Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

උඩදුම්බරත් බලමුළු ගැන්වෙයි

-Colombo, November 26, 2023-

ජාතික ජන බලවේගයේ උඩදුම්බර ආසන සමුළුව පසුගිය නොවැම්බර් 25 දා හසලක බස් නැවතුම්පලේදී පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක, ජාතික විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත, දිස්ත්‍රික් විධායක සභික ඊ. එම්. බස්නායක, මහනුවර දිස්ත්‍රික් කමිටු සාමාජික එරික් වීරවර්ධන, ප්‍රවීන රංගන ශිල්පී මහින්ද පතිරගේ, ලංකා ගුරු සේවා සංගමයේ පාතහේවාහැට කොට්ඨාශ ලේකම් සංගීතිකා යටිවැල්ල, දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය ප්‍රිමාල් ප්‍රනාන්දු, සම්මානීය ගායක ශිල්පී තිස්ස ජයවර්ධන ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. විශාල ජන සහභාගීත්වයකින් පැවති මෙම සමුළුවේ දී උඩදුම්බර ආසනයේ නායකත්ව මණ්ඩලය ද පත්කර ගන්නා ලදී.