Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

පාතදුම්බරත් බලමුළු ගැන්වෙයි

-Colombo, November 01, 2023-

ජාතික ජන බලවේගයේ පාතදුම්බර ආසන සමුළුව පසුගිය ඔක්තෝබර් 29 දා වත්තේගම නවයාලතැන්න ක්‍රීඩාංගනයේ දී පැවැත්වූණි. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික විධායක සභික කේ. ඩී. ලාල් කාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීති ආචාර්ය හරිනි අමරසුරිය, නාට්‍යවේදී ප්‍රසන්නජිත් අබේසුරිය ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගී වූහ. විශාල ජන සහභාගීත්වයකින් පැවති මෙම සමුළුවේ ප්‍රධාන දේශනවලට අමතරව ආචාර්ය නිකවැවේ පඤ්ඤාසේකර නාහිමියන්ද, හිටපු නාගරික මන්ත්‍රී මන්සිල් මුතාලිබ්, සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක ඊ.එම්. බස්නායක ද අදහස් දැක්වූහ. පාතදුම්බර ආසනයේ නායකත්ව මණ්ඩලය මෙහිදී පත්කර ගන්නා ලදී.