Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

විදුලි බිල වැඩිකිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඊයේ (23) මහරගමදී පැවැත්වූ පන්දම් විරෝධතාවය

-Colombo, October 24, 2023-

මෙම වසර තුළ පිට පිට තෙවෙනි වතාවටත් පසුගියදා විදුලි ගාස්තු වැඩි කරන ලදී. ඊට විරෝධය පාමින් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ පන්දම් විරෝධතාවය ඊයේ(23) රාත්‍රියේ මහරගමදී පැවත්විණි. එහිදී ජනතාවට තෙවැනි වරටත් ආණ්ඩුවෙන් විදුලි සැර!, අසාධාරණ විදුලි ගාස්තු වහා පහත හෙළනු!, IMF සතුටු කිරීමට ජනතාවට නැවතත් විදුලි සැර! ආදී සටන් පාඨ ඇතුළත් විරෝධතා පුවරු ජනතාව අත දක්නට ලැබිණි.

විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගද සහිතව පැමිණි පොලිසිය ප්‍රධාන මාර්ග අවහිර කරමින් එයට බාධා එල්ල කරන්නට වූ නමුත් විරෝධය නතර කිරීමට නොහැකි විය..

මෙහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන සුනිල් හඳුන්නෙත්ති, ලක්ෂ්මන් නිපුණ ආරච්චි, සමන්මලී ගුණසිංහ, මහින්ද රත්නායක, ව්‍රායි කැලි බල්තසාර් මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී. මේ සදහා පොලිස් විරෝධතා නොතකා විශාල ජන පිරිසක් සහභාගී වූහ.