Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනපති අමරපුර මහා නිකායේ මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගනී.

(-Colombo, October 05, 2024-)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක දර්ශනපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

අමරපුර මහා නිකායේ ලේකම් මණ්ඩලයේ නායක ස්වාමීන් වහන්සේලාද එම අවස්ථාවට වැඩම කර සිටී අතර මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කළහ.