Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනපති ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගනී

(-Colombo, October 05, 2024-)

President Worship At the Sri Maha Bodi

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

President At The Sri Maha Bodhiya

අනුරාධපුර ඓතිහාසික පුදබිම වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, අනුරාධපුර මහාවිහාර පිරිවෙන් කෘත්‍යාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

President Chat with the Chief Incumbent of the Atamasthana

අනතුරුව ජනාධිපතිවරයා උඩමළුව වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වු අතර ජය ශ්‍රී මහා බෝ මළුවේ ප්‍රධාන ධර්ම ශාලාවේදී අටමස්ථානාධිපති හිමියන්, ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.

President At The Pirith Sajjayana At The Sri Maha Bodhi

අනුරාධපුර ඓතිහාසික ලංකාරාමාධිපති පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නායක හිමි, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක හිමි, ථූපාරාම චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කහල්ලේ ඥානින්ද හිමි, මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය වැලිහේනේ සෝභිත හිමි, අභයගිරි චෛත්‍යාරාමාධිකාරී ආචාර්ය පූජ්‍ය කලංචියේ රතනසිරි හිමි, ඓතිහාසික ඉසුරුමුණි රාජමහා විහාරාධිපති පූජ්‍ය මතව සුමංගල හිමි, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ඊට වැඩම කර සිටියහ.

President Blessed By The Maha Sangha At Sri Maha Bodhi

මෙහිදී කෙටි අනුශාසනාවක් සිදු කළ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළේ රට, ජාතිය, ආගම සිය දිවි දෙවැනි කොට ආරක්ෂා කර මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමේ වගකීම ජනාධිපතිවරයාගේ දෙවුර මත පැටවී තිබෙන බවයි.

එසේම රජ රටින් බිහි වූ රාජ්‍ය නායකයා ලෙස එම පළාතේ දුක් විඳින ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමේ අත්හළ නොහැකි වගකීම ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී තිබෙන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

එම කටයුතු සාර්ථකව ඉටු කිරීමට මහා විහාරයේ භික්ෂුන් වහන්සේ ලෙස ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරන බව අටමස්ථානාධිපති හිමියන් සඳහන් කළහ.

එමෙන්ම මෙරට පවතින දේශපාලන මඩ ගොහොරුව සිහි බුද්ධිය ඇති ප්‍රඤ්ඥාසම්පන්න අයෙකුට

හැසිරීමට සුදුසු භූමියක් නොවන බවද සඳහන් කළ උන්වහන්සේ යහපත් දේශපාලන සංස්කෘතියක් රට තුළ බිහි කිරීමට නව ජනාධිපතිවරයාට හැකිවනු ඇතැයි මහා සංඝරත්නය විශ්වාස කරන බවද සඳහන් කළහ.

රටට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවත්, නව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගනිමින් යහපත් දීර්ඝකාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කළහැකි නම් එය ඉතා වටිනා කාර්යයක් බවත් අටමස්ථානාධිපති හිමියන් පෙන්වා දුන්හ.

President Blessed By the Chief Incumbent of the Ruwanwalisaya

අනතුරුව රුවන්වැලි මහා සෑය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ගෞරව ශාස්ත්‍රපති පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥානතිලක නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

President Gifted a Stupa By the Chief Incumbent of the Ruwanwalisaya

ඉන් අනතුරුව රුවන්වැලි මහා සෑ රඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක්වූ ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළහ.

President Worship At The Ruwanwalisaya

උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, සමස්ත ලංකා ගොවි සම්මේලනයේ උප සභාපති සුසන්ත නවරත්න, මහාචාර්ය සේන නානායක්කාර යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවන්ට සහභාගි වූහ.

President Worship The Ruwanwalisaya