Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
H H M Dishan Dahampriya

මෙක ප්‍රශ්නයක් නෙවෙයි, ක්‍රිප්ටොකරන්සි BIT COIN ETH ... , EPF ETF වලටත්, දිස්ත්‍රික් මට්ටමින් මෙවැනි coin වර්ග හඳුන්වා දීමෙනුත් අප රටට විදේශිකයින් පහසුවෙන් ආකර්ශනය කරමින් රට තුල විශාල මුදල් ප්‍රමානයක් ගෙන්වා ගැනීමක් කල හැකියි. වටිනාකමක් ඇති මුදල් ගෙන්වාගනනිමු! ඩොලර් වල වටිනාකම නැතිවෙමින් පවතින නිසා.

jayantha hathnagoda

අනුර සහෝදරයා මධ්‍යයට නිකුත්කල සඝ සමුළුවෙන් පසු දුර්මත යනුවෙන් සදහන් කල ලිපිය ඇත්තද? එසේ නම් ආගම් නිසා රට පසුගාමී වුනා යනුවෙන් අදහස් කලේ කුමක්ද? ජපානය හා සසදා බලන්න. රට වැටීමට හේතුව හොරකමනම් ආගම් එයට වග කියන්නේ කෙසේද?

Pradeep Pathiraja

අද මේ සහෝදරයා මම ඔබව අමතන්නේ විදෙස් රටක සිට මට දැනගන්නට අවශ්‍යයි ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ අවිදස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ඡන්දය භාවිතා කිරීමටගන්නා ක්‍රියාමාර්ග ඒවගේම ඔවුන්ගේ ඉදිරියේදී ඔවුන්ට ලැබෙන වරප්‍රසාද මොනවාද ඔබගේ රජයක් යටතේ කියන එක සාරාංශයක් විදිහට මට එවනවා නම් ඉතාමත් වටිනවා මොකද මම ගොඩක් අයත් එක්ක මේ ගැන සාකච්ඡා කරනවා ඔහුව දැනුවත් කරනවා අපි ලබන මාසේ පහළොව ලංකාවට එනවා ඡන්දය දෙන්න ඊට කලින් ඔවුන් දැනුවත් කරලා ඔවුන්ට ඉදිරියට එන්නවුන්ට දැනුම ලබා දුන්නොත් හරි වටිනවා නිසා ඔබට හැකිනම් වීඩියෝ එකක් කරන්න එසේත් නැතිනම් ඒ පිළිබඳව මට සාරාංශයක් විදියට එවන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ ලබාගන්නේ කෙසේද කියලා දෙනවා නම් හරි වටිනවා මොකද ඒ පිළිබඳව අපි දැනුවත් විය යුතු දැනුවත් කළ යුතුයි මිනිසුන් බොහොමත්ම ස්තූතිය

Dilan Amendra

ඔබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධව ඇති ගැටලු සහ ඒවාට පිළියම් යොදන ආකාරය පිළිඹඳව පැහැදිලිව සඳහන් කර නොමැති බව දක්නට ලැබුනි. ගුරු වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව පමණක් සඳහන් කිරීමත් අනෙකුත් සේවාවන් වල ඇති වැටුප් විශමතා පිළිඳ කිසිවක් සඳහන් නොවීමත් හේතුවෙන් මේ වන විට රාජ්‍ය සේවය තුළ යම් දෙගිඩියාවක් ඇති කරවන කතිකාවතක් නිර්මාණය ⁣වන බව කිව යුතුය. පිළිතුරක් අපේක්ෂා කරමි. ස්තූතියි

මලින්ද ඒකනායක

අප සිටින්නේ ඉතාමත්ම තීරනාත්මක අවස්තාවකය. ජයග්‍රහනය ලබාගත හැකි අවස්තාවකය. ඉතාම සවිධානාත්මක මැතිවරන වැඩසටහනක් ක්‍රියත්මක වනවා දකින්නට ලැබීම ඉතාමත් සතුටට හේතුවකි. අපේ මිනිසුන් චන්දය භාවිතා කරන්නේ නායකයින් හෝ පක්ශවල ප්‍රතිපත්ති ප්‍රමාන්වත් මට්ටමකට අධ්‍යයනයෙන් නොවන බව ඉතාම පැහැදිලිය. නමුත් ඔබ අප බලාපොරත්තු වන දෙශපාලන සංස්තියේ වෙනසට බුද්ධිමත් චන්ද දායකයකු බවට අප පත්කිරිමද ඇතුලත් වියයුතුය. NPP,JVP web site හෝ you tube channel එකට ගොස් ඔබව ඔබේ පක්ශයේ ප්‍රතිපත්ති අධයනය කරන් අය ඉතාම අඩුය. උදාහරන වශයෙන් JVP, NPP , Anura kumara Dissanayake youtube channel subscribers ගනන ගන්න 185K, 56K,154K. වෙනත් වැඩකට නැති නලුනිලියන්ගේ ආදී විවිද කිසි හරයක් නැති channel වල subscribers ගනන් බලන්න. NPP මූලික ප්‍රතිපත්තිමය කාරනා සම්බන්දව මැතිවරනයට පෙර දැනුවත් කිරීමට WhatsApp භාවිතා කිරිම සුදුසුයැයි මම සිතනවා. මෙහිදී ප්‍රාදෙශීය සංවිදායකයින් විසින් යම් මට්ටමකට ක්‍රියාකාරි සාමාජිකයින්ගෙන් යුත් whatsapp group එකක් හදන්න ඔනේ. බෙදාහරින අන්තර්ගතයන් සියල්ල එකම මධ්‍යස්තානයකින් ස්කස් කරන්න ඕනේ. ඊට පස්සේ ප්‍රාදෙශීය සංවිදායකයින්ට යවන්න ඔනේ. ප්‍රාදෙශීය සංවිදායකයින් එයාගේ group එකට යවන්න ඔනේ. group සාමාජිකයෝ එයාලාගේ යාලුවන්ට දන්න කියන අයට යවන්න ඕනී.