පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ත්‍රාඩ බලය හා කීකරු ඇමති මණ්ඩලය උපයෝගී කරගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර මැතිවරණය කල් දැමීම සඳහා එම කොමිසමට බලපෑම් කරමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් හෙළි කළේය.
ඊයේ (09) රැස්වූ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධීව ඔවුන්ගේ බලය ඉක්මවා යමින් මැතිවරණ කොමිසමට බලපෑම් කර පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් බාර නොගන්නැයි පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් මගින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලිඛිතව දන්වා ඇතැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රකාශ කළේය. එහෙත් මෙම කැබිනට් මණ්ඩලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවත් නොදන්නා බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන්ට එම නියෝගය නිකුත් කිරීමෙන් පෙනී යන්නේ යැයි ඔහු සඳහන් කළේය.
මෙම බලපෑම් නොසලකා මැතිවරණ කොමිෂන් සභාව ඇප මුදල් තැන්පත් කිරිම් භාරගන්නා ලෙස දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දී ඇතැයිද ඒ අනුව නියමිත පරිදි මැතිවරණය පැවැත්වීමට එම කොමිෂන් සභාව කටයුතු කිරීම සම්බන්ධයෙන් සහ ආණ්ඩුවේ බලපෑම්වලට යටත් නොවීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන්නේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
රනිල් වික්‍රමසිංහ සහ කැබිනට් මණ්ඩලය ගෙන යන මෙම කුමන්ත්‍රණය පරාජය කිරීම සඳහා හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවට මෙහිදී අවධාරණය කළේය.
– LANKATRUTH