Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපතිවරයා අතර හමුවක් – ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයාත් හමු වෙයි

(-Colombo, December 16, 2024-)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය උප ජනාධිපති ජග්දීප් ධන්කර් මහතා අතර හමුවක් අද (16) පස්වරුවේ සිදු විය.

පසුගිය ජනපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සිය සුබ පැතුම් පිරිනැමීය.

ආර්ථික සහයෝගීතාව, කෘෂිකර්මය හා ඩිජිටල්කරණය ආදී විෂයයන් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් විය.

අනතුරුව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය, භාරතීය ජනතා පක්ෂයේ සභාපති ජගත් ප්‍රකාශ් නද්දා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතරද හමුවක් පැවැත්විණි.