Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
Janaka premarathna

‍ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබාදෙන්න

Admin

ස්තුතියි ඔබගේ විමසීමට. මෙම link එකෙන් download කළ හැකියි. https://www.npp.lk/si/policies

 

Kalindu Wickramasinghe

Mr, Why there are not any meetings with the YOUTH as with the WOMEN. We are eagerly waiting to attend such meetings and to support you at our best. Thank you

Admin

Thank you for your interest. Hope you have not seen the promotion on the Youth rally in Matara on 17 March. Please join and have a novel experience. Regards

https://fb.watch/qHN9YQ_qIv/

ඩි පී ඩබ් ඒ ඒ එස් බී අබේසිංහ

ඔබලාගේ කඳවුර ඉලක්ක ගත කර ඇති ආර්තික වර්ධන ඉලක්ක කවරේද. 2028 වන විට ලංකාවේ ඒක පුද්ගල දළ දේශිය නිෂ්පාදන ඉලක්කය කොපමණ පමණ වේද

Admin

කාලීන වැදගත්කමක් ඇති මෙවැනි ගැටළුවක් යොමු කිරීම පිළිබඳව පළමුව අපගේ ස්තූතිය ඔබ වෙත පිළිගන්වමු.

ආර්ථික වර්ධනය සහ සංවර්ධනය යන සංකල්ප දෙකම රටක සමාජ ප්‍රගතියට සහ සුබසාධනයට බලපාන අඛණ්ඩ ක්‍රියාවලීන් වේ. කෙසේ වෙතත්, ඒවා සමාන සංකල්ප හෝ ක්‍රියාවළින් නොවේ. ආර්ථික වර්ධනය (Economic growth) යනු කිසියම් නිෂ්චිත කාල සීමාවක් තුළ ආර්ථිකයක් තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා පරිභෝජනයේ සිදු වන ඉහළ යාමයි. එය සාමාන්‍යයෙන් මනිනු ලබන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ (GDP Growth Rate) වර්ධනය මගිනි. මෙය සාමාන්‍යෙයන් රටක නිපදවන සියලුම භාණ්ඩ හා සේවාවල මුළු වටිනාකමේ වර්ධනය පිළිඹිඹු කරන්නකි.

ඔබ අසන මේ ආර්ථික වර්ධනය බොහෝ විට ජාතියක සෞභාග්‍යයේ ප්‍රධාන දර්ශකයක් (key indicator ) ලෙස සලකනු ලබන අතර ඉහළ ජීවන තත්ත්වයන්, රැකියා අවස්ථා ඉහළ නැංවීම සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වැනි විවිධ ධනාත්මක ප්‍රතිඵලවල ප්‍රක්ෂේපනයකි. මේ සඳහා ආයෝජන සහ නිෂ්පාදනය ඉහළ දැමීම, තාක්‍ෂණික දියුණුව උපරිමයෙන් යොදා ගැනීම, ආර්ථිකයේ කාර්යක්ෂමතාවය සහ ඵලදායිතාව වැඩි කිරීම, භෞතික හා මානව ප්‍රාග්ධනයේ ආයෝජනය වර්ධනය ඉතා වැදගත් වේ. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් අනුගමනය කරන්නේ මෙම තත්වයන් රට තුළ ඇති කිරීම ඉලක්ක කර ගත් ඊට හිතකර රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියකි.

ඒ අනුව දැනට සෘන අගයක පවතින ආර්ථික වෘද්ධිය ධනාත්මක තත්වයට පත් කිරීම අපගේ පළමු හා මූලික අරමුණයි. දෙවැන්න වන්නේ එම ආර්ථික වර්ධනය අඛණ්ඩව පවත්වා ගැනීම සහ ක්‍රමිකව ඉහළ දැමීමයි. මෙය වෙනත් ආකාරයකට පවසන්නේ නම් ආර්ථික වර්ධන අනුපාතය (GDP Growth Rate ) සෘන වල සිට ධන වලට රැගෙන ඒමත්, අඛණ්ඩව එය පවත්වා ගැනීම සහ වර්ධනය කිරීමයි. ඒ අනුව පළමු වසර 05 අවසන් වන විට ද.දේ.නි. වර්ධනය 5% දක්වා රැගෙන ඒමත් අනතුරුව එහි අඛන්ඩතාවය පවත්වා ගනිමින් 6% දක්වා වර්ධනය කර පවත්වා ගැනීමත් ජාතික ජන බලවේගයේ අරමුණයි.

මේ සඳහා ආයෝජන වර්ධනය, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඉහළ දැමීම, නව රැකියා උත්පාදනය සහ සමස්ථ ආර්ථිකයේ පරිභෝජනය ඉහළ දැමීම ඉලක්ක කර සකස් කර ඇති ජාතික ආර්ථික සංවර්ධන සැළැස්මක් ජාතික ජනබලවේගය දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත. ඒ සැළැස්ම හරහා ඉහත ආර්ථික වෘද්ධීය අත්පත් කර ගැනීම සහ තිරසර ලෙස එය පවත්වා ගැනීම අපගේ ඉලක්කයයි. එවැනි මට්ටමකින් ආර්ථික වෘද්ධිය පවත්වා ගෙන යෑම සමස්ත සමාජ සුබසාධනය සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට ඉඩ සලසන බව අපගේ විස්වාසයයි. එමෙන්ම තිරසාර ආර්ථික වර්ධනයක් (Sustainable Economic Growth) ඇති කිරීම සඳහා රට යොමු කිරීම මේ මොහොතේ යෝග්‍ය යැයි ද අපි විස්වාස කරමු.

අනෙක් අතට ආර්ථික වර්ධනය, ආර්ථික සංවර්ධනයට වඩා පටු සංකල්පයක් වන බව අපගේ පිළිගැනීමයි. ආර්ථික වර්ධනය දළ දේශීය නිෂ්පාදිතය යන තනි මානයක් කෙරෙහි අවධානය යොමු කරන්නකි. නමුත් ඊට පටහැනිව, ආර්ථික සංවර්ධනය යනු මිනිසුන්ගේ ආදායම් මෙන්ම ඔවුන්ගේ ගුණාත්මක ජීවන තත්ත්වය ඇතුළු සමාජයක බහුවිධ මානයන් කෙරෙහි අවධානය යොමු කරන පුළුල් සංකල්පයකි. ජාතික ජනබලවේගයේ අප ඇප කැප වන්නේ මෙම තිරසර ආර්ථික සංවර්ධන තත්වය රට තුළ ඇති කිරීමටය.

G W A M Darshana Withanage

පෞද්ගලික අංශයේ රැකියා කරන අය සදහා NPP රජයක් යටතේ කල හැකිදේ.

Admin

කාලීන වැදගත්කමක් ඇති මෙවැනි ගැටළුවක් යොමු කිරීම පිළිබඳව පළමුව අපගේ ස්තූතිය ඔබ වෙත පිළිගන්වමු.

ජාතික ජන බලවේගය යටතේ පිහිටුවන ආණ්ඩුවකදී රාජ්‍ය වුවද, පුද්ගලික වුවද වැඩකරන ජනතාව කෙරෙහී දක්වන්නේ සමාන ආකල්පයකි. ඊට හේතුව වන්නේ ජාතික සංවර්ධනයේ දී මේ කුමන ක්ෂේත්‍රයක කටයුතු කළ ද රටේ වැඩකරන ජනතාව ජාතික සංවර්ධනයේ දී ඉතාම තීරණාත්මක වැඩකොටසක් ඉටු කරන බව අපගේ විස්වාසයයි.

සමාජයක වෙසෙන සෑම පුරවැසියෙකුටම අවශ්‍ය සහ ප්‍රමාණවත් පරිදි ආහාර, ජලය, නිවාස, සෞඛ්‍ය හා පෝෂණය, අධ්‍යාපනය,බලශක්තිය, වෙනත් ගෘහහස්ථ අවශ්‍යතා මෙන්ම කලා සංස්කෘතික සහ විනෝදාස්වාදය ලැබීමට සහ බුක්තිවිඳීමට සහ ඒවා ප්‍රතිපෝෂණය කිරීමට ඇති අයිතිය යන පුළුල් මිනිස් අවශ්‍යතා අපි පිළිගනිමු. මෙම මුලික මිනිස් අවශ්‍යතා වෙත පහසුවෙන් අවතිර්ණ විමට ජනතාව සතු අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය කටයුතු කරනු ඇත. එමෙන්ම විශේෂ අවශ්‍යතාවයන් ඇති පුරවැසියන් සඳහා වන මූලික අවශ්‍යතා වෙත ප්‍රවේශ විමට ඇති අයිතිය ද අප පිළිගනිමු. මෙම තත්වය තවදුරටත් පුළුල් කරමින් පුරවැසියෙකුට රැකියාවක් සිදු කිරීමට ඇති අයිතිය මෙන්ම රාජ්‍ය ප්‍රතිපත්ති හා තින්දු තීරණ ගැනීමේ ක්‍රියාවළියට සම්බන්ධ වීමට ජනතාවට ඇති අයිතිය ද අපි පිළිගනිමු. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලික මිනිස් අවශ්‍යතා සංවර්ධනය පිළිබඳ මූලෝපය (UN's Basic Needs Development Strategy) සමඟ අප ද එකඟ වන අතර මෙම රාමුව තුළ ස්ථානගත වෙමින් වැඩ කරන ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම අපගේ ප්‍රතිපත්තියයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ හෝ වේවා රාජ්‍යය අංශයේ හෝ වේවා රැකියා කරන සියළු දෙනා වෙනුවෙන් ද මෙම මූලික මිනිස් අවශ්‍යතාවයන් සම්පාදනය සහ තහවුරු කිරීම සඳහා ප්‍රශස්ථ ලෙස මැදිහත් වීම අපගේ ප්‍රතිපත්තියයි. එබැවින් ඉහතින් දක්වන ලද මූලික මිනිස් අවශ්‍යතා වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ඇති වන පරිදි වැඩකරන ජනතාවගේ වැටුප් සහ වෘත්තීය සුභසාදනයන් ඇතුළු අනෙකුත් සියළුම අවශ්‍යතාවයන් සම්පාදනය වෙනුවෙන් අප ප්‍රමුඛතාවය ලබා දී කටයුතු කරනු ඇත.

Kaveesh Dayaratna

Dear sir/madam, How many and what are the cabinet ministries does NPP wants to have after they win a government ?

Admin

Thank you for your inquiry. There will be 20-25 cabinet ministers and a similar number of deputies. Regards