-Colombo, November 16, 2023-
ගාසා තීරයේ වහාම සටන් විරාමයක් සඳහා පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලකරමින් ජාතික ජන බලවේගයේ කාන්තා නියෝජිතයින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට සහ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) අද ලිපියක් ඉදිරිපත් කරන ලදී.
ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව පලස්තීනයේ කාන්තා හා ළමා අයිතිවාසිකම් කඩවීම්වලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, සියලුම පාර්ශවකරුවන් සමඟ වහාම සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා ඇත.
ආචාර්ය හරිනි අමරසූරිය (පාර්ලිමේන්තු මන්ත්‍රී), සමන්මලී ගුණසිංහගේ (ජාතික ජන බලවේගයේ විධායක සභික), වෛද්‍ය ස්වස්තිකා සමරදිවාකර (ජාතික ජන බලවේගයේ සාමාජිකා) විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක රඝු මෙනන් වෙත අද මෙම ලිපිය කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාල පරිශ්‍රයේ දී පිළිගන්වන ලදී. තවද, කාන්තාවන් සහ ළමුන් සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති සුභසාධන කප්පාදු පියවරවල බලපෑම සහ කාන්තාවන් සහ ළමා සමාජ ආරක්ෂණය සඳහා අයවැය ප්‍රතිපාදන අඩු කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ-ආර්ථික හා දේශපාලන සන්දර්භය පිළිබඳ සාකච්ඡාවක් ද සිදු විය.