාක්ෂණය ලබාදීමට යොදාගත හැකිය. විදාතා මධ්‍යස්ථාන එවකට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර තිබූ අතර පසුව වේවැල්, පිත්තල, මැටි අමාත්‍යාංශය යටතේද පාලනය විය.දැනට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතී. විද්‍යාව හා තාක්ෂණය ගමට ගෙනයෑම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ස්ථාපිත මෙවන් රාජ්‍ය ආයතනික ජාල පද්ධතියක් නිසි ලෙස කලමණාකරණය කිරීම තුලින් විශාල සේවාවක් ගමට ලබා දිය හැකිය. ඒ අනුව ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය සඳහා මේ සම්බන්ධවද විශේෂ අවධානය යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. ඔබ විසින් අවධානය යොමු කර ඇති කැරුණු සහ අදහස් කෙරෙහී අපගේ විශේෂ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වමු. පවතින ආයතනික ව්‍යුහයන් නිසි කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිතා කිරීමටත්, අවශ්‍යනම් ඒ සඳහා නව ව්‍යුහයන් ගොඩනැගීමටත් ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ පියවර ගනු ඇත. නැවතත් ඔබගේ අදහස් අපවෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පිරිනමමු.
Visithuru mathsya viyaparaya sadaha athi weda piliwela.
ස්තුතියි ඔබගේ විමසීම සම්බන්ධව. විස්තුරු මස්‍ය ව්‍යාපාරය සංවර්ධනය කිරීමට වගේම විදේශ විනිමය ඉපැයීමේ වැදගත් කර්මාන්තයක් හැටියට අප හඳුනාගෙන ඇත. ඒ සඳහා වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණය, මූලික ප්‍රාග්ධනය, සහ වෙළෙඳපොළ සපයා දීමට රාජ්‍ය අනුග්‍රහය ඉහළින් ලබා දීමට කටයුතු කරන බව අපගේ ප්‍රතිපත්තියේ සඳහන් කොට ඇත. ස්තුතියි
Warmest greeting from Canada your Excellency (AKD)
Thank you for your compliments