(-කළුතර ජයග්‍රාහී රැලිය – 2024.10.27-)
ජනාධිපති මැතිවරණයේදී අපට එරෙහිව එල්ල කරන ලද බොරු චෝදනා, අසත්‍යයන් ප්‍රචාරය නිසා ජනතාව දෙගිඩියාවකින් සිටියා. මාලිමාව ජයග්‍රහණය කරලා අද වනවිට මාසෙකට වඩා කෙටි කාලයක් ගත වෙලා. අපට එරෙහිව නගන ලද චෝදනා, සියල්ල අසත්‍ය බවට තහවුරු වෙලා තිබෙනවා. අද ඒ අයට කියන්න දෙයක් ඉතිරිවී නැහැ. විරුද්ධ පාර්ශ්වයන් වේදිකාවල හඬ නගනවා පුරුදු අය පාර්ලිමේන්තුවට එවන්න කියලා. හොරා කෑම පුරුදු, නීති විරෝධී වැඩකරලා පුරුදු, පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගෙනාපු, පිහි අරගෙන ආපු, අසභ්‍ය වදන කතා කරන, වැරදි තීරණවලට අත එසවීමේ හොඳ පුරුද්දක් තියෙන, මහජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කිරීමට පළපුරුද්ද තියෙන, කාර් පර්මිට්, බාර් පර්මිට් ගැනීමේ පුරුදු තිබෙන අය තමයි මේ නැවතත් එවන්න කියන්නේ. අපි කියන්නේ මේ සැරේ පාර්ලිමේන්තුව අලුත් අයගෙන් පුරවන්න ඕනෑ කියලා. මෙතන ඉන්න අය පාර්ලිමේන්තුවට අලුත් වුණාට දේශපාලනයට අලුත් අය නොවෙයි. රට විපතට පත් ඕනෑම මොහොතක රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දේශපාලනය කරපු අය. කෝටි ගණන් දේපොළ සොරකම් කරන කොට, රටේ සම්පත් විකිණීමට එරෙහිව කටයුතු කරපු, ගං වතුරකදී, සුනාමි විපතකදී, ජනතාව ව්‍යසනයකට මුහුණ දෙන අවස්ථාවකදී ජනතාව වෙනුවෙන් යමක් කිරීමට මැදිහත් වූ අය. ඒ නිසා පාර්ලිමේන්තුව පුරවන්න ඕනෑ ජනතාව වෙනුවෙන් පෙනී සිටි, දේශපාලනය පිළිබඳ පළපුරුදු අලුත් අයගෙන්.
මේ රටේ දේශපාලනය යහපත් දේශපාලනයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. අපේ රටේ දේශපාලනය කියන්නේ බිස්නස් එකක්. ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගොස් ඒ මන්ත්‍රී බලය උපයෝගී කරගෙන ධනය උපයනවා. ඉඩකඩම්, කොළඹින් ගෙවල් හතරක් පහක්, මිලදී ගන්නවා. දේශපාලනය එයාලට මුදල් ඉපයීමේ මාර්ගයක්. ජාතික ජන බලවේගයට දේශපාලනය යනු මහජන සේවයක්. බිස්නස් එකක් වී තිබෙන දේශපාලනය අපි මහජන සේවයක් බවට පරිවර්තනය කරනවා. එයාලගේ දේශපාලනයේදී යම් යම් ව්‍යාපෘති තෝරා ගන්නේ රටට කොතරම් වැදගත්ද යන්න සොයා බලා නොවෙයි, තමන්ට කොතරම් කොමිස් මුදලක් ලැබෙනවාද යන එකඟතාවය මත තමයි ව්‍යාපෘති තොරාගන්නේ. මේ නිසාම අපේ රටට පිරිසිදු ආයෝජකයන් එන්නේ නැහැ. අපි මේවා වෙනස් කරනවා.
දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්න සෞඛ්‍ය ඇමති ආදායම් උපයන්න බෙහෙත්වලින් සොරකම් කරනවා. ධීවර ඇමති චීනෙන්, ජපානෙන් අල්ලන මාළු ලංකාවට ගොඩදාන්න අවසර දෙනවා. ගාණකුත් ගන්නවා. තමන්ට ලැබෙන මුදලේ වාසිය බලාගෙන බාල පොහොර ගෙන්වනවා. ඉන්ධන සාධාරණ මිලට ගන්නවා වෙනුවට වැඩි මිලට ගන්නවා. හොඳ විදුලි බලාගාර ගලවාගෙන යනවා. අලුතින් හදන්නේ නැහැ. අහිතකර ගිවිසුම්වලට අත්සන් කරනවා. දේශපාලනය ව්‍යාපාරයක් කර ගන්නා විට රටේ සියලුම ජනතාව විවිධ ක්ෂේත්‍රයකින්ම පීඩාවට පත්වෙනවා. මේ තත්වය අවසන් කරන්න නම්, මේ දේශපාලන බිස්නස් එක මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරන්න ඕනෑ. ජාතික ජන බලවේගය අපි මුල පුරා තිබෙන්නේ ඒකට. මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද අඩු වෙන්න ඕනෑ. ඔවුන් දරන වැය බර අඩු කරන්න ඕනෑ. ජනාධිපතිවරයා වෙනුවෙන් දරන වැය බර අඩුකරන්න ඕනෑ. හිටපු ජනාධිපතිවරු වෙනුවෙන් දරන වැය බර මුළුමනින්ම අඩුකරන්න ඕනෑ. සමහර වරප්‍රසාද චක්‍ර ලේඛනවලින්ද, සමහර වරප්‍රසාද පනත්වලින්ද, සමහර වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන්ද ලබාදී තිබෙනවා. ඒ සියල්ල ඉවත් කිරීම සඳහා කළ යුතු වෙනස් කිරීම් කරන්නේ කොහොමද කියලා සොයා බලන්න අපි කමිටුවක් පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සියල්ල නතර කරනවා. ඒවා විශාල වියදම්. වාහන එකසිය හැට ගානක්, ගෙදර අයටත් වැඩියෙන් කෝකියන් ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒ ගොල්ලන් දේශපාලනය කළා, ජනාධිපති වුණා, ඒ නිසා විශ්‍රාම ගියාටත් පස්සේ එයා බලාගන්න එක ජනතාවගේ වැඩක් කියලා එයාලා හිතනවා. ඒක ජනතාවගේ වැඩක් නොවෙයි.
ඒ වගේම රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ඕනෑ. දැන් රු.5000 දීමනාව ගන්න, හාල් කිලෝ 5ක් ගන්න, ජනතාව පැය ගණන් පෝලිමේ ඉන්න ඕනෑ. උප්පැන්න සහතිකයක් ගන්න, අවස්ථා ගණනාවක් යන්න වෙනවා. අපේ රටේ තවමත් තිබෙන්නේ පැරණි රාජ්‍ය යාන්ත්‍රණයක්. ලෝකයේ රටවල් තාක්ෂණයත් එක්ක දියුණු වෙලා තිබෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල් කරන ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ගොඩක් දේවල් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන් විදිහට පහසුකම් සපයා දෙනවා. ආණ්ඩුවෙන් දෙන ඕනෑම දීමනාවක් තමන්ගේ ගිණුමකට එවන්න සලස්වනවා. ෆෝන් එකෙන් ගනුදෙනු කරන්න හැකි කාර්යක්ෂමතාවයක් හදන්න ඕනෑ. අපි කෙටි කාලයක් තුළ පුරවැසියන්ට කරදර නොවෙන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ආරම්භ කරනවා. ඒ ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රධානම විද්වතා ස්වේච්ඡාවෙන් වැඩ කරන්න ලංකාවට ළඟදීම එනවා.
ඒ වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කළ යුතුයි. සිදුකර ඇති වංචා, දූෂණ විමර්ශනය කිරීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධ නීතිමය කටයුතු කිරීමට තිබෙන ෆයිල්, සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේත්, සමහර ෆයිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේත් තිබෙනවා. ඒ සියලුම ෆයිල් විවෘත කර, අදාළ වැඩ කටයුතු කරනවා. ඒ වැඩකටයුතු කළ හැකි නිලධාරීන් අපි පත්කොට තිබෙනවා. ඒ කාර්යය කරගෙන යාම නිලධාරීන්ගේ වැඩක්. අපේ වැඩේ තමයි ඒ නිලධාරීන්ට සහාය දෙන එක. උපදෙස් දෙන එක. ඒ පරීක්ෂණ ආරම්භ කරන්න, අපරාධ පරීක්ෂණ කළ හැකි දක්ෂතම නිලධාරීන් ක්‍රමානුකූලව පත්කරමින් තිබෙනවා. මහ මැතිවරණයෙන් පසුව අපි කැබිනට් මණ්ඩලය හදනවා. එය 25ට වඩා අඩු කැබිනට් මණ්ඩලයක්. ඒකට අනුරූපී නියෝජ්‍ය අමාත්‍යවරු පත්කරනවා. ඊට පසුව මේ රට ගොඩනැගීම සඳහා ක්‍රමානුකූලව සැලසුම් සකස් කරනවා. රට ගොඩනගන තෙක් අපි ජනතාව බලා ගන්නවා. අපි විශ්‍රාමිකයන්ගේ දීමනාව රුපියල් 3000/-කින් වැඩිකළා. එළඹෙන අයවැය ලේඛනයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා. පොහොර සහනාධාරය ලබා දෙමින් තිබෙනවා. ධීවර ජනතාව සඳහා ඉන්ධන දීමනාව ලබාදීමට කටයුතු කර තිබෙනවා. දිළිඳු ජනතාව වෙනුවෙන් දෙන සහනාධාර වැඩිකරනවා. වෙනත් ක්ෂේත්‍ර සඳහා අවශ්‍ය සහන ලබාදීමට අවධානය යොමු කර තිබෙනවා.
අපේ කෘෂිකර්මාන්තය තාක්ෂණය යොදා ගනිමින් ඉහළම තලයකට ගේනවා. ගොවිජනතාව දුප්පත්භාවයෙන් ගලවා ගන්නවා. අපේ කුඩා තේ වතු හිමියන්, කුඩා පරිමාණයේ කුරුඳු වගාව කරන්නන්, තමන්ගේ ආදායමට ප්‍රමාණවත් වන තරමින් දියුණු කර්මාන්තයක් බවට පරිවර්තනය කරන්න සැලසුම් සකස් කොට තිබෙනවා. අයි.ටී. ක්ෂේත්‍රයේ විශාල සැලසුම් ප්‍රමාණයක් සකස් කොට තිබෙනවා. 2025 වෙන විට ලංකාවට එතෙක් වසරකට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් ගෙන ආ ආණ්ඩුව බවට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්කරනවා. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අප කෙරෙහි විශ්වාසය තබා විශාල ලෙස මුදල් එවීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ සහාය ඉදිරියටත් අපි අපේක්ෂා කරනවා. අපේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් සමග අපි සාකච්ඡා කරමින් තිබෙනවා. ඔවුන්ගේ කර්මාන්ත, ව්‍යාපාර දියුණු කරන්න අපෙන් ලබාදිය යුතු සහාය ලබාදෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු පරිවර්තනයන් කුමක්ද යන්න සොයා බලා තිබෙනවා. අපේ පාසල් පද්ධතිය කඩා වැටී තිබෙනවා. විශාල පාසල් ප්‍රමාණයකට ළමයින් නැහැ. පාසල් 18%ක පමණ ළමයි 50ට වඩා අඩුයි. ඒ වගේම ළමයි ඉන්නවා පාසල් නැතිව. තමන්ගේ ආසන්නම පාසල කෙරෙහි දෙමව්පියන්ගේ විශ්වාසය බිඳ වැටී තිබෙන්නේ. ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක් නැති පාසල්, ළමුන් අතර සාමූහික ක්‍රීඩා තරගයක් පවත්වන්න නොහැකි පාසල් තිබෙනවා. හැම අම්ම, තාත්තාම කල්පනා කරන්නේ හොඳ පාසලකට තමන්ගේ දරුවා ඇතුළත් කරන්න. අපි මේ පිළිබඳ විධිමත් සමීක්ෂණයක් කරනවා. සෑම පාසලකටම ගොස් ඇතිවී තිබෙන තත්වය සොයා බලන්න, අපි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡා කර තිබෙනවා. එසේ සොයා බලා ඒ පාසල් දියුණු කරන්න අඩුපාඩුකම් සොයා බලා සැලසුම් සකස්කොට දියුණු පාසල් පද්ධතියක් නිර්මාණය කිරීමේ වගකීම බාරගෙන තිබෙනවා. ඒ වගේම රට ගොඩනඟන, ජනතාවගේ ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් අපේ ආණ්ඩුව.
මෙතෙක් අපි හදපු ආණ්ඩුවල ප්‍රතිඵලය මොකක්ද වුණේ. ජනතාව දුප්පත් වුණා. පාලකයා පොහොසත් වුණා. අද අපි රට ගොඩනඟන, ජනතාවගේ ජීවිතය උසස් කරන ආණ්ඩුවක් හදා තිබෙනවා. අපි මේ රට ගොඩනඟා මිස ආපසු හැරෙන්නේ නැහැ. අපි 3% දිනන හැටි, තුන්නෙකුගෙන් ආණ්ඩුව ගෙනියන හැටි, ජාත්‍යන්තර සබඳතා පවත්වන හැටි, ආර්ථිකය කරන හැටි, අපි පෙන්වා තිබෙනවා. මේ ආණ්ඩුව රට හදන, ජනතාවගේ ජීවන තත්වයන් උසස් කරන ආණ්ඩුවක්. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ලොකු බලයක් අපට අවශ්‍යයි. පාර්ලිමේන්තුව රටට වැඩ දායක ක්‍රියාමාර්ග ගැනීමේදී එකිනෙකාගේ කකුලෙන් අදින්න බැරි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගන්න ඕනෑ. එහෙම පාර්ලිමේන්තුවක් හදන්න නම් නොවැම්බර් මාසේ 14 වැනිදා මාලිමාවේ වැඩි පිරිසක් පාර්ලිමේන්තු යවන්න ඔබ තමුන්නාන්සේලා තීන්දුවක් ගන්න ඕනෑ.
අද ඡන්දයක් තිබෙනවාද කියා ජනතාවට දැනෙන්නේ නැහැ. වෙනදා ඡන්දයක් තියන කොට කොඩි වැල් ගිනි තබනවා, පහර දෙනවා, වාහන රථ පෙළපාළි දුවනවා, ඡන්දෙ නොදුන්නොත් සමෘද්ධිය කපන බවට තර්ජනය කරනවා, ආණ්ඩුවෙන් ඇවිත් හාල් බෙදනවා; තහඩු බෙදනවා; ඇප්ලිකේෂන් බෙදනවා. ඒ විදිහටයි පසුගිය කාලේ ඡන්ද කළේ. ඒවා ඡන්ද නෙවෙයි, ඒ චණ්ඩි. අද ඒවා කිසිවක් නැහැ. ඡන්ද කියන්නේ මේවට. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තමයි ලංකාවේ පළමුවැනි වතාවට නිදහස් මැතිවරණයක් පවත්වන්නේ. මේවා තමයි වෙනස්කම්. සෑම අවස්ථාවකම අපි රටට අලුත් වෙනස්කමක් පෙන්නලා තිබෙනවා. රටේ වැඩ බාර ගන්න කොට, කැබිනට් මණ්ඩලය හදන කොට, අපි වැඩ කරන කොට, රටට අලුත් වෙනස්කමක් කර තිබෙනවා. මේ කෙටි කාලය තුළ අපි රට සුබදායක දිසාවට වෙනස් කර තිබෙනවා. අපි මේ රට හොඳ දිශාවට වෙනස් කරන රාජ්‍යයක් බවට පත්කරනවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම එකතු වෙමු. පෙරට එමු.
“ඔබ දීපු ඡන්දය පුදුම ඡන්දයක්. එක ඡන්දයෙන් වැඩ ගොඩක් සිදු වුණා.”
-ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා-
අපි මේ රටේ පොදු ජනතාවගේ පාලනයක් ගැන දශක ගණනාවක සිට හීන දකිමින් සිටියා. එය සැබෑ කර ගැනීමට අපි ධෛර්ය සම්පන්නව දිගටම වැඩකළා. පසුගිය සැප්තැම්බර් 21වැනිදා අපේම කියලා ජනාධිපතිවරයෙක් අපේම කියලා ආණ්ඩුවක් හදන්න පළමු පියවර තබන්න අපිට පුළුවන් වුණා. ඒක ගැන ඔබට අපිට විශාල සතුටක් තිබෙනවා. ඒ සතුට වගේම අපිට වගකීමක් තිබෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් පොරොන්දු ඉටුකරන්න. අපිට අවශ්‍ය ශක්තිය ගන්න තව කඩඉමක් පසුර යා යුතුව තිබෙනවා. ඒ තමයි නොවැම්බර් 14දින මහ මැතිවරණය. ඒ මැතිවරණයේදී රට විනාශ කරපු සතුරු බලවේගවලට යළි කිසිදා මේ රට බාර නොදීමට අවශ්‍ය දැඩි තීන්දුවක් ගත යුතුව තිබෙනවා.
පසුගිය මාසෙ ඔබ දීපු ඡන්දය පුදුම ඡන්දයක්. එක ඡන්දයෙන් වැඩ ගොඩක් සිදු වුණා. ඒක මල්ටි පර්පරස් ඡන්දයක්. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට තමයි රට මෙතෙක් පාලනය කරපු සම්ප්‍රදායික දේශපාලන පැළැන්තිය මුළුමනින්ම දේශපාලන බිමෙන් ඉවත්වී ගියේ. ඒක මේ රටේ ජනතාවගේ ලොකුම ජයග්‍රහණයක්. අනෙක් ප්‍රතිඵලය තමයි අතිගරු උතුමාණෙනි කෑලි නැති, දණ ගහලා දෙකට තුනට නැමිලා වඳින්න ඕන නැති, අපේම ජනාධිපති සහෝදරයෙක් අපිට පත්කර ගන්න ලැබුණා. අනෙක් පැත්තෙන් පැරණි පාලනයේ නටඹුන් බවට පත්වූ මහා දැවැන්තයින් කියලා හිතාගෙන සිටි දේශපාලුවන් රොත්තක්ම පසුගිය ජනාධිපතිවරණයේදී හෝදාගෙන ගියා. 1936න් පසුව අද රාජපක්ෂලා මහා මැතිවරණයකදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කරන්නේ නැති ත්වයට ඇද වැටිලා. කොහොමද, ඔබේ කතිරයේ බලවත්කම.
තිබුණු පාර්ලිමේන්තුව තවදුරටත් පවත්වාගෙන යා යුතු එකක් නොවෙයි කියලා පසුගිය 21 වැනිදා අපේ රටේ ජනතාව තීන්දුවක් ගත්තා. එදා අනුර සහෝදරයා රටේ ජනාධිපතිවරයා කරලා අලුත් ජනවරමකට අඩිතාලම දමන්න ඔබ තීරණය කළා. ඒ ජනවරමට පරණ පාර්ලිමේන්තු කණ්ඩායමත් සමග ඉදිරියට යන්න බැහැ. ඒ පාර්ලිමේන්තුව ඒ තිබුණු ජනවරමත් උල්ලංඝනය කරලා තිබුණේ. එදා ජනතාව ඡන්දය දුන්නේ රනිල්ව පරාජය කරන්න. ඒ ජනතාව දුන් ජනවරමට පිටුපාලා ඒ පාර්ලිමේන්තුව රනිල්ව ජනාධිපති කළා. ඒ පාර්ලිමේන්තුවේ හිටියේ මහජන නියෝජිතයෝ නෙවෙයි. ලෝක අපරාධකාරයෝ ටිකක්. ඒ පාර්ලිමේන්තුවට ජනතාවගේ විශාල විරෝධයක් තිබුණා. පසුගිය අරගලයේදී පුපුරා ගියේ ඒ විරෝධය. දැන් තිබෙන ජන වරමට වගවන, වගකියන අලුත් පාර්ලිමේන්තුවක් අපි හදාගත යුතුව තිබෙනවා. අන්න ඒ සඳහා දැන් මහ මැතිවරණයක් ඇවිත් තිබෙනවා. ඒ නිසා ඔබට අපිට වගකීමක් තිබෙනවා, අපි පටන් ගත්තු ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න. ඒ අනුව මෙම නොවැම්බර් 14 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම අපි හැමෝගෙම වගකීමක්.
කළුතර දිස්ත්‍රික්කයෙන් අපි ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාම ශක්තිමත් කණ්ඩායමක්. අපි මේ දිස්ත්‍රික්කයෙන්ද බහුතරයක් පාර්ලිමේන්තුවට තෝරා යැවිය යුතුයි. එතකොට තමයි හොරු, චේන් කඩන අය, පුට්නෝට් කාරයෝ වෙනුවට හොඳම මහජන නියෝජිත කණ්ඩායම පාර්ලිමේන්තුවට කළුතරින් යැව්වා කියලා අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. ඔබ දෙන ඡන්දය ගැන පසුව පසුතැවෙන්න වෙන්නේ නැහැ කියන සහතිකය අපි ඔබට ලබාදෙනවා. ඔබේ ඡන්දය වටිනාකම ස්ථිර ලෙසම අපි රකිනවා. අපට මේ මහා මැතිවරණයේදී ලොකු අභියෝගයක් නැහැ. මාලිමාවට විරුද්ධව ඡන්දය ඉල්ලන පක්ෂ කණ්ඩායම් අද ඔක්කෝම කැඩිලා සීසීකඩ ගිහිල්ලා. පරාජය වෙලා. මේ ඡන්දයට ඇවිල්ලා ඒ ගොල්ලන්ට කියන්න මොකුත්ම නැහැ. මේ රටේ විපක්ෂය හැදිය යුත්තේත් ඒ ගොල්ලන්ගේ වර්ගයේ අයගෙන් නොවෙයි. ඒ ගොල්ලෝ අපිට විරුද්ධව කියූ බොරුවල හැටියට අද ලැජ්ජාවක් ඇතුව වේදාකවකට නගින්න පුළුවන්ද?
මේ වන විට ලංකාවේ කිසිම ආණ්ඩුවකට නොතිබුණ ජාත්‍යන්තර සබඳතා ජාලයක් මාලිමාව ආණ්ඩුවට හැදිලා තිබෙනවා. දැන් අපි අපේ රට අලුත් ගමනකට මුල පිරීම ආරම්භ කරලා තිබෙනවා. අපි දැන් සූදානම් වන්නේ මේ වැටී තිබුණු රට ගොඩනඟන්න පැරණි යුගය අවසන් කරලා අලුත් යුගයක් අනාගත පරපුරට උරුම කරලා දෙනවා කියලා අපි ඔබට පොරොන්දු වුණා. අන්න ඒ පොරොන්දුව ඉටුකිරීමට, අපිට ශක්තිය ලබා ගැනීම සඳහා නොවැම්බර් 14 දින මහා මැතිවරණයේදී මේ පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන්ගෙන් පුරවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.
“නොවැම්බර් 14 දාට ජාතික මට්ටමේ ශ්‍රමදානයක් අපට තිබෙනවා.”
-ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් නායක වෛද්‍ය නලින්ද ජයතිස්ස-
මීට ප්‍රථම අනුර දිසානායක සහෝදරයා මේ බේරුවලට පැමිණ තිබෙනවා. නමුත් රටේ ජනාධිපති ලෙස අනුර දිසානායක සහෝදරයා බේරුවලට පැමිණුන පළමු අවස්ථාව බවට අද දිනය සනිටුහන් වෙනවා. ඒ ජයග්‍රහණය ඔබ සියලු දෙනාගේම ජයග්‍රහණයක්. අපට දැන් උදාවී තිබෙන්නේ එහි දෙවන අදියර. නොවැම්බර් 14 දාට ජාතික මට්ටමේ ශ්‍රමදානයක් අපට තිබෙනවා. ඒ දියවන්නාව පිරිසිදු කිරීම පමණක් නොවෙයි එය මාලිමාවෙන් පුරවන්න සූදානම් වෙන්නත් ඕනෑ. පසුගිය ජනාධිපතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද ලක්ෂ එක හමාරකින් සජිත් පරාජය කළා. සජිත්ට නොදීපු ඡන්දයක් මහ බැංකු වංචාවේ ප්‍රධානියෙක් වුණු අජිත්ට දෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහව රකින්න, තමන්ගේ නීති දැනුම පාවිච්චි කළ කෙනා තමයි අජිත් පෙරේරා කියන්නේ. එදා රනිල්ට දුන්න ඡන්දයක් රෝහිතට, රාජිතට හෝ පියල්ට දෙන්න ජනතාවගේ සූදානමක් නැහැ. එදා සජිත්ට, රනිල්ට ඡන්දය දුන් අය මෝඩකමක් කර ගත් බව පිළිගෙන තිබෙනවා.
අවුරුදු විසි ගණනකට පසුව බේරුවල ආසනය නියෝජනය කරමින් මුස්ලිම් සහෝදරයෙක් ආණ්ඩුව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව උදාවෙලා තිබෙනවා. අපි බේරුවල මුස්ලිම් ජනතාවට ප්‍රකාශ කරන්නේ ඒ අවස්ථාව ඔබ මගහැර ගන්න එපා කියලා. බස්නාහිර පළාතට අයිති අපේ දිස්ත්‍රික්කය තිබෙන්නේ සංවර්ධනය අතින් අඩු මට්ටමක. රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 35%ක් 38%ක් එකතු කරන පළාතේ දිස්ත්‍රික්කයක් වුණත් අපි ඉන්නේ ග්‍රාමීය දුප්පත්භාවයේ ගිලිලා. අධ්‍යාපනය සෑම තැනකම විහිදිලා නැහැ. සෞඛ්‍ය පහසුකම් නැහැ. මාර්ග පද්ධති ඉදිවෙලා නැහැ. ඉතිහාසයේ ප්‍රබල කැබිනට් ඇමතිවරු රාශියක් පත්වුණු දිස්ත්‍රික්කයක්, කළුතර දිස්ත්‍රික්කය. ජනතාවට ප්‍රතිලාභ අත්පත් කර දෙනවා නම්, ඕනතරම් අවස්ථා ඒ අමාත්‍යවරුන්ට තිබුණා. රාජිත හදපු බිල්ඩින් එක, අනූපා, පාර කඩා හැදුව උමං මාර්ගය, මහින්ද සමරසිංහ, අගලවත්තේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් හැදුව ගොඩනැගිල්ල, මේ සෑම ඉදිකිරීමක්ම අවිධිමත් ලෙස කරපුවා. රටට හෝ ජනතාවට වැඩක් නොවුණත් එයාලටත්, එයාලා වටේ සිටි කට්ටියටත් පමණක් වැඩක් සිදුවුණා.
ඉදිකිරීම් අතරමග නවතා තිබෙන සංචාරක හෝටල් කිහිපය, ආයෝජනය සඳහා පරිසරය සකස් කොට සංචාරක ව්‍යාපාරයට යළි බද්ධ කර ගන්නවා. සංචාරක ව්‍යාපාරයට උනන්දුවක් දක්වන අයට එම ව්‍යාපාරයට අවශ්‍ය කරන කළමනාකරුවන්ගේ සිට පුහුණුව, සංචාරක හෝටල් පාසල්වලින් ලබාදී, ඔබට රැකියා උත්පාදනය කර දෙන්න අපේ ආණ්ඩුව කටයුතු කරනවා. මැණික් හා ස්වර්ණාභර කර්මාන්තයට හොඳ අවස්ථාවක් උදාකර දෙන්න, ධීවර අමාත්‍යාංශය හරහා ධීවර ජනතාවට සහන ලබාදෙමින් ඔබේ අවශ්‍යතා සම්පූර්ණ කර දෙන්න, අපේ ආණ්ඩුව හරහා කටයුතු කරනවා. මේ රටේ නිෂ්පාදනයට දායක කර ගත හැකි සම්පත් මේ දිස්ත්‍රික්කයේ තිබෙනවා. ඒවා උපයෝගී කරගෙන කර්මාන්ත අවස්ථා ඇති කරමින්, ආර්ථිකය දියුණු කරමින් එහි ප්‍රතිලාභ ඔබට ලබාදීමට කටයුතු කරනවා. ඔබට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා දරුවන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දීමටත්, ජනතාවට උසස් ආර්ථික අවස්ථා ලබා දීමටත් අපි කටයුතු කරනවා. මේ වගකීම් උරමත දරාගත් කණ්ඩායමක් තමයි මේ ඔබ හමුවේ ඉන්නේ. මේ කණ්ඩායමෙන් අටකට වැඩි පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න ඔබට පුළුවන්. මේ දින කිහිපයේදි තව තවත් ඡන්ද වැඩි කරමින් දූෂිත පිරිසක් පාර්ලිමේන්තුවෙන් ගෙදර යවන්න ඔබගේ කතිරය පාවිච්චි කරන්න. ඔබට ඒ සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රතිඵලය විජයග්‍රාහී ලෙස සටහන් කරමු.