Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

ආචාර්යවරුන්ගේ හිඟය, අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු ඇතුළු විවිධ හේතු නිසා අර්බුදයට ලක්ව ඇති ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් සියලු විශ්වවිද්‍යාල නියෝජනය කරන අනධ්‍යයන හා පරිපාලන ක්ෂේත්‍රයට අයත් වෘත්තීය සමිති 23ක නියෝජිතයෝ ඊයේ(25) ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජනබලවේගයේ නායකයින් සමග සාකච්ඡාවක නිරත වූහ.

මෙම සාකච්ඡාව සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභිකයින් වන ආචාර්ය හරිනි අමරසූරිය, වසන්ත සමරසිංහ සහ අනුර කරුණාතිලක සහභාගි වී සිටි අතර ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය අර්බුදකාරී තත්වයෙන් මුදා ගැනීම සඳහා විශ්වවිද්‍යාල වෘත්තීය සමිති විසින් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගයන්ට ජාතික ජන බලවේගයේ සහය ලබා දෙන බව මෙහිදී ප්‍රකාශ විය.