-2023 නොවැ. 17 දින පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව-
රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහට රට බාරදීමෙන් පසුව මේ දක්වා පැමිණි ගමන් මාර්ගය වෙනස් කළ යුතු බව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී තිබුණා. නමුත් කිසිම වෙනසක් නැතිව මේ දක්වා ගමන් කළ මාවතේම යමින් ජනතාවට ජීවත් විය නොහැකි තරමට පීඩනයන් එල්ල කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන අයවැය තුළ තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරියේ දණ ගසා කීයක් හෝ ඉල්ලා ගන්න ක්‍රියාකරන අතරේ සමස්ත අර්බුදයේ බර ජනතාව මත පැටවීමයි. අයවැය තුළ හෝ ඉන් පිට පීඩාවට පත් ජනතාවට සහන දීමේ ප්‍රායෝගික කිසිම වැඩපිළිවෙළක් නැහැ. රනිල් වික්‍රමසිංහලා වගකිව යුතු අර්බුදයේ බර තව තවත් ජනතාව මත පටවමින් වසරක් ඇතුළත විදුලි බිල තෙවරකින් 400%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ දැම්මා. මේ නිසා ජනතාවට විදුලි බිල දරා ගන්න බැහැ වගේම කර්මාන්ත කඩා වැටීමට හේතු වී තිබෙනවා. විදුලි බිල වැඩිකිරීම, තෙල් මිල වැඩිකිරීම සහ ආනයන පාලනය නිසා කර්මාන්ත සහ ව්‍යාපාර 2000ක් පමණ වැසී ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ නිසා පසුගිය වසර එකහමාරක වගේ කාලය තුළ ලක්ෂ පහළොවකට පමණ රැකියා අහිමි වෙලා. බැංකු ණය ගත් ව්‍යාපාර 556ක් බැංකුවලට සින්න වෙලා. රටේ ආර්ථිකය තව තවත් දුර්වල කරන ක්‍රියාවලියක ආණ්ඩුව නිරත වී සිටින බව මේ දත්ත අනුව පැහැදිලියි. රට ගොඩගන්න දැක්මක්, සැලැස්මක් හෝ ඕනෑකමක් ආණ්ඩුවට නැහැ. එදා වේල ගතකරමින් පොදු ජනතාව විශාල පීඩාවකට ලක්කරමින් යනවා.
නැවත වටයකින් විශාල වශයෙන් බදු බර වැඩිකිරීමෙන් තවත් වටයකින් භාණ්ඩ මිල ඉහළ යනවා. පොදු ජනතාව මත මේ බර පටවා ආණ්ඩුව වටේ ඉන්න හුරතලුන්ට විශාල සහන ලබාදෙමින් ශත විසිපහට තිබුණු සීනි බද්ද රුපියල් 50 දක්වා වැඩිකිරීම වගේ ක්‍රියාමාර්ග ගන්නවා. සමස්ත අර්බුදය ජනතාව මත පටවා, විනාශකාරී මාවතේම ඇදගෙන යමින් පීඩාව තවදුරටත් ජනතාව මත පටවා ආණ්ඩුව වෙනත් රඟපෑම්වල යෙදී සිටිනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ මහින්ද රාජපක්ෂගේ මේ අයවැය සම්බන්ධ ස්ථාවරය ජනතාව හමුවේ තැබිය යුතුයි. එකිනෙකා තම තමන්ගේ ගැලවීම වෙනුවෙන් විවිධ කතා කියමින් යනවා. එවැනි විගඩම්වලින් ජනතාව තවදුරටත් රවට්ටන්න ඉඩදිය නොහැකියි. මේ අර්බුදයට මහින්ද රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලාත් එකසේ වගකිව යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණය පවා ඔවුන් වගකිවයුතු බවට තීරණයක් දී තිබෙනවා. අධිකරණය මොනවා කීවත් ඔවුන් වගකීම ගන්නේත් නැහැ; බලය අත්හරින්නේත් නැහැ. වඩා යහපත් ජීවිතයක් අපේක්ෂා කරමින් මේ අයට බලය දුන් පොදු ජනතාවට කිසියම් සහනයක් දෙන්න ප්‍රායෝගික කිසිවක් කරන්නේ නැහැ. රජයේ සේවකයන්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක් පඩි වැඩිකරන බව කීවත් ජනවාරි මාසයේ සිටම බදු වැඩිකර තිබෙනවා. මේ තත්වයන්ට එරෙහිව පාරට බහින ජනතාව මර්දනයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, සමාජ මාධ්‍ය මර්දන පනත වගේ පනත් ගෙනඑමින් සිටිනවා. තම අයිතිවාසිකම් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ ගුරු විදුහල්පතිවරුන්ටත් පහර දුන්නා. රටක් හදන්න තිබෙන ස්වභාවික සම්පත් සහ මානව සම්පත් විනාශ කරමින් යනවා.
ඉතිරි වී තිබුණු අවසන් සම්පත් ටිකත් විදේශ සමාගම්වලට විකුණමින් යනවා. තැපැල් කාර්යාලත් විකුණන් කන්න යනවා. රටක් ගොඩනඟන්න සිටින කර්මාන්තකරුවන් විදුලි බිල, ඉන්ධන මිල, බදු බර වැඩිකරමින් වට්ටනවා. අපනයනකරුවන් වට්ටනවා. රට ගොඩනගන්න මැදිහත් කර ගත හැකි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් මත විශාල බදු බරක් පටවලා රට අත්හැර යාමට සලස්වා තිබෙනවා. ජනතා විරෝධී, ජන පීඩක, ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටින මේ දුෂ්ට පාලනය පරාජය කළ යුතුව තිබෙනවා. ලංකාවට ලෝකය හමුවේ කිසියම් හෝ ගෞරවයක් ලබාගැනීමට තිබුණු ක්ෂේත්‍ර සියල්ලම විනාශ කරමින් යනවා. ඒ වෙනුවෙන් තිබුණු ක්‍රිකට් ක්‍රීඩාවත්, අපේ සංස්කෘතියත්, කර්මාන්තත් ජනතාවගේ සංස්කෘතියත් විනාශ කරමින් රට හිස් මුඩුබිමක් බවට පත්කරමින් සිටිනවා. මේ විනාශකාරී ගමන් මාර්ගයට පැලැස්තර විසඳුම් නැහැ. රනිල් වික්‍රමසිංහලා, මේ විනාශකාරී ක්‍රමය පරාජයට පත් කර ජනතාවාදී පාලනයක් බිහිකිරීම හැර වෙන උත්තරයක් නැහැ. මේ පාලනය පරාජය කිරීමට දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කළ යුතුව තිබෙනවා. ඒ අතරම ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නත් සිදුවී තිබෙනවා.
ජනතාවගේ වගකීම වී තිබෙන්නේ මේ පාලනය පලවා හැරීම සඳහා දැවැන්ත ජනතා බලයක් නිර්මාණය කිරීමයි. අනික් පැත්තෙන් ආණ්ඩුවට ජනතා විරෝධීව කටයුතු කරන්න එපා කියලා අනතුරු අඟවන්නත් ඕනෑ. ආණ්ඩුව කෙරෙහි තිබූ විශ්වාසය 9% දක්වා අඩුවී ඇති බව සමීක්ෂණ වාර්තාවකින් ළඟදීත් හෙළිවී තිබුණා. මේ තුළ රනිල් වික්‍රමසිංහලා ව්‍යවස්ථාවට මුවාවී බලහත්කාරයෙන් රාජ්‍ය බලය උපයෝගී කර ගනිමින් පාලනය ගෙන යනවා. ජාතික ජන බලවේගයට රට ගොඩනැගීමේ සැලැස්මක් සහ මහජන බලය එකතු කරගෙන තිබෙනවා. වඩා සංයමයක් සහිත, වඩා සංවිධානාත්මකව අරමුණක් සහිතව ආණ්ඩුවට එරෙහි විරෝධයන් එල්ල කළ යුතුව තිබෙනවා. ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත්කිරීමේ උද්ඝෝෂණ ව්‍යාපාරයකුත්, බලය ලබාගැනීම සඳහා ජනතාව සංවිධානය කිරීමේ ක්‍රියාමාර්ගත් ජාතික ජන බලවේගය දියත් කරමින් සිටිනවා. හුදකලා අරගල වෙනුවට සමස්ත ජනතාව එක්කර ගත් ක්‍රියාමාර්ග තුළින් මේ පාලනය අවසන් කර, ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීමේ ඉලක්කය සහිතව ක්‍රියාකළ යුතුයි. මේ වෙනුවෙන් ගෙන ඇති ඉදිරි ක්‍රියාමාර්ගවල එක් පියවරක් වශයෙන් නුගේගොඩදී දැවැන්ත විරෝධතා රැලියක් සංවිධානය කර තිබෙනවා. වඩා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සංයමයකින් මේ පාලනය පෙරලා දැමීම දක්වා ඉදිරියට යා යුතුව තිබෙනවා. ජනතාව පීඩාවට පත්කිරීමට රනිල් වික්‍රමසිංහලාට ඉඩ දී බලාසිටින්න කිසිවෙකුට අයිතියක් නැහැ. සාමකාමීම උද්ඝෝෂණය කිරීමේ ජනතාවගේ අයිතිය පාවිච්චි කර, ජන පීඩක පාලනයට එරෙහිව තමන්ගේ විරෝධය පළ කිරීම නුගේගොඩින් ආරම්භ කරනවා. ජනතාවගේ ශක්තිය ආණ්ඩුවට පෙන්වන්න සියලුම දෙනා නුගේගොඩට පැමිණ ආණ්ඩුව පරාජය කිරීමේ සටනට එක්වන ලෙස ඉල්ලා සිටිනවා.
“ආණ්ඩුවේ කාලය හමාර කළ යුතු බව ජනතාව තීරණය කර අවසන්” -ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-
මේ පාලනය තම බල ව්‍යාපෘතිය, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් බව ඉතාමත්ම හොඳින් තහවුරු වී තිබෙනවා. ආණ්ඩුවේ විවිධ පාර්ශ්වයන්ම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විවේචනය කළත්, තීරණාත්මක කරුණුවලදී ආණ්ඩුව පරාජය කරන්න ක්‍රියා නොකරන බව ඉතාමත්ම පැහැදිලියි. ජනතාව පීඩාවට පත් කළ ඔවුන්ට එරෙහිව ජනතාවගෙන් පැමිණීමට නියමිත දඬුවම තවදුරටත් කල්දමා ගන්න ඔවුන් කටයුතු කරමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඔහුට සුපුරුදු ඩීල් දේශපාලනයේ යෙදෙමින් ක්‍රියාකරන ආකාරය පැහැදිලියි. බුද්ධාගමත්, විවිධ සාහිත්‍ය කෘතිත් උපුටා දක්වමින් ඔහු විවිධ පාපෝච්චාරණයන් කරනවා. මහා ප්‍රබුද්ධ කතා කිවුවත් විකුණන් කෑම සහ ඩීල් දේශපාලනය හැර වෙන උත්තරයක් රනිල් වික්‍රමසිංහට නැහැ. වෙනස් වෙලා තිබෙන බවට ඉඟියක් ජනතාවට දෙන්න පාපෝච්චාරණයන් කළත් භාවිතයෙන් පැහැදිලි වෙන්නේ අබමල් රේණුවක තරමින්වත් වෙනස් වෙන්න සූදානම් නැති බවයි. අයවැය පිළිබඳ ප්‍රශ්න මතුකරන විට අයි.එම්.එෆ්. කොන්දේසි නිසා කිසිවක් කළ නොහැකි බව කියනවා. එහෙම නම් මුදල් ඇමති කෙනෙක් හෝ ආණ්ඩුවක් මොකටද? ආණ්ඩුවක්, කැබිනට් එකක් පත්කරන්නේ ජාත්‍යන්තර සංවිධාන එක්ක වැඩකරන අවස්ථාවල රටට අවශ්‍ය ජනතාවගේ පැත්තෙන් හිතන න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමටයි. ජාත්‍යන්තර සංවිධානවල න්‍යාය පත්‍රත් තේරුම් අරගෙන අපේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කරවන්න කටයුතු කළ යුතුයි.
මේ ආණ්ඩුවේ කාලය ඉවර කළ යුතු බව ජනතාව තීරණය කර අවසන්. මැතිවරණයක් ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පළවා හරින බව දන්නා ආණ්ඩුව ජන මතයට බයේ හැංගෙමින් ඉන්නවා. මේ තුළ පුරවැසියන් හැටියට අපිට විශල වගකීමක් තිබෙනවා. මේ රටේ අනාගතය, ප්‍රජාතන්ත්‍රවාදය, අපේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට ඉදිරිපත් විය යුත්තේ පුරවැසියන්. පාලකයන් වගකීම් අත්හැර තිබෙන මොහොතක පුරවැසියන් වෙනදාටත් වඩා ශක්තිමත්ව එඩිතරව, අධිෂ්ඨානශීලීව, අරමුණු සහගතව ඒ වෙනුවෙන් ක්‍රියාකළ යුතු වෙනවා. ජාතික ජන බලවේගය සැමවිටම ජනතාව සමග විවිධ ක්ෂේත්‍රවල වැඩ කරන්නේ ඒ වෙනුවෙන්. පුරවැසියාගේ වගකීම ඉෂ්ට කිරීම සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැටියට පුරවැසියන්ට අවශ්‍ය සංවිධාන ශක්තිය සහ නායකත්වය දෙමින් ඉදිරියට යන්න ඉතාම අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා. වැඩිකල් නොගොස් ජනතාවාදී පාලනයක් බිහිකිරීමේ ඓතිහාසික පරිවර්තනය වෙනුවෙන් අධිෂ්ඨානශීලීව ක්‍රියාකරනවා. එතෙක් පවතින පාලනයට හිස නමාගෙන සිටිය යුතු නැහැ. අපේ අප්‍රසාදය සහ විරෝධය පළ කළ යුතු වෙනවා. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් නුගේගොඩදී පවත්වන විරෝධතාවයට සියලු දෙනාම එක්වෙන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ආරක්ෂක අංශවල මහත්ම මහත්මීන්ට අපි කියන්නේ ජනමතයක් නැති ආණ්ඩුවක් වෙනුවෙන්, රීලෝඩ් පොලිස්පතිවරයෙක් යටතේ අනීතික ක්‍රියාමාර්ගවල නොයෙදෙන ලෙසයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ප්‍රශ්නය:- ජනාධිපතිවරණය නියමිත පරිදි පවත්වයිද?
පිළිතුර:- ආණ්ඩුවේ කැමැත්ත අකමැත්ත අදාළ නැහැ. ව්‍යවස්ථානුකූලව ලබන අවුරුද්දේ ඔක්තෝබර් වන විට ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. එය ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගය ක්‍රියාකරමින් යනවා. පැවැත්විය යුතුව තිබුණු පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. පළාත් පාලන මැතිවරණය කල්දැමූ ආකාරයට ජනාධිපතිවරණය කල්දාන්න බැහැ. මහා මැතිවරණයක් කලින් පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඒ ගොල්ලන්ගේ කැමැත්ත මත. පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් කැඳවීම හෝ පාර්ලිමේන්තුවේ යෝජනා සම්මතයකින් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකියි. නමුත් ලබන අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. අපි ඕනෑම ඡන්දයකට ලැහැස්තියි. පළාත් පාලන මැතිවරණය කල් දැම්මේ අනිවාර්යයෙන්ම ඔවුන් පරදින නිසයි. අපි අපේ නායක අනුර දිසානායක සහෝදරයා ජනාධිපති අපේක්ෂකයා ලෙස සියලු බලවේගවල විශ්වාසයෙන් යුතුව නම් කර තිබෙනවා. මේ රට වෙනස් කර, අලුත් දේශපාලන පිටුවක් පෙරළන්න අනිවාර්යයෙන් අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරවන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එතෙක් ආණ්ඩුවට එරෙහිව විරෝධය දක්වන්න සියලු දෙනාම ඒකරාශී වෙන ලෙස ඉල්ලා සිටිනවා.