Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

UNICEF සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

-Colombo, October 20, 2023-

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (20) දින පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා UNICEF සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් (Christian Skoog) සහ දකුණු ආසියානු කලාප අධ්‍යක්ෂ සංජය වීරසේකර යන මහත්වරුද ජාතික ජනබලවේගය වෙනුවෙන් නායක අනුර කුමාර දිසානායක, ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික නීතිඥ හර්ෂණ නානායක්කාර යන සහෝදරවරුද සහභාගි වූහ.

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ළමුන්ට මුහුණපෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්වයන් සහ ඔවුන්ගේ පෝෂණ මට්ටම්වල ගැටලු පිළිබඳව දෙපාර්ශ්වය අතර දීර්ඝව සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම UNICEF සංවිධානය විසින් මෙරට දරුවන් වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එම සංවිධානය විසින් පැහැදිලි කරන ලැබීය.

මෙහිදී ශ්‍රී ලංකාවේ ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් ඉටු කරනු ලබන කාර්යභාරය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් UNICEF සංවිධානයට සතූතිය පළකරන ලදී.