Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

“මෙච්චර කල් ලංකාවේ තිබුණේ එක එක පවුල් බලාගන්න ආණ්ඩු. නමුත් අපි හදන්නේජනතාව බලාගන්න ආණ්ඩුවක්” -ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක-

(-ජාතික ජන බලවේගයේ විජයග්‍රාහී රැලිය – මිනුවන්ගොඩ – 2024.08.27-)

AKD On Stage At The Victory Rally Of Minuwangoda

ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක
මෙවර මාලිමාවට ජයග්‍රහණය අත්පත් කරදීමේදි ඔබට විශාල කාර්යභාරයක් පැවරෙනවා. මෙතනට රැස්වෙලා ඉන්න දහස් සංඛ්‍යාත ජනතාව කියාපාන්නේ මාලිමාවේ ජය ස්ථීර බවයි. හැබැයි අත්හරින්න එපා. සතුරා විශාල ලෙස කළබල වෙලා ඉන්නේ. එයාලා කවදාවත් හිතුවේ නැහැ මේ වගේ තර්ජනයක් කවදාවත් එයි කියලා. ජනතාවත් කාලාන්තරයක් තිස්සේ ඒ පැත්තෙන් මේ පැත්තට ඡන්දෙ දීලා බලය මාරු කළා. ජනතාව ආණ්ඩු මාරු කරන කොට උඩ ඉන්න කට්ටිය පැත්ත මාරු කරනවා. බලනකොට හිටපු ආණ්ඩුවමයි. අද ලංකා ඉතිහාසයේ දේශපාලන සිතියම මුළුමනින්ම වෙනස් වෙලා. ජාතික ජන බලවේගයට ජයග්‍රහණය ලබාගත හැකි තැනකට ඇවිල්ලා. ඒගොල්ලොත් ලේසියෙන් අත්හරින්නේ නැහැ. අවලාද, අසත්‍ය තොරතුරු, විකෘති කරන ලද තොරතුරු තොග ගණන් පැළකරන්න පටන් ගනීවි. ඒ කිසිවකටත් හසුනොවී නොසැලී ජයග්‍රහණය තෙක් අත්හරින්නේ නැතිව වැඩ කරමු. පළමුව ආණ්ඩුව හදමු. ඊට පස්සේ හැමෝම එකතු වෙලා රට හදන්න පටන් ගමු. රට හදන්න ඡන්දය නොදුන්, වෙනත් පක්ෂයකට වැඩ කරන, හැමෝම එකතු කර ගන්න ඕනෑ. ජයග්‍රහණයෙන් පස්සේ ගමේ ඉන්න කිසිදු පාක්ෂිකයෙකුට නිය තුඩකින්වත් හානියක් වෙන්න ඉඩ දෙන්න එපා. අපි එන්නේ පළිගන්න නොවෙයි, රට හදන්න.

1977 ෙජ්.ආර්. ජයවර්ධන ජයග්‍රහණයෙන් පස්සේ පොලීසිවලට දවස් හතක් නිවාඩු දුන්නා. විරුද්ධ පාක්ෂිකයන්ට ඇති තරම් ගහන්න. දැන් රනිල් පස්සේ ගියාට රණතුංගලාටත් ගැහුවා. ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ගන්නේ කිසිවෙකුට හානියක් කරන්න නොවෙයි. හැබැයි වංචා කරලා, සොරකම් කරලා, මහජනයාගේ දේපළ සොරකම් කරලා තිඛෙනවා නම්, තිඛෙන නීතිමය ව්‍යුහයන් ඇතුළේ පරීක්ෂණ කරලා දඩුවම් ලබාදෙන එකත් අනිවාර්යයෙන් කරනවා. ඒක පළි ගැනීම නොවෙයි, ඒක යුක්තිය. සාධාරණත්වය. වංචනිකයන්ට දඩුවම් දුන් පමණින් රට ගොඩනඟන්න බැහැ. වංචා, දූෂණ නතර නොකොට රට ගොඩනඟන්න හිතන්නවත් බැහැ. ඊළඟට අපට තිඛෙනවා රට ගොඩනඟන්න. අපේ රටේ සම්පත්, පිහිටීම උපයෝගී කර ගන්න ඕනෑ රට සංවර්ධනය කරන්න.

People At The Victory Rally Of Minuwangoda

ඕනෑම රටක සංවර්ධන මාවත තීරණය කරන්නේ ඒ රටේ පිහිටීම, ස්වභාවික සම්පත් හා මානව සම්පත්වල ස්වභාවය, ඒ අවස්ථාවල තිඛෙන විදෙස් සබඳතා, රට ගොඩනැගුණු ශිෂ්ටාචාරය කුමක්ද යන්න මතයි. සිංගප්පූරුවේ සංවර්ධන මාවත වුණේ ඒ රටේ පිහිටීම. විශාල නැව් ගමනා ගමනය සිදුවෙන ආසන්නයේ සිංගප්පූරුව පිහිටා තිඛෙනවා. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සකස් කොට තිඛෙනවා අපේ රට ගොඩනැගීම සඳහා අපට තිඛෙන ආර්ථීක මාවත මොකක්ද කියලා. අපේ ස්වභාවික සම්පත මත අපට තිඛෙනවා ආර්ථීකයක්. රත්නපුර, ඔක්කම්පිටිය, ඇලහැර ප්‍රදේශවල විශාල මැණික් සම්පතක් තිඛෙනවා. අපේ ආර්ථීකය ගොඩනැගීමේදී මැණික් කර්මාන්තය යොදා ගත හැකිව තිඛෙනවා. එම කර්මාන්තයේ බදු ප්‍රතිසංස්කරණය කොට, මැණික් වෙළඳ කලාපයක් ඇති කිරීම වැනි සැලසුම් මත අපට මැණික් කර්මාන්තයේ ආර්ථීයක් ගොඩනගා ගත හැකිව තිඛෙනවා. අවුරුදු 700කට ප්‍රමාණවත් පොස්පේට් නිධියක් එප්පාවල තිඛෙනවා. අපි අමු පස් පිටරට පටවනවා වෙනුවට එහි කර්මාන්තයක් ඇති කරලා, ඒ කර්මාන්තයේ නිෂ්පාදනය කරන භාණ්ඩ අපනයනය කිරීමේ ආණ්ඩුවක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. එතන ආර්ථීකයක් අපට තිඛෙනවා. පුල්මුඩේ ඛණිජ වැලි අපේ ස්වභාවික සම්පතක්. දශක ගණනාවක් ගෙවුණා, අපට නියමිත නිස්සාරණ කි්‍රයාවලියක් නැහැ. අපි අමු වැලි පටවනවා. එතනට දියුණු නිස්සාරණ කර්මාන්ත ශාලාවක් ඇති කරලා, මිල අධික ඛණිජ නිෂ්පාදනය කරලා, ලෝක වෙළඳපොළට යවලා එතන ආර්ථීකයක් හදනවා. වැඩිම කාබන් තිඛෙන මිනිරන් සම්පත අපට තිඛෙනවා. සියවසකට වැඩි කාලයක් අපි අමු මිනිරන් කුට්ටි ලෙස පිටරට පටවනවා. අපි එතනට ගේනවා කර්මාන්තයක්. අපේ ස්වභාවික සම්පත් මත අපි කර්මාන්ත පද්ධතියක් ඇති කරනවා. අපට ඉතා හොඳ කර්මාන්තයකට විභවතාවක් තිඛෙනවා. අපේ සංචාරක කර්මාන්ත සැලැස්ම අපි 26 දා ඉදිරිපත් කළා. 2030 වෙනකොට ලක්ෂ 40ක සංචාරකයන් ගේන්න සැලසුම හදා තිඛෙනවා. ඩොලර් බිලියන 08ත් 09ත් අතර ආර්ථීයක් ගේන්න පුළුවන්. සංචාරක කර්මාන්තය සඳහා නව වියදම් සඳහා අවශ්‍ය අවස්ථා තිඛෙන, කර්මාන්ත පද්ධතියක් ඇති කිරීමට සැලසුම්කර තිඛෙනවා.

අපට බල ශක්තියේ විශාල විභවතාවක් තිඛෙන බව සමීක්ෂණ වාර්තාවලින් හෙළිදරව් වෙලා තිඛෙනවා, 2023 වෙන විට පොසිල ඉන්ධන සඳහා තිඛෙන ඉල්ලූම අඩුවෙන්න පටන් ගන්නවා. ලෝකය පුරෝකථනය කර තිඛෙනවා 2050 වන විට ලෝකයේ බලශක්තියෙන් 65%-85%ක් තිඛෙන්නේ පුනර්ජනනීය බල ශක්තිය. වින් පවර්, (සුළං බලය) සූර්ය බලය, ජල විදුලි බලය මේ ආදී ක්ෂෙත්‍ර හරහා 65%ක් 2050 වන විට විදුලිය නිෂ්පාදනය වෙනවා. මැදපෙරදිග වර්ධනය වෙන්න මුළුමනින්ම හේතු වුණේ ඔවුන් සතුව තිබූ ඛනිජ තෙල් සම්පත. ඒකේ ඉල්ලූම 2023 සිට අඩාල වෙන්න පටන් ගන්නවා. ගිගාවොට් 40කට වඩා වැඩි ධාරිතාවක සුළං බලයේ විභවතාවක් තිඛෙනවා. අපට 2040 වෙනකොට අවශ්‍ය වෙන්නේ මුළු විදුලි බලාගාර පද්ධතියේ සමස්ත ධාරිතාව ගිගාවොට් 08යි. එතනට අපි ආයෝජනය කැඳවනවා. එතන අපිට ආර්ථීකයක් තිඛෙනවා. අපි කොහොමද විදුලිය අපනයනය කරන්නේ. විදුලිය අපනයනය සඳහා රැහැන් පද්ධතියක අවශ්‍යතාව තිඛෙනවා. අපිට එතන ආර්ථීකයක් ගොඩනැගෙනවා. රට වටා මුහුදේ දැවැන්ත මාළු සම්පතක් තිඛෙනවා. චන්ද්‍රිකා තාක්ෂණය හරහා මුහුදේ මාළු ගැවසෙන තැන් සොයා ගන්න පුළුවන්කම තිඛෙනවා. අපේ ධීවරයාට ඒ පහසුකම නැහැ. අපි අලූත් තාක්ෂණය එකතු කරන්න ඕනෑ. ජපානය වැනි රටවල්වල මුහුදේ මාළු ඇතිවීම සඳහා අවශ්‍ය පරිසර පද්ධති හදනවා. ඒ සීමාවන්වල මාළු වැඩියෙන් බෝවෙන්න පටන් ගන්නවා. අපි අද ඒවා හිතන්නේ වත් නැහැ. අපි මාළු සම්පත වර්ධනය කර ගැනීමටත්, නෙලා ගැනීමේ පහසුකම් හැදුවොත් අපිට ආර්ථීකයේ වර්ධනයක් ඇතිකර ගන්න පුළුවන්.

The Victory Rally Of Minuwangoda Crowd

ඒ වගේම අයි.ටී. කර්මාන්තයේ ලොකු විභවතාවක් තිඛෙනවා. බොහෝ නිෂ්පාදනවල වටිනාකම තිඛෙන්නේ එහි තිඛෙන අමුද්‍රව්‍යවල. හැබැයි ලෝකයේ අයි.ටී. කර්මාන්තයේ වටිනාකම තිඛෙන්නේ දැනුම මත. ඌබර් සමාගම තමන්ට අයිති එක වාහනයක් වත් ලෝකයේ දුවන්නේ නැහැ. එයාලා මෘදුකාංග පද්ධතියක් හැදුවා. ඒ පද්ධතියෙන් ලක්ෂ ගණනක වාහන ලෝකයේ දුවනවා. ඒ දුවන හැම වාහනයකින්ම 25%ක් ඌබර් එකට එනවා. ඒ දැනුම සහ නිර්මාණශීලිත්වයෙන්. ලෝකයේ ආර්ථීකය තිඛෙන්නේ වෙනත් තැනක. මාර්කට් එකේ තිඛෙන ඇපල් ෆෝන් එක විකිණීමෙන් 54%ක් යන්නේ ඒ නිර්මාණශීලිත්වයට. එකලස් කරන එකට නොවෙයි, අමුද්‍රව්‍යවලට නොවෙයි. ඒ ඔක්කෝම හැදෙන්නේ අයි.ටී. කර්මාන්තය ඇතුලේ. අපිට ලොකු විභවතාවක් තිඛෙනවා. දැනුම තිඛෙන, ඥානය තිඛෙන තරුණ පරම්පරාවක් අපි හදනවා. අපි සැලසුම්කර තිඛෙනවා. 2023 වෙන කොට අලූතින් මෘදුකාංග ඉංජිනේරුවන් ලංකාවේ ලක්ෂ දෙකක් හදනවා. ඔවුන් විවිධ සමාගම්වල, හෝ තනියම වැඩ කරයි. අලූත් දේ නිෂ්පාදනය කරයි. අලූත් දේ සොයා ගනියි. අවශ්‍යතාවය තිඛෙන්නේ නිර්මාණශීලිත්වයයි. ඒ පැත්ත ආර්ථීකයට පණ දෙන විශාල පැත්තක් බවට පරිවර්තනය කර ගන්නවා.

අපි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ පොඩි මාර්කට් එකකට. අපේ කර්මාන්තකරුවා, ව්‍යවසායකයා ලංකාවෙන් එළියට ගෙනියන්න සහාය දෙන්න සැලැස්මක් අපි හදනවා. අපි්‍රකානු කලාපයේ අලූත් වෙළඳපොළක් වේගයෙන් ඇතිවෙමින් තිඛෙනවා. ඒ රටවල්වල ඉතා ඉක්මනින් වෙළඳ තානාපති කාර්යාල ඇති කරනවා. ඒ රටවල්වලට ලබාදෙන්න පුළුවන් සේවාවන් මොනවාද? අලෙවි කරන්න පුළුවන් භාණ්ඩ මොනවාද කියලා හොයලා අපි කර්මාන්තකරුවන්ට නිෂ්පාදන අවස්ථාවන් ලබාදෙනවා. රට පොහොසත් වෙන්න නම්, කර්මාන්තකරුවා කර්මාන්ත, හෝටල්කරුවා හෝටල් දාන්න ඕනෑ. කොන්ත්‍රාත්කරුවා එළියට ගිහින් කොන්ත්‍රාත් ගන්න ඕනෑ. අපේ රටේ තිඛෙන සම්පත් මත ආර්ථීක අවස්ථා හදන්න ඕනෑ. කර්මාන්තකරුවාට, ව්‍යවසායකයාට සහාය දීලා ආර්ථීකය උඩට ගේනවා. එයා ආර්ථීකය හැදුවාම එයා ආදායමක් ලබනවා. ඒ ආදායමෙන් සාධාරණ පංගුවක් බදු ලෙස ලැඛෙනවා. එළියේ ආර්ථීකය වර්ධනය වුණොත් භාණ්ඩාගාරයට සල්ලි එනවා. ඒ සල්ලි අධ්‍යාපනයට යොදවනවා. අධ්‍යාපනයෙන් හොඳ කළමනාකරණ හැකියාව තිඛෙන මැනේජර් කෙනෙක් හදනවා. එයා කර්මාන්ත ශාලාවට යනවා. කර්මාන්ත ශාලාව දියුණු වෙනවා. ආදායම වැඩි වෙනවා. අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රවාහනයට ඒ ආදායම යොදවනවා. චක්‍රයක් ලෙස මේ කි්‍රයාවලිය තුළ අවුරුදු කීපයක් යනකොට අපේ රට පොහොසත් රටක් බවට පත්කර ගත හැකියි.

AKD Vijitha Herath And Others On Stage At The Victory Rally Of Minuwangoda

අපි පැහැදිලිව ව්‍යාපාරිකයාට අවශ්‍ය ආර්ථීක ප්‍රජාතන්ත්‍රවාදය දෙන්නම්. දැන් ව්‍යාපාරිකයාට ඉඩමක් ගන්න ඕන වුණොත් ඇමතිට පගාව දෙන්න ඕනෑ. ඇමති හිතනවා මේ පගාව එයාගේ අයිතියක් ලෙස. පගාව දෙන කෙනත් හිතනවා එය යුතුකමක් ලෙස. කර්මාන්තයකට ඉඩම ලබාදීම ආණ්ඩුවේ වැඩක්. අපි සැලැස්මක් හදනවා. ව්‍යාපාරිකයාට, කර්මාන්තකරුවාට අවශ්‍ය ඉඩම දෙන්නම්, අපට ඇල්වතුර වීදුරුවක් වත් එපා. ආර්ථීකය හදන්න ඕනෙ එහෙම. ආර්ථීකය හැදුනාම ඒකෙ මුදල් ආණ්ඩුවට ගලාගෙන එනවා. ආණ්ඩුව සේවාවන් වර්ධනය කරනවා. ජීවත් වෙන්න බැරි අයට ආධාර මුදලක් ලබාදෙනවා. ආබාධිත දරුවෙක් පවුලක ඉන්නවා නම්, එයාව රැකබලා ගන්න ඕනෑ. යුරෝපයේ සමහර රටවල්වල ආබාධිත දරුවෙක් පවුලක ඉන්නවා නම් අම්මට වැටුපක් ගෙවනවා. සමහර රටවල්වල ඉගෙන ගෙන, සුදුසු වයස ඇවිත් තිඛෙන දරුවන්ට රස්සාවක් සොයා ගන්නකම් දීමනාවක් දෙනවා. ලෝකයේ රටවල් මිනිස්සු බලා ගන්නවා. තමන් කරමින් සිටින රැකියාව අහිමි වුණොත් ආණ්ඩුවෙන් මුදලක් ගෙවනවා. අපි ආණ්ඩු හදලා තිඛෙන්නේ ඒගොල්ලන්ගේ පවුල් බලාගන්න. යාළුවෝ බලා ගන්න. ලංකාවේ පළමුවැනි වතාවට ආණ්ඩුවක් හදමු ජනතාව බලා ගන්නා, රට පොහොසත් කරන ආණ්ඩුවක්.
ජනතාවගේ කුකුසක් තිඛෙනවා, මොනවා වුණත් රනිල් වික්‍රමසිංහ අන්තිම වෙලාවේ මොකක් හරි ගැටයක් ගහයිද කියලා. එයාට මොන ගැටයක්වත් ගහන්න බැහැ. රාජ්‍ය සේවයේ බහුතරයක් ඉන්නේ ජාතික ජන බලවේගයට සහාය දෙමින්. පොලීසියේ බහුතරයක් ජාතික ජන බලවේගයට සහාය දෙමින් ඉන්නේ. අපේ පොලීසිය ඔවුන්ගේ රාජකාරියක් ලෙස විතරක් නොවෙයි, ඔවුන් අපට ආරක්ෂාව ඇෙඟන්ම දෙනවා. පොලීසියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, හමුදාවේ හිටපු වැදගත් විශ්‍රාමික නිලධාරීන් අද ඉන්නේ ජාතික ජන බලවේගයත් එක්ක. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා ගහපු ගැට ආයෙමත් මේ ටේ ගහන්න හම්බ වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොඩනැගෙන එක කිසිවෙකුටත් වළක් වන්න බැහැ.

අපි ශක්තිමත් ආණ්ඩුවක් හදමු. අත් නොහැර ආණ්ඩුවක් හදමු. ඉතිරි දින කිහිපයත් වැඩකරමු. මහන්සි වෙමු. මිනුවන්ගොඩ ආසනයෙන් ශක්තිමත් ජනවරමක් අරන් දෙන්න මැදිහත් වෙන්න.

Vijitha Herath At The Victory Rally Of Minuwangoda

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්

ලංකාවේත් ලෝකයේත් වෙසෙන සියළු දෙනා දන්නවා අනුර කුමාර දිසානායක සහෝදරයා දැනටමත් මේ ජනාධිපතිවරණය දිනල ඉවරයි කියලා. දැන් තියෙන්නේ අපේ ජය විජයග්‍රහණයක් කරන්නයි. මේ ආසනයේ වැඩිම ඡන්ද අරගෙන පාර්ලිමේන්තුවට ගිය ප්‍රසන්න රණතුංග අද රනිල්ගේ ඔඩොක්කුවේ. මහ බැංකුව කොල්ලකාපු එකා රට වට්ටපු එකා කියල තමයි එදා ප්‍රසන්නලා රනිල්ට බැන බැන ඡන්ද එකතු කළේ. දැන් රනිල්ගේ දෙපතුල් ලෙවකනව. ලැජ්ජයි නේද?

අනෙක්කෙනා දිස්ති්‍රක්යේ වැඩිම මනාප ගත්ත කෙනා. ගොඨාභයගෙ හිතවතා, උගතා. වියතා කියල කිව්ව නාලක ගොඩහේවා දැන් සජිත්ගේ ඔඩොක්කුවේ. ලැජ්ජාවක් නැද්ද? ලැජ්ජ නෙමෙයි අප්‍රසන්නයි. යු.එන්.පීය දෙකට ඛෙදුනා. රනිල් පිල හා සජිත් පිල කියල. ඒ පලූදෙකේ දෙපැත්තේ වැලේ වැල් නැති එවුන් එක එකා ගිහිල්ල එල්ලෙනවා.

එදා මේ මිනුවන්ගොඩ ආසනයෙන් ඡන්ද 65,000ක් පොහොට්ටුව ගත්තා. ආසනයේ ඡන්ද එක්ලක්ෂ විසිහතර දාහක් තිඛෙනවා. එයින් සියයට 80ක්ම මෙදා සැරේ අපේ අනුර සහෝදරයාට ලැඛෙනවා නියතයි. මුළු ගම්පහ දිස්ති්‍රක්කයෙන්ම වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ජාතික ජන බලවේගය දිනනවා. ඒක ඉර හඳවගෙ විශ්වාසයි. කවුරු කොයිපැත්තට පැන්නත් ජනතාව ඒ ගොල්ලන් එක්ක නෑ. ජනතාව ඉන්නේ අපි සමගයි. ලබන 21 වෙනිදාට අපි ඒක ඔප්පුකරල පෙන්වනවා. මිනුවන්ගොඩ වගේම මුළු රටේම ජනතාව අද ඉන්නේ මේ රට ගොඩනගන ජාතික ජන බලවේගය පැත්තේ. ඇලිස්පිටිය පිරී ඉතිරී ගිය බව අද කියාපාන්නේ ඒකමයි.

අද රටේ පොලිස්පතිවරයෙක් නෑ. ඒ කියන්නේ රටේ ජනතාවගේ නීතිය සාමය රකින්න ඉන්න ප්‍රධානියාගේ පුටුව හිස්. මේක හරි භයානක තත්වයක්. රටේ සමස්ත ජනතාවගේම ජීවිත අනතුරේ. ජනාධිපති මැති ඇමතිල රකින්න ඕනතරම් පොලිසිය ඉන්නවා. ජනතාව ආරක්ෂා කරන්න කවුරුත් නෑ. අද මෙහේ ඉන්න අර ජනාධිපතිගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක රකින්න පොලිසිය සහ වාහන ඉස්සරහින් පස්සෙන් යනවා. කොච්චර ජනතා මුදලක් වැය වෙනවාද? සාගල රත්නායක රකින්නත් එහෙමයි. මේ හාදයෝ එහෙම රකින්න ඕන කට්ටියද? මොකද තියෙන තර්ජන?

Crowd At The Victory Rally Of Minuwangoda

අපි මේ රටේ ජනතාවට සහතික කරල කියනව සැප්. 23 වෙනිද වෙනකොට සාගල, ගොඩහේව, ප්‍රසන්න ඇතුළු නඩයට මහජන මුදල් කාබාසිනියා කරමින් ප්‍රභූ ආරක්ෂක වළලූ වලින් වටවී ඔබලා මෙතෙක් කල් ගෙනගිය ඔය ජඩ දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කරනවා. ජනතාවගෙන් පිදුම් ලබමින් සිටින මේ හොරුන්ගේ දේශපාලන සංස්කෘතිය අපි සහමුලින්ම වෙනස් කරනවා.

සජිත්ගේ අම්ම නඩත්තුවෙන්නේ කාගෙ මුදලින්ද? ජනතා මුදලින්. ඒ මුදල් වලින් එයාට මදුරු කොයිල් එක පවා අරන්දෙන්න වෙලා. ජනාධිපති කාර්යාලයට ලියුමක් යවනවා මදුරු කොයිල්, පෑන් පැන්සල් පවා ඉල්ලලා. දැන් සජිත් ප්‍රේමදාස රටවටේ යනව සුහුරු පංති හද හද. අපි කියනව ඔය ගමන්ම ඔයාගේ අම්මට පුළුවන්නම් සුහුරු ඛෙඩ්රූම් එකක් හදල දෙන්න කියලා.

අරගලයෙන් පැන්නූ ගොඨාභය රාජපක්ෂ දැන් ජීවත්වෙන්නේ කාගේ මුදල් වලින්ද? තමුන්නාන්සේලාගේ බදු මුදල් වලින්. ඉන්න නිවාසය පවා එහෙමයි. මාසික වැටුප රු. 97,500යයි. මාසික දීමනාව රු.100,000යයි. මාසෙට ප්‍රවාහන දීමනාව දෙනව රුපියල් හත්ලක්ෂ හාරදහසක්. දැන් එයාට රාජකාරියක් තිඛෙනවාද? කරන්න නෑ. මේ ඔක්කොම තමුන්නාන්සේලාගේ බදු මුදල්. මේවා නවත්වන්න ඕනද? නැද්ද? අපේ පාලනයක් යටතේ වහාම මේ මහජන මුදල් කාබාසිනියා කරන එක නවත්වනවා. මේව නතර කරන කොට රටට පහසුවෙන්ම සල්ලි එනව. අපි මේ කිව්වෙ එකයි. දෙකයි. ඒ ටිකම ඇති තත්වය තේරුම් ගන්න. හොරකමයි, නාස්තියයි නවත්තපුගමන් ආර්ථීකයට විශාල මුදලක් එකතු වෙනවා.

රටේ නිෂ්පාදනය කඩා වට්ටල ඇල්පෙනෙත්තේ ඉඳන් චීනයෙන්, ඉන්දියාවෙන් ගේන්නේ. මාලිමා ආණ්ඩුව ආ පසු කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන සැලසුම් හරහා අපේ රටේ නිෂ්පාදන ආර්ථීකය ක්‍රමානුකූලව ශක්තිමත් කරනවා. කාර්මීකරණය මත පදනම්වූ නිෂ්පාදන ආර්ථීකයක් අපි ගොඩනගනවා. එහෙම වෙනකෙට රට ටිකෙන් ටික සංවර්ධනය කරා යනවා. රට පොහොසත් වෙනවා. රටේ මිනිස්සුන්ගේ ජීවිතත් ලස්සන වෙනවා.