Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Manoj Bibulewela

I want to get NPP, political policies, payority based activity plan and it's financing.

Admin

Thank you for your inquiry. You can download our Election Manifestos from our website https://www.npp.lk/en/policies . Please note that these were produced for 2020 General Election. However , the new version will be made available by the end of this year.

A.M.Jafarullah

1. If your party catched the rule, will you take action against the corrupted politician who were rule in past? 2. will you give solution for the people who lost their relations in past ethnic war? 3. Which kind of econmical system do you have to renu old the economia of this country. 4. Will you maka any agreement with TNA to divide the country or interact North and East? 5. Will you interacthe minor parties like SLMC.ACMC, TNA, BBS, Ravana thalaya as your rolling partners?

Admin

Thank you for your inquiry and here are the answers for your questions .

  1. Yes. All those who are accused of corruption charges will be brought before the law and recover all illgotten money and wealth. They will get due punishment from the court of law.
  2. Yes. We understand the trauma that people in the north , east, and even in the south are undergoing due to the conflict that prevailed. We will address their grievances and deliver appropriate redress.
  3. We believe in a production economy whereby every citizen is made a partner to the national development in some form or other .
  4. We will never be a party to the division of the country but will ensure every Sri Lankan has equal right and freedom.
  5. We will not form a government with any extremist party whether it is religious or otherwise . Thank you

W.A.D.R.Madushani

මන් අහන්නෙ 2023 1st shy ලමය්ට රජයේ පහසුවට තුන්වෙනි වාරයක් නැතිවම exam තියන්න යනවා එයාලගේ චක්‍ර ලේඛනයට අනුව 13 ලමයින්ට ,දෙසෙම්බර ,ජනවාරි ,පෙබරවාරි කියන මාස වලය් තුන්වෙනි වාරය ඉවර වෙන්නෙ එලෙවල් වල සයන්ස් කරන ලමය්ගේ සිලබස් කොච්චර ලොකුය්ද අනිත් කාරනය තමයි bio ලමයින්ගේ සිලබස් එකේ සමහර තැන් වෙනස් වෙනවා 2022 ලමයෙක් 3rd shy ලිවුවොත් ඒ ලමයා අර වෙනස් වුනු සේරම බලන්න ඔනී අලුතින් පොත් හොයන්න ඔනී එකත් අසාදරනයි ... රටේ මෙච්චර ප්‍ර්‍රශ්න තියන වෙලාවක සම්පත් පොත් වෙනස් කරලා 3rd shy ලමයින්ට මෙයාලා exam කල් නොදැම්මොත් අනිවාර්යයෙන් 3rd shy එකත් මාස 3ක් දේවි ඉලග අවුරුද්දත් මාස 3න් හැම ලමයෙක්ටම වැඩ කරන්න බැහැ සමහර 2nd ,3rd ලමයි jobs කරන ගමන් A/L කරන්නේ results එනකල් තීරණ ගන්න. 2023 exam ලියලා මොකක් හරි වෙලා 3rd කරන්න වුනොත් 2022 ලියපු අය 3rd කරන්නෙ 2024 නේ... කරන්න ඔනී exam වෙලාවට තියන්න ඔනින්ම් syllables එක ඉස්සරහට එන අවුරුදු වල අඩු කරන එක එතකොට කොහොමත් පුළුවන් ඔය කියන විදියට වාර විබාග 1ක් තියලා ශේප් වෙන්නයි.විබාග ටික නියමිත විදියට තියෙන්නයි.... රජය කියන දේවල් ප්‍රායෝගික නැනේ ලමයින් අසරණයි දෙමාපියන් අසරණයි මේ පිස්සු විකාර වැඩ නිසා මන් කියන්නෙ කල් දාන ගමන් අපේ ඉස්සර නංගීලා මල්ලිලාගේ ප්‍ර්‍රශ්නත් විසදන්න පුළුවන් නම් ගොඩක් හොදයි තාම 2025 ස්කෝල පටන් අරන් නැනේ ප්‍රායෝගික වැඩ පිලිවෙලක් ඔක්කෝටම ගැලපෙන නැත්නම් හැම අවුරුද්දකම exam කල් යවන එකයි.වාර විබාග 1ක් තියන එකයි ප්‍රායෝගික නැනේද?

Admin

මේ සටහන් කරලා තියෙන සියල්ලම නිවැරදි බව පිළිගන්නවා. මේකට හේතු වෙන්නේ රජයේ දුර්වලතාවයයි. රජයට බැරිවෙලා තියෙනවා සියළුම දරුවන්ගේ සම අධ්‍යාපන අවස්ථා පිළිගන්න වගේම ලබාදෙන්න. ඒ නිසා රජය කරන්නේ දරුවන් විභාග උගුල්වල සිර කිරීම. ඒ තුළින් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා අහිමි කිරීම. ලංකාවේ වසරකට තුන් ලක්ෂ පනස්දාහක (350,000) පමණ පිරිසක් උසස් පෙළ විභාගයට මුහුන දෙනවා. ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් (2022 වසරේ එම ගනන 166,000 ක්) විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබනවා. නමුත් රජයේ හා පෞද්ගලික සියලුම විශ්ව විද්‍යාලවල උපාධිය හෝ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉනුත් අඩකටත් වඩා අඩු ප්‍රමාණයකට. විභාග මෙපමණ අමාරු වෙන්නත්, ඒක වඩාත් තරඟකාරී වෙන්නත්, ඉන් සිසුන් වඩාත් පීඩාවට පත්වෙන්නත් ප්‍රධාන හේතුවක් තමයි ඒක.

කිසියම් සිසුවෙක් උසස් අධ්‍යාපනයට යොමුවිය යුත්තේ ඒ සඳහා විශේෂ අරමුණක්, කැපවීමක් සහිතව බව ජාතික ජනබලවේගයේ පිළිගැනීමයි. ඒ කියන්නේ වෙන කරන්න දෙයක් නැතිවට උසස් අධ්‍යාපනය වෙත යොමු වෙනවා වෙනුවට, ඒ සඳහා කැපවීමක් හා හැකියාවක් ඇති අය පමණක් යොමුවීම වඩාත් සුදුසු බව අපගේ පිළිගැනීමයි. ඒකට කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි අපේ නව ශ්‍රම බලකායට ආර්ථික අවස්ථා සුලබ කිරීම. ඒ සඳහා අප විසින් මෙහෙම වැඩ පිළිවෙලක් යෝජනා කරනවා. 

  1. අප රජයක් යටතේ වඩා වැඩි අවධානයක් ව්‍යවසායකයින් නිර්මාණය කරගන්න යොමු කරනවා. ව්‍යවසායකයෙක් නිර්මාණය කරන්න බැහැ. නිර්මාණය වන පසුබිමක් හදන එකයි කරන්න ඕන. අපි අධ්‍යාපනයෙන් ඒ සඳහා ප්‍රමුඛතාවක් ලබා දෙනවා.
  2. ජාතික ජනබලවේග පාලනයක් යටතේ ද්වීතීයික අධ්‍යාපනය තෙක් අධ්‍යාපනය Compulsory හෙවත් අනිවාර්යයෙන් කරන්නම ඕන. ඒක නීතිගත කරනවා. උල්ලංඝනය කළොත් නීතිමය පියවර ගන්නවා.
  3. ඊට පස්සේ තමන්ගේ දක්ෂතා තමන්ම හඳුනා ගන්නා පිරිසකට වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය වැනි අංශ කරා යොමුවෙන්න පුලුවන්. ඒ සඳහා තාක්ෂණ විද්‍යායතන, කාර්මික විද්‍යාල හා වෘත්තීය පුහුණු ආයතන වඩාත් විධිමත්ව හා සංඛ්‍යාත්මකව ඉහළ ගණනක් ස්ථාපනය කරනවා .
  4. ඊළඟට උසස් අධ්‍යාපනය. එහිදි රජය මෙන්ම පෞද්ගලික අංශයේද සහායෙන් විශ්ව විද්‍යාල ප්‍රමාණය වැඩි කරනවා. ඒ වගේම එහි විෂය මාලාවන් නව ලෝකයේ රැකියා වෙළඳපොලට අනුව සැකසී ඇති බවට රජය මඟින් නියාමනය කරනවා.
  5. ඉනුත් ඉහළට පැමිණෙන පිරිස් වෘත්තීයවේදීන්, පර්යේෂකයින්, විද්‍යාඥයින්, ගණිතඥයින් වැනි ක්ෂේත්‍ර කරා යොමු කරනවනවා. ඒ සඳහා පහසුකම් වැඩි කරනවා.

ජාතික ජනබලවේගය යටතේ අධ්‍යාපනය සකස් වන්නේ මෙන්න මේ විදිහේ රාමුවක් තුළ වන නිසා ඔබ විසින් උසස් පෙළ පිළිබඳව විමසීමේ දී මතු වූ තත්වයක් වැනි දෙයක් අප රජයක් යටතේ සිදුවන්නේ නෑ. කෙසේ වෙතත් මෙය කෙටිකාලීනව ඉටු කළ හැකි දෙයක් නොවන බවත් අවධාරණය කරනවා. සමහර ඉලක්ක මධ්‍යකාලීන වෙනවා. සමහර ඉලක්ක දිගුකාලීන වෙනවා.

කේ එල් ඩයන් ලක්ෂාන්

සෞඛ්‍ය දත්ත පද්ධති කිහිපයක් පැවතීම නිසා තොරතුරැ ඇතුළත් කිරීමේදී හා තොරතුරැ ලබාගැනීමෙදී අපහසුතා ඇතිවේ.

Admin

මධ්‍යකාලීන ප්‍රවේශයක් විදිහට ජාතික ජනබලවේගය මේ රටට රැගෙන එන්නේ සුහුරු පාලන තන්ත්‍රයක් (SMART Government/Governence) ඒ යටතේ දත්ත හා තොරතුරුවලට ඉතා වැදගත්තැනක් හිමිවෙනවා. ඒ වගේම රාජ්‍ය පරිපාලනයේ දී එක් විශාල දත්ත පද්ධතියක් මඟින් සියළු පරිපාලන කටයුතු මෙහෙයවන ක්‍රමවේදයක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් ඔයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඒ ඒ ආයතනවලට යෑම අවශ්‍ය නොවෙනවා විතරක් නෙවෙයි, ඔබ විසින්ම ලබා ගන්නා එවැනි තොරතුරුවල නීත්‍යාණුකූලව පිළිගැනීමද තහවුරු කරනවා.

කොහොම වුනත් රජයේ පරිපාලන කටයුතු පූර්ණ විදිහට ඩිජිටල්කරණය කිරීම වහාම කළ හැකි යැයි අප විශ්වාස කරන්නේ හෝ ඔබතුළ බලාපොරොත්තුවක් ඇති කරන්නේ නෑ. ඒ වුනත්, මෙතෙක් කාලයක් කළ හැකිව තිබියදී විවිධ හේතු නිසා පසුගිය රජයන් විසින් නොකළ මේ කාර්යයක් මධ්‍යකාලීන සැලසුමක් තුළ අවසන් කරන බවට අප ප්‍රතිඥා දෙනවා. අප රජයක් යටතේ මුල් කාලයේ දී වැඩි අවධානයක් මේ වැටී සිටින් තැනින් අප රට ශක්තිමත් ආර්ථික ස්ථාවරයකට ඔසවා තබන්න කැප කරන බව ඔබගේ අවධානයට යොමු කරවනවා.

Yosman Colina

උතුරු ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ එහි සහචරයින් අපට එරෙහිව ඇති යුද්ධයට අප මුහුණ දෙන අතරතුර ඔබගේ දේශපාලන සහ ආර්ථික සහයෝගය ලබා ගැනීමට අපට ප්‍රකාශ කළ හැක්කේ කෙසේද?

Admin

අප වැනි ආර්ථික වශයෙන් ශක්තිමත් නැති වගේම මහා බලවතෙක් නොවන රටකට ආරක්ෂිතව ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න නම් ශක්තිමත්, උපායශීලී හා නිර්මාණාත්මක රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් වගේම විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ජාතික ජනබලවේගයේ විදේශ ප්‍රතිපත්තිය වෙන්නේ නොබැඳි පිළිවතයි. ඒ ක්‍රමය යටතේ අපි ඇමරිකාව සමග උරණ නොවෙනවා විතරක් නොවෙයි ඔවුන් සමග යහපත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඇමරිකාව අධිරාජ්‍යවාදී ප්‍රවේශයකින් කටයුතු කළත්, ඔවුන්ගේ උපායමාර්ගික කරුණු එක්ක ගැටුමක් ඇති නොවෙන තාක්කල් ඔවුන්ට සිදුවෙනවා අප රටේ ස්වෛරීත්වය හා ස්වාධීනතාව පිළිගන්න. මේ සඳහා අපි අනුගමනය කරන්නේ සියලුම බලවත් පාර්ශවයන් සමග නොබැඳී කටයුතු කිරීමයි. අපි එහිදී ආසන්නයේම පිහිටි මහා බලවතෙක් වන ඉන්දියාව සමග සමීපව කටයුතු කරනවා. ඒ සමගම ඇමරිකාව, චීනය එංගලන්තය, යුරෝපා සංගමය වැනි බලවතුන් සමගද සහයෝගයෙන් කටයුතු කරනවා.