Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X
ජාතික ජන බලවේගය

ගැටළු සහ විසදුම්

ක්ෂේත්‍ර

ගැටලුව ඉදිරිපත් කරන්න

ගැටලුව විමසන්න
එම් පී රාජපක්ෂ

සහෝදරවරුනි, පක්ෂ සාමාජිකයන් නොවන, සාමාන්‍ය ජනයා විසින් පසුගිය අවූරුදු දෙක ඇතුලත යොමු කරන ලද ගැටලු සහ අදහස් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සම්පාදනය කිරීම සඳහා දායක වී ඇති ආකාරය දක්වන ලැයිස්තුවක් ඔබට ඉදිරිපත් කල හැකිද? එවැනි ලැයිස්තුවක් ප්‍රසිද්ධියේ පළ කිරීම ප්‍රගතිශීලී ජනතාව, විශේෂයෙන්ම විදෙස්‌ගත අය, දායක කර ගැනීමට උපකාර විය හැකි බව මගේ හැඟීමයි. ඔබ සැමගේ උත්තරීතර මෙහෙවරට මගේ ප්‍රණාමය!

Admin

ඔබ විසින් යොමු කර ඇති අදහස පිළිබද අපගේ ස්තූතිය. මේ පිළිබඳව අපගේ විශේෂ අවධානය යොමු කරන අතර ඉදිරියේදී ඒ සදහා වැඩ පිළිවෙළක් සකස් කරනු ඇත.

Thashini

පක්ෂයේ කර්මාන්ත සහ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි කිරීමක් කල හැකිද?

Admin

ජාතික ජනබලවේගය ආණ්ඩුවක් යටතේ රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගීමට කටයුතු කරන බව මේ වන විටත් අප විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ලෝකයේ ඕනෑම රටක ආර්ථිකයේ වැදගත්ම සාධකයක් වන්නේ ඒ රටේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තයි (MSMEs). මේ වන විට ලෝකයේ මෙවැනි MSMEs මිලියන 400 ක් පමණ තිබේ. අපේ රටේ දැනට මෙවැනි ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මිලියනයකට මදක් වැඩි ප්‍රමාණයක් ඇත. නමුත් මෙම කර්මාන්ත වළින් 50% ක්ම අවශ්‍ය ප්‍රශස්ත මට්ටමින් ක්‍රියාත්මක නොවේ (Fullest Potential) . ඒ සඳහා මූල්‍ය හා ප්‍රාග්ධණ හිනතාවයන් සහ තාක්ෂණය අවශෝෂණය කර ගැනිමේ දුබලතාවයන් හේතු වි තිබේ. මෙම කරුණු පිළිබදව අපගේ අවධානය යොමු වී ඇත. පවතින කර්මාන්ත ප්‍රශස්තකරණයට ලක් කිරිමත්, නව කර්මාන්ත ආරම්භ කිරීමත් අපගේ ප්‍රතිපත්තියයි. එසේම ජාත්‍යන්තර නව වෙළදපළවල් වෙත අවතීර්ණ විමද අපගේ ප්‍රධාන ඉලක්කයයි. අප විසින් පිහිටුවනු ලබන ඉදිරි ආණ්ඩුවකදී නිෂ්පාදනය ඉහළ දැමීමටත්, නව වෙළඳපල අත්පත් කර ගැනීමටත් කටයුතු කරනු ඇත. මේ පිළිබදව ඔබට වැඩි දුර තොරතුරු අවශ්‍යනම් අපගේ වෙබ් අඩවියට පිවිස ජාතික ජනබලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය පරිශිලනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

Prageeth bandara

වංචා දුෂණය පිටුදැකීමේ නවතම වැඩ සටහන් සඳහා පෙල ගැසිය යුතුය

Admin

ඔබ විසින් ඉදිරිපත් කර ඇති අදහස පිළිබඳව මේ වන විටත් අපගේ අවධානය යොමු කර ඇත. ශ්‍රී ලංකාව මුහුණ දි සිටින මේ අර්බුදයෙන් මුදවා ගැනිම සඳහා වංචා දූෂණ පිටු දැකීම අත්‍යාවශ්‍ය ප්‍රමුඛ කාර්යයක් සේ සළකා කටයුතු කිරීමට ප්‍රතිපත්තියක් ලෙස අප පිළිගෙන ඇත. නුදුරේදීම ජාතික ජනබලවේගය විසින් ගොඩ නගන ආණ්ඩුවක් යටතේ ඒ සදහා කටයුතු කරනු ඇත.

Keerthi

It has been brought to our notice that a conspiracy is going on now in Sri Lanka to assinate the npp leaders. please tighten the security of leaders, make the use of on line facility to address people, use zoom technology to address meetings. Sri Lanka is a country in which lot of political leaders have been assinated. Thanks.

Admin

Thank you for your message . We will take your advice seriously . Wish you a happy new year . Regards

Pubudu Kalpage

Why dont you organize a meeting in UAE?(Specially in Dubai)This is kind of a suggestion.

Admin

While thanking your message, we will forward your suggestion to the relevant team that organises overseas meetings .