Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ස්විට්සර්ලන්ත තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

-Colombo, December 12, 2023-

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (13) පස්වරුවේ පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම හමුව සඳහා තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු පළමු ලේකම් ජස්ටින් බොයිලට් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත්ද එක්ව සිටියහ. මේ වන විට රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය මෙහිදී දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව විසින් ජනතාව මත පටවමින් ඇති අධික බදු බර හමුවේ ජනතාව පත්වී ඇති පීඩාකාරී තත්වය ජාතික ජන බලවේගය විසින් පෙන්වා දෙන ලදී. එමෙන්ම ආණ්ඩුව විසින් මැතිවරණ කල්දමා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැර ගැනීම පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගය කරුණු දැක්වීය.