(-ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව – 2024.07.25-)
2024 පැවැත්වෙන ජනාධිපතිවරණය අරමුණු කරගෙන අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල, යන ස්ථානයේ ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, 2024 ජූලි මස 26 වන දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ ඒ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම මෙම මධ්‍යස්ථානයෙන් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ඒ ලබාගන්නා තොරතුරුවලට අදාළ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා. එයට සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම, මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා. අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට අපේක්ෂා කරනවා. මෙම මැතිවරණ කාර්යාලය බාරව ජාතික ජන බලවේගයේ සාමාජික, විශ්‍රාමික පොලිස් සාමූහිකයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ මහතාත්, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් හෙට දින සිට පැය 24 පුරාම ඉහත ලිපිනයේ ක්‍රියාත්මක වෙනවා. 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක තුන ඉහත සඳහන් ලිපිනයේ ස්ථාපිත කොට තිබෙනවා. ඊට අමතරව [email protected] යන විද්‍යුත් ලිපිනය අපි ස්ථාපිත කොට තිබෙනවා.
මේ වන විට ජනාධිපතිවරණය ආසන්නව ඉන්නවා. මැතිවරණය දිනය සඳහා තීරණ ගැනීමට අද මැතිවරණ කොමිසම රැස්වෙනවා. මේ වාතාවරණය තුළ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ රට තුළ සිදුවන ක්‍රියාකාරකම් වෙතයි. දැනටමත් දේශපාලන මුහුණුවර ගත් ක්‍රියාකාරකම් රාශියක් සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතනද අනීතික ලෙස එම ක්‍රියාකාරකම්වලට යොමුවී ඇති බවට අපිට වාර්තා වී තිබෙනවා. ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් 10,000කට ආසන්න ප්‍රමාණයක් කැඳවා රැස්වීමක් පවත්වන්න සූදානම් බව අපිට වාර්තා වුණා. මෙය දේශපාලන මුහුණුවරකින් යුක්ත එකක්. එම රැස්වීම් සඳහා අවශ්‍ය වන සම්පත් සහ මුදල් භාවිතා කිරීම ගැනත් අපට වාර්තා වී තිබෙනවා. ඒවා ප්‍රශ්න සහගතයි. මේ රැස්වීම් සඳහා පොලිස් තෑගි අරමුදලින් මිලියනයක් වෙන්කර ඇති බව දැනගන්නට ලැබෙනවා. පොලිස් තෑගි අරමුදල පිහිටුවා තිබෙන්නේ පොලිස් නිලධාරීන් විසින් කරන ලද යහපත් සේවය සඳහා දිරි ගැන්වීමක් ලෙස යම් යම් දීමනාවන් කරන්නයි. එම අරමුදල පවත්වාගෙන යෑම, මුදල් නිර්දේශ කිරීම පිළිබඳ දෙපාර්තමේන්තු නියෝගවල පැහැදිලිව දක්වා තිබෙනවා. ඊට අමතරව පොලිස් ගැසට් පත්‍ර පවා නිකුත් කර තිබෙනවා. පොලිස් තෑගි අරමුදලේ මුදල් වෙනත් කටයුත්තකට යෙදවීම නීතියට පටහැණියි. එය මූල්‍ය අවභාවිතයක් බව සඳහන් කළ යුතුයි. මෙම අනීතික ක්‍රියාවලින් වැළකී සිටින ලෙස මම පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
නිදහසේ ඇවිත් නිදහසේ පුද්ගල ඝාතන සිදුකර යන තරමට අපරාධ රැල්ල වැඩවී තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයකට මෙවැනි අපරාධකාරී පරිසරයක් බාධාවක්. මේ වසරේ මේ වන විට වෙඩි තැබීම් 74ක් සිදුකර තිබෙනවා. එයින් පුද්ගල ඝාතන 84ක් සිදුකර තිබෙනවා. මේ අපරාධ රැල්ල මැඩලීමට පියවර ගන්නා ලෙස රජයෙන් මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවෙනුත් ඉල්ලා සිටිනවා. එළඹී තිබෙන මැතිවරණය තීරණාත්මකයි. මෙය අපරාධකරුවන් නිදැල්ලේ සිටිනවාද, දූෂිතයන් නිදැල්ලේ සිටිනවාද, වංචාකරුවන්, නිදැල්ලේ සිටිනවාද නැතහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාද යන්න තීරණය කරන තීරණාත්මක මැතිවරණයක්. ඒ නිසාම ජනතාව ලෙස අපට මේ අවස්ථාව ඉතාමත්ම වැදගත්. ජාතික ජන බලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය 26 වැනි දින ආරම්භ කර, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි තොරතුරු ලබාගනිමින් ක්‍රියාත්මක වීමට සැලසුම් කර තිබෙනවා. අදාළ නීතිමය ක්‍රියාමාර්ග සඳහා එම තොරතුරු යොමු කරනවා.
“නිදහසේ ඡන්දය ප්‍රකාශ කළ හැකි වාතාවරණයක් සකස් කරලීම රජයේ වගකීමක්”
-විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ. මාර්ක්-
අපේ රටේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මහා මැතිවරණය ඇතුළු මැතිවරණ ගණනාවක් තිබෙනවා. අපි අද කතා කරන්නේ ජනාධිපතිවරණය පිළිබඳවයි. විධායකයට නායකයෙක් පත්කිරීම එහිදී සිදුකරනවා. මේ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂයෙන් පොලිස් නිලධාරීන්, වෙනත් මැතිවරණ නිලධාරීන් සහ ඡන්දදායකයන් හට සිදුකරන බලපෑම් පිළිබඳව සියලු තොරතුරු ලබා ගැනීමට අපි මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවනවා.
පොලිස් නිලධාරීන් හට නීත්‍යානුකූලව ලැබෙන නියෝග පමණක් සිදුකළ යුතු අතර, අනීතික නියෝග ක්‍රියාත්මක කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන අනෙකුත් නිලධාරීන් ඔවුන්ගේ දේශපාලන බැඳියාවන්ගෙන් නිදහස් වී රාජකාරිය සිදුකළ යුතුයි. විශේෂයෙන්ම ප්‍රකාශිත ඡන්ද ගණන් කිරීමේදී ඉතාමත් නිවැරදිව විනිවිදභාවයෙන් කළ යුතුයි. එසේ නොවෙන අනීතික ක්‍රියා ඡන්දදායකයන් මර්දනය සහ වෙනත් අනීතික බලපෑම් සම්බන්ධයෙන් වාර්තා ලබා ගන්නවා. වාර්තා ලබාදීමේදී අදාළ නම් ගම්, බල ප්‍රදේශය, ඡන්ද මධ්‍යස්ථානයක් සම්බන්ධයි නම්, ඒ මධ්‍යස්ථානයේ නම ආදිය වැදගත් වෙනවා.
මේ අනුව ජනතාවට නිදහස් හා සාධාරණව තමන් කැමති පක්ෂයකට සහ පුද්ගලයෙකුට ඡන්දය ලබාදීමේ අවස්ථාව තහවුරු කළ යුතුයි. මෙපමණ කල් ලබා නොදුන් දේපොළ හා වෙනත් වරප්‍රසාද ලබාදීම මැතිවරණ සමයේදී සිදකිරීමෙන් අදහස් කරන්නේ යම්කිසි බලපෑමක් සිදුකිරීමයි. ඒ වගේම මාධ්‍යවලින් සිදුකරන වැරදි අර්ථකථන සහ විකෘති කිරීම් පිළිබඳ තොරතුරු ලබා ගන්නත් අපි බලාපොරොත්තු වෙනවා. නිදහසේ තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ වාතාවරණයක් සකස් කරලීම පවතින රජයේ වගකීමක්. එවැනි තත්වයන් උල්ලංඝනය කිරීම් පිළිබඳව අපට තොරතුරු ලබාදෙන අයගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීමට අපි බැඳී සිටිනවා.
“විධායක නිලධාරීන්ගේ වගකීම තිබෙන්නේ පවතින ආණ්ඩුවට නොව සමස්ත රාජ්‍යයටයි”
-හිටපු අමාත්‍යාංශ ලේකම් තිස්ස වර්ණසූරිය-
ජාතික ජන බලවේගය කියන්නේ රටේ අභිවෘද්ධිය සඳහා කැපවී සිටින දේශපාලන ව්‍යාපාරයක්. ඒ යටතේ පිහිටුවන මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය අපක්ෂපාතීව හා සාධාරණව කටයුතු කරනවා. ජාතික ජන බලවේගයට මතුවන ගැටලු සම්බන්ධයෙන් මැදිහත් වන්න වෙනම යාන්ත්‍රණයක් තිබෙන අතර, අප සිදුකරන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ඡන්දදායකයන්ගේ පැත්තෙන් කටයුතු කිරීමයි. මැතිවරණයේ නාමයෝජනා බාරදුන් අවස්ථාවේ සිටම රජයේ විධායක නිලධාරීන් සියලු දෙනා මැතිවරණ කොමිෂන් සභාවට වගකියනවා. මම විශේෂයෙන්ම විධායක නිලධාරීන්ගේ කටයුතු පිළිබඳව අවධානය යොමු කරනවා. ඔවුන්ගේ වගකීම තිබෙන්නේ පවතින ආණ්ඩුවට නොව, සමස්ත රාජ්‍යයටයි. තේරීම්භාර නිලධාරියා ලෙස නිල බලයෙන් පත්වන්නේ අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයායි. මැතිවරණය ප්‍රකාශයට පත් කළ වහාම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් වහාම ස්ථාන මාරුකිරීම් සිදුකරලා. ඒ වගේම පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙකු මාරුකර තිබෙනවා. ඉස්සර මහජනතාවට ඉඩම් ඔප්පු ලබාදුන්නේ ග්‍රාම නිලධාරී මාර්ගයෙන්. අද මේ වන විට උරුමය ඔප්පු බෙදා දෙන්න රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයක් උත්සව වෙනුවෙන් පමණක් වියදම් කරමින් දේශපාලනඥයන් සම්බන්ධ වෙනවා. ක්‍රීඩා උපකරණ, මරණාධාර සමිතිවලට හට් වැනි දේවල් පවා බෙදනවා.
අපේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුවත්, මධ්‍යස්ථව ක්‍රියාකරනවා. ඔබ අපට ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක් ලබාදීමට ක්‍රියාකරනවා.
“ජනතාවට සාමකාමී ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තහවුරු කිරීම අපගේ මූලික වගකීමයි”
-පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ කටයුතු පිළිබඳ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න-
ජනාධිපතිවරණයට 1981 අංක 15 දරන මැතිවරණ පනත වලංගු වෙනවා. නීතිගරුක සමාජයේ සෑම කෙනෙක්ම සාමකාමීව ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය තහවුරු කිරීම බලාපොරොත්තු වෙනවා. ඒ තහවුරු කිරීමට පහසුකම් සැලසීම අපේ මධ්‍යස්ථානයේ මූලික අරමුණයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නගේ මූලිකත්වයෙන් මැතිවරණ නිරික්ෂණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙනවා. පොලිස් දෙපාර්තමේන්තුවේ මැතිවරණ රාජකාරිවල යෙදී අවුරුදු 16ක පමණ අත්දැකීම් මට තිබෙනවා. ඒ කාලය තුළ මැතිවරණ ප්‍රචණ්ඩ කියා ඉතා අවම මට්ටමට කර ගන්න අපට හැකිවුණා. පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් මහජනතාවගේ ඡන්ද අයිතිය තහවුරු කරන්න කැපවීමෙන් ක්‍රියාකරන බව අත්දැකීමෙන්ම මම දන්නවා. ඒ උනන්දුව තවත් වර්ධනය වී ඇති බව මට පැහැදිලියි.
යම් අවස්ථාවක නීතිය කැඩෙනවා නම්, ඒ සම්බන්ධ කරුණු අධිකරණ ක්‍රියාවලියට යොමුකරලීම තුළින් මහජනතාව බලාපොරොත්තු වෙන නිදහස් හා සාධාරණ මැතිවරණයට අවස්ථා පුළුල් කර දෙනවා. පසුගියදා පැවැති මහා බි්‍රතාන්‍යයේ ඡන්දය ඉතාම සාමකාමීව පැවැති ආකාරය අපි දැක්කා. එවැනි මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් දිස්ත්‍රික්ක 24 පුරාම අපේ නිරීක්ෂණ සිදුකරනවා. දේශපාලන පක්ෂ ලෙස කවුරුන් ඉදිරිපත් වුවත් මහජනතාවට සාමකාමී ලෙස තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීමේ අවස්ථාව තහවුරු කිරීම අපගේ මූලික වගකීමක් ලෙස ක්‍රියාකරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු
ප්‍රශ්නය: මැතිවරණයක් අත ළඟ තිබෙන අවස්ථාවක පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ තත්වය මැතිවරණය පැවැත්වීමට බාධාවක් නොවේද?
පිළිතුර:
පොලිස්පති පත්කර ගැනීම දෙපාර්තමේන්තුවේ ක්‍රියාමාර්ග අනුව සිදුකර ගනීවි. මැතිවරණයට අදාළ නීතිරීති චක්‍රලේඛ අනුව ක්‍රියාකිරීමේ හැකියාව සහ අත්දැකීම් පොලිස් නිලධාරීන්ට තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාව පොලිස්පති පත්කර ගැනීමේ ක්‍රියාවලිය ඉදිරියේදී සිදුකරාවි. අතීතයේ වැඩබලන පොලිස්පතිවරු යටතේ මැතිවරණ පැවැත්වූ අවස්ථා ගණනාවක්ම තිබෙනවා. ඒ නිසා අඩුවක් නැතිව එම කටයුතු සිදුවේවි.
ප්‍රශ්නය: මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු පත්කිරීම් කරන්න බැහැ නේද?
පිළිතුර:
නීතියේ ආධිපත්‍යය අනුව අධිකරණ තීන්දුව ලබාදී තිබෙනවා. එය නිසියාකාරව ක්‍රියාත්මක කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.
ප්‍රශ්නය: අධිකරණ තීන්දු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය ඉදිරි දින දෙකේදී ප්‍රකාශයට පත්කරන බව කියා තිබෙනවා. එය කිනම් ආකාරයකින් බලපායිද?
පිළිතුර:
මෙයට පෙරත් කිහිප අවස්ථාවක යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාමාර්ගය අධිකරණයෙන් ලබාදි තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අපි ආඩම්බර වෙන්න ඕනෑ. මෑත අතීතයේ අනීතික කැබිනට්ටුවක් පත්කිරීමෙන් පසු එය මුළුමනින්ම ඉවත් කිරීමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදුකළා. පොලිස්පතිවරයාට අධිකරණයෙන් ලබාදී තිබෙන වාරණ නියෝගය මැතිවරණයට කිසිසේත් බලපාන්නේ නැහැ. 2019 ජනාධිපතිවරණය පැවැත්වූ අවස්ථාවේ පොලීසියට නායකත්වය දුන්නේ පරිපාලනය සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහත්මයායි. එතුමා වැඩබලන පොලිස්පතිවරයා ලෙස මැතිවරණ රාජකාරි සාර්ථකව ඉටුකළා. 2020 අගෝස්තු මාසයේ මහා මැතිවරණය පැවැත්වූ අවස්ථාවේ සී.ඩී. වික්‍රමරත්න මහත්මයාම වැඩ බලන පොලිස්පති ලෙස සාර්ථක ලෙස කටයුතු කළා. මැතිවරණයකදී ක්‍රියා කිරීමට කල් ඇතිව සැලසුම් සහගතව පොලීසියේ යාන්ත්‍රණය මෙහෙයවනවා.
ප්‍රශ්නය: මැතිවරණය ප්‍රකාශයට පත්කරන අවස්ථාව වන විට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කර නොසිටිය හොත් කුමන තත්වයක් මතුවේවිද?
පිළිතුර:
නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබාදේවි. ඒ වගේම ජාතික පොලිස් කොමිසමෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් කරාවි. අධිකරණය ලබාදී තිබෙන තීන්දුවක් සම්බන්ධයෙන් විධායකය විසින් කල් ගැනීම අදාළ වෙන්නේ නැහැ. විධායකය කල්දැමීමේ ක්‍රියාවලියක සිටිනවා නම්, මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගත හැකියි. පොලිස්පති ලෙස මූලිකයෙක් නොසිටියත් යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ තීන්දුව සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී පොලිස් කොමිෂන් සභාව ඊළඟ පත්කිරීමේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපේ ස්ථාවරයන් මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීම නොසුදුසුයි.
මෙම සාකච්ඡාවට සහභාගි වූ සෙසු පිරිස
විශ්‍රාමික පොලිස් සාමූහිකයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගජසිංහ මහතා, හිටපු අමාත්‍යාංශ ලේකම් කේ.ජී. ලීලානන්ද මහතා