Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
pasindu Gunathilaka

ශිෂ්‍යත්ව විභාගය පිලිබද ඔබගේ මතය එලසම පවතින්නෙද?එමෙන්ම අ.පො.ස සා.පෙල/උ.පෙල පිලිබද ඔබගේ මතය කුමක්ද? ඔබලාගේ තරුණ කණ්ඩායම හා එක්වන්නෙ කෙසේද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. පවතින අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා සහ නොගැලපීම් පිළිබඳව අප විසින් පුළුල් ලෙස හදාරා ඇත. ඒ අනුව ජාතික ජනබලවේගයේ රාජ්‍ය පාලනයක් යටතේ අවශ්‍ය ව්‍යුහගත ප්‍රතිසංස්කරණ සිදු කරනු ඇත. එමෙන්ම ඒ යටතේ විද්‍යනුකූල පදනමක් මත දැනට පවතින විභාග ක්‍රමයේ ද පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කරනු ඇත. ජාතික ජනබලවේගයේ තරුණ කණ්ඩායම සමග සම්බන්ධ විමට ඔබට ලඟම පිහිටුවා ඇති ජාතික ජනබලවේගයේ කොට්ඨාශ සභාවේ නියෝජිතකයෙකු හමු වන්න. ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු.

K. N. සම්පත් පෙරේරා

විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය සැකසීමේදී, නව තාක්ෂණය ග්‍රාමීය ජනතාව වෙත ගෙනයෑමටත් ග්‍රාමීය මට්ටමෙන් හඳුනාගත් තාක්ෂණික අවශ්‍යතාවයන් හා ගැටළු නිරාකරනය කිරීමටත් ප්‍රාදේශීය මට්ටටමේදි යොදා ගන්නා ව්‍යුහය කුමක්ද? මේ සඳහා දැනටමත් සෑම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයක්ම නියොජනය වන පරිදි පිහිටුවා ඇති විදාතා මධ්‍යස්ථාන ජාලය වඩාත් පලදායීව යොදාගත හැකිය. මේ සඳහා අනුයුක්ත කර ඇත්තේද විද්‍යා උපාධිය සහිත නිලධාරියෙකි. නමුත් නිෂ්චිත ප්‍රතිපත්තියක් නොමැති කමින් මෙම මධ්‍යස්ථානවලින් ඵලදායී සේවාවක් නොගනී. මෙම මධ්‍යස්ථාන වඩාත් කාර්යක්ෂමව ග්‍රාමීය ජනතාව වෙත තාක්ෂණය ලබාදීමට යොදාගත හැකිය. විදාතා මධ්‍යස්ථාන එවකට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර තිබූ අතර පසුව වේවැල්, පිත්තල, මැටි අමාත්‍යාංශය යටතේද පාලනය විය.දැනට කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතී. විද්‍යාව හා තාක්ෂණය ගමට ගෙනයෑම සඳහා ප්‍රාදේශීය මට්ටමින් ස්ථාපිත මෙවන් රාජ්‍ය ආයතනික ජාල පද්ධතියක් නිසි ලෙස කලමණාකරණය කිරීම තුලින් විශාල සේවාවක් ගමට ලබා දිය හැකිය. ඒ අනුව ජාතික ජන බලවේගයේ විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය සඳහා මේ සම්බන්ධවද විශේෂ අවධානය යොමුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව අපගේ ස්තූතිය පළමුව පළ කරමු. ඔබ විසින් අවධානය යොමු කර ඇති කැරුණු සහ අදහස් කෙරෙහී අපගේ විශේෂ අවධානය යොමු කරන බව කාරුණිකව දන්වමු. පවතින ආයතනික ව්‍යුහයන් නිසි කාර්යක්ෂමතාවයෙන් යුතුව භාවිතා කිරීමටත්, අවශ්‍යනම් ඒ සඳහා නව ව්‍යුහයන් ගොඩනැගීමටත් ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ පියවර ගනු ඇත. නැවතත් ඔබගේ අදහස් අපවෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පිරිනමමු.

U w kalum

Visithuru mathsya viyaparaya sadaha athi weda piliwela.

Admin

ස්තුතියි ඔබගේ විමසීම සම්බන්ධව. විස්තුරු මස්‍ය ව්‍යාපාරය සංවර්ධනය කිරීමට වගේම විදේශ විනිමය ඉපැයීමේ වැදගත් කර්මාන්තයක් හැටියට අප හඳුනාගෙන ඇත. ඒ සඳහා වගාකරුවන්ට අවශ්‍ය තාක්ෂණය, මූලික ප්‍රාග්ධනය, සහ වෙළෙඳපොළ සපයා දීමට රාජ්‍ය අනුග්‍රහය ඉහළින් ලබා දීමට කටයුතු කරන බව අපගේ ප්‍රතිපත්තියේ සඳහන් කොට ඇත. ස්තුතියි

Sarath Gamage

Warmest greeting from Canada your Excellency (AKD)

Admin

Thank you for your compliments

Mihad Musaffer

Dear brother, I have made a riseup song. Hope it would be suited for NPP media campagne. Let me know your media unit contact number I'll send it . BR, Mihad Misaffer

Admin

Thank you. You will be contacted by our media team. Regards