-Colombo, February 08, 2024-
ආපදා සහන සේවා වැඩපිළිවෙළ අඩපණ කිරීමේ ආණ්ඩුවේ උත්සාහය ගැන ජාතික ජන බලවේගය හමුවේ කරුණු දැක්වීම සදහා සංවර්ධන නිලධාරීන් පෙබ. 08 දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණියෝය. මේ සඳහා සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වූ අතර, ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙම හමුවට එක් විය.
මෙහිදි,
-> ස්වභාවික ආපදාවක දී ජනතාවට මෙතෙක් හිමි වූ උපරිම වන්දි මුදල අඩු කිරීමේ ආණ්ඩුවේ උත්සහය
-> ආපදා සහන සේවා නිලධාරීන් ඇතුළු නිලධාරීන් 117 ක් ඉවත් කිරීම
->ආපදා සහන සේවා ජාතික ක්‍රියාවලිය බිඳ වැටීමේ අවධානම
ඇතුළු කරුණු සම්බන්ධයෙන් සංවර්ධන නිලධාරීන් විසින් ජාතික ජන බලවේගය දැනුවත් කරන ලදී.