Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Nadun Sampath

ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපතක් ඕන.

Admin

ඔබගේ විමසීම පිළිබදව ස්තූතියි. අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහත සබැදි වලින් බාගතකළ හැක.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ස්තූතියි

H.A.I.M.සුබසිංහ

මෙය ගැටළුවක් නොවේ...යෝජනාවකි.. මා සේවය කරන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන් තොටුපල කාර්යාලයේ.. කටුනායක ගුවන් තොටුපලේ සිට කටුනායක-කොළඹ අධිවේගී මාර්ග ප්‍රවේශය දක්වා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කොට ඇති අතර එම දැන්වීම් සියල්ල ඇත්තේ කැසිනෝ ව්‍යාපාර විසිනි.. සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ ලංකාවේ ඇති ස්භාසෞන්දාරය, ඓතිහාසික ලෝක උරුමයන් වැනි දෑ නැරඹීමට බව මාගේ මතයයි... නමුත් මෙම දැන්වීම් මගින් අප රට කැසිනෝ සූදුපලක් මෙන් පිළිඹිබු වේ... NPP බලයට පැමිණීම පිළිබඳ මා තරයේ විශ්වාස කරන අතර, බලයට පැමිණි වහාම එම දැන්වීම් පුවරු කැසිනෝ ප්‍රවර්ධනට භාවිතා කිරීම නවතා දමන ලෙස ඉල්ලා සිටිමි. තවද එම දැන්වීම් පුවරු මගින් ආදායමක් ඉපයීමට නම් සංචාරක නිකේතන හෝ ඒ හා සම්බන්ධ ආයතන සදහා ටෙන්ඩර් පටිපාටියට ලබා දී ශ්‍රී ලංකාවේ සෞන්දර්ය පිළිඹිබු වන දැන්වීම් ප්‍රදර්ශනයට පමණක් අනුමැතිය ලබා දිය හැක... එමගින් සංචාරකයින්ගේ ලංකාව පිලිබඳ ආකල්ප වෙනස්වනු ඇත... ඔබට ස්තූතියි...

Admin

ඔබ විසින් යොමු කරන ලද අදහසට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. ඔබගේ මෙම අදහස ජාතික ජනබලවේගයේ ජාතික විධායක කිමිටුව වෙත යොමු කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Sandarenu

රැකියා විරහිත උපාධිධාරීන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකයට දායක කර ගන්නේ කෙසේද

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ රැකියා විරහිත උපාධිධාරින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වාත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇති අතර ඒහි අවසන් කොටසේ රැකියා විරහිත උපාධිධාරින් සම්බන්ධයෙන් කඩිනමින් ගන්නා පියවර දක්වා ඇත. එහි ඔබ මතු කරන ගැටළු වලට අපගේ විසදුම් යෝජනා කර ඇත. මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බාගත කිරීම සදහා පහත සබැදිය භාවිතා කරන්න.

https://www.npp.lk/si/policies/npppolicystatement

https://www.npp.lk/ta/policies/npppolicystatement

https://www.npp.lk/en/policies/npppolicystatement

ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

Minidu sathsara

ලංකාවේ මිනිස්සුන් වැඩ කරාට එ මිනිස්සුන්ට ගෙවන නිෂ්චිත ගානක් නෑ උදාහරණයක් විදියට පැයක් වැඩ කරාම නියමිත ගානක් ගෙවනවා ඒ වගේ එකක් නෑ ආයතනය කියන ගාන තමයි මාසේ අන්තිම පඩිය වෙන්නේ එහෙම නියමිත ගානක් තීරනේ කලොත් සේවකයන්ට තමන් වැඩ කරන ප්‍රමානේ හැටියට මුදලක් උපයා ගත හැකියි මෙය සදාහා ඔබගේ පක්ෂය බලයට පැමිනියොත් විසඳුමක් තියනවද

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. අපේ රටේ කම්කරුවන් සහ විවිධ ආයතන වල සේවය කරන සේවකයින් මුහුණ දෙන ගැටළු පිළිබදව ජාතික ජනබලවේගයට ඉතා හොඳ අවබෝධයක් තිබේ. පොහොසත් රටක්...ලස්සන ජිවිතයක්... අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශණයේ පිට අංක 69 සිට කාර්යක්ෂම ශ්‍රම සම්පතක්...ගෞරවනිය වෘත්තීය ජිවිතයක් ...යන තේමාව යටතේ අපගේ කම්කරු ප්‍රතිපත්තිය ඉදිරිපත් කර ඇත. එහි ඔබ මතු කරන ගැටළු වලට අපගේ විසදුම් යෝජනා කර ඇත. මේ පිළිබදව ඔබගේ අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය බාගත කිරීම සදහා පහත සබැදිය භාවිතා කරන්න.

https://www.npp.lk/si/policies/npppolicystatement

ඔබ අප සමඟ සම්බන්ධ විම පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.

P B Palansooriya

වාහන ගෙන්වීම ගැන සහ තියෙන පරණ වාහන වල මිල ගණන් ගැන ඔබලාගේ අදහස දැනගන්න පුලුවන්ද. තරුණයන් විදියට හැමෝම කැමති තමන්ගේම කියල වහනයක් පදින්න. ඔබලාගේ ආණ්ඩුවක් යටතේ ඒ වෙනුවෙන් දෙයක් කිරීමට බලාපොරොත්තු වෙනවද?

Admin

ඔබ විසින් යොමු කරන ලද පැනයට අපගේ ස්තූතිය පළමුව පිරිනමමු. මෝටර් රථ ආනයනය සහ ඊට අනුශංගික කරුණු පිළිබදව ජාතික ජනබලවේගය සිය අවධානය යොමු කර තිබේ. සෑම පුරවැසියෙකුටම සිය ප්‍රවාහන පහසුකම් සාධාරණ මිල ක්‍රමයක් යටතේ සපුරා ගැනීමට ඇති අයිතිය අපි පිළිගනිමු. ඒ් අනුව ඔබ පෙන්වා දි ඇති වාහන ආනයනය සහ ඒහි මිල ගණන් පිළිබදව අපි අපගේ අවධානය යොමු කර තිබේ. නුදුරේදීම බිහිකරන ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ ඔබ විසින් පෙන්වා දි ඇති මෙම කරුණු පිළිබදව අපි අපගේ මැදිහත් වීම සිදු කරන බව කාරුණිකව දන්වා සිටිමු. ඔබ විසින් අප වෙත යොමු කරන ලද පැනය පිළිබඳව නැවතත් අපගේ ස්තූතිය පිරිණනමු.