Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Maduranga

ඉන්ධන මිල පාලනය කරන්නේ කොහොමද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ ඉන්ධන මිල පිළිබඳව සළකා බලන්නේ එය කෙතරම් දුරට ජනතාවට හිතෛශී මට්ටමකින් පවත්වා ගෙන යාහැකි ද යන පදනම මත පිහිටාය. එමෙන්ම ලෝක වෙළඳපළ තත්වයන් සහ අපේ රටේ ආර්ථික තත්වයන්ද සැළකිල්ලට ගෙන, වඩාම සාධාරණ සහ ප්‍රශස්ථ මිල ක්‍රමයක් හඳුන්වා දෙනු ඇත. ස්තූතියි

ගුණතිලක

2025 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද? ඔබගේ රජයක් බලයට පත්වුවහොත් එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන් නවතා දමනවාද? නැතහොත් සංශෝධන සහිතව ක්‍රියාත්මක කරනවාද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරීම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ දැනට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනාවළිය පූර්ණ විමර්ශණයකට ලක් කරනු ඇත. ඉන් පසුව ඒ පිළිබඳව අවසන් තිරණය ප්‍රකාශයට පත් කරන බව කාරුණිකව දන්වමු. ස්තූතියි

මහේෂ් ලක්රුවන්

වී මිල සම්බන්ධ අදහස

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. ජාතික ජනබලවේගය රාජ්‍ය පාලනයක් යටතේ ගොවියාගේ අස්වැන්න සඳහා ප්‍රශ්ස්ථ සහ සාධාරණ මිලක් ලැබිම සහතික කිරීම සදහා නොපමාව කටයුතු කරනු ඇත. ස්තූතියි

රණසිංහ

ජාතික ජනබලවේග පාලනයක් යටතේ සෞඛ්‍ය සේවා ව්‍යාප්තිය කෙසේ වේවිද?

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. අපගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳව සවිස්තර ප්‍රකාශයක් නුදුරේදීම ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සමඟ එළි දක්වනු ඇත. කරුණාකර ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න. ස්තූතියි

S.D. ඩිලුෂ් ප්‍රබුද්ධ

රාජ්‍ය සේවයේ සේවා කාලය පැය 8 සිට පැය 9 දක්වා වැඩි කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේද? ඔබගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇසුරින් පිළිතුරක් ලබා දෙන්න.

Admin

ඔබගේ පැනය අප වෙත යොමු කිරිම පිළිබඳව අපගේ ස්තූතිය පළමුව ප්‍රකාශ කරමු. එවැනි කිසිදු යෝජනාවක් අප විසින් සිදු කර නැත. මෙය බොහෝ විට ජාතික ජනබලවේගයට එරෙහිව කටයුතු කරන්නන් විසින් සිදු කරන ව්‍යාජ කරුණු දැක්විමක් විය හැකිය. ස්තූතියි