Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Deepika Dahaneka

මත්ද්‍රව්‍ය උවදුර නිමාකරන්නේ කෙසේද?

Admin

ඔබගේ ගැටළු අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය මත්ද්‍රව්‍ය උවදුර නිමා කිරීමට අධ්‍යාපනය, නීතිමය ක්‍රියාමාර්ග, ප්‍රතිකාර වැඩසටහන්, ආර්ථික අවස්ථා වැඩි කිරීම, සහ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් ක්‍රියාත්මක කරයි.  එය පහත link එකෙන් ලබාගත හැක. https://www.npp.lk/si/policies ජාතික ජනබලවේගය වන අප විසින් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වන විට ඉදිරිපත් කර ඇත. වැඩිදුර තොරතුරු දැනගැනීමට අපගේ වෙබ් අඩවියට පිවිස එහි ඇති ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුලත් නීතිය සහ සාමය රට තුළ ස්ථාපනය කිරීමට අදාල වන ප්‍රතිත්තිය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. ඔබගේ අදහස හා ගැටළු අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Nihal Ranabahu

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවෙන් ලබා ගත් ඇමතිකම් තුනෙන් එකක් වූ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ බලය යොදා ගනිමින් සිය පක්ෂ ශාඛා මගින් “සුනාමි පුනරුත්ථාපන ජනතා කමිටු” ලේබල අලවා දකුණේ වෙරළබඩ ජනතාවට ලැබිය යුතු වූ සුනාමි අරමුදල් සිය පක්ෂ අරමුදලට හැරවූ පක්ෂයක් පිරිසිදු දේශපාලකයින්ගේ පක්ෂයක් විය හැකිද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ඔබ විසින් යොමු කර ඇති ප්‍රශ්නය හෝ චෝදනාව ජාතික ජනබලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට අදාල නැත. මෙය හුදෙක් මේ මොහොතේ කිසියම් වෙනත් අරමුණකින් කරනු ලබන මත දැක්වීමක් බව අපගේ අදහසයි. එමෙන්ම එහි කිසිදු පදනමක් නැත. මෙවැනි ප්‍රකාශ අප දැඩිව ප්‍රතික්ෂේප කරමු. ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

unanimous

ඔබලාගේ අන්ඩුව ලබාදෙන මැතිවරණ පොරොන්දු හා අනෙතුක් ප්‍රතිපත්තිමය පොරොන්දු ඔබලාගේ රජයක් තුල සිදු නොකරහොත්. අනුර ඇතුලු අනෙකුත් වගකිවයුතු පක්ශ සාමාජිකයින් ඒ සම්බන්ධව නීතිමය දඩුවමකට යටත් වීමට ලිපිගොනුවක් විදිමත් ආකාරයට මැතිවරණයට කලින් සමාජගත කර හැකි ද ?

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කර ඇත්තේ වසර 05 ක ජනාධිපතිධුර පාලන කාලයක් තුළ ඉටු කිරිමට බලාපොරොත්තු වන ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග මාලාවක්ය. එම කාලය තුළ යෝජිත මූල ධර්ම සහ සියළුම ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිෂ්චිත ලෙ‍සම ඉටු කරනු ඇත. එය අපගේ අරමුණයි. එමෙන්ම මැතිවරණ ප්‍රකාශ වල සඳහන් කරුණු ඉටුනොකළහොත් ඊට එරෙහිව නීතිය ඉදිරියට යෑමට හැකි වන ලෙස නීතිමය ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කරන්නේ නම් ඊට අපගේ අනුමැතිය ලබා දෙන්නෙමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු. 

dr kamal fonseka

anura sahodarayage arakshawata stage proof karanna. pare yana wita ----wahana 30 wath idripasa piupasa saha .....side cover karanna.......pathalayata ,,sambanda ..pahara -desa paluwo kenthiyen ...innwa ----athi.............................mama dr nihal abesingha sahodaryata 3 juner doctor kenek.colombo...........karuna kara ..meya yamak ..siduwenawata ..wada ..kalin ..karanna....mama gampaha...Ananda fonseka [paranima jvp ..palath saba candidate ,,,ge ..malli]

Admin

ඔබගේ අදහස අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. අනුර සහෝදරයාගේ ආරක්ෂාව සම්බන්ධව දක්වා ඇති ඔබගේ අදහස් පිළිබඳව අප අපගේ අවධානය යොමු කරමු. ඔබගේ අදහස අප වෙත යොමු කිරීම පිළිබදව නැවතත් අපගේ ස්තූතිය පළ කරමු.

Dharshana Thibbotuwawa

Will the Private small scale businesses like minaral water bottling factiories, take under the govenment administration?

Admin

Thank you for your inquiry. That's simply misinformation spread by our opponents. An NPP government will not take over private businesses. On the contrary, we strongly support and encourage small and medium-scale private enterprises as a key part of our economic strategy. Best regards