Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික ජන බලවේගයේ නායකයින් පලස්තීන තානාපති හමුවෙයි

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා සහ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච්. සෙයිඩ් මහතා අතර හමුවක් අද (18) දින පලස්තීන තානාපති කාර්යාලයේදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද සහභාගි විය. මෙහිදී පලස්තීනයේ ඇති වී තිබෙන යුදමය තත්වය හේතුවෙන් කාන්තාවන් දරුවන් ඇතුළු විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසකට ජලය, විදුලිය, ආහාර, සෞඛ්යි පහසුකම් නොමැතිව පීඩාවට පත්ව සිටීම පිළිබඳව ජාතික ජන බලවේගයේ කනගාටුව පලස්තීන තානාපතිවරයා වෙත පළකරනු ලැබිණි.


මෙහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා, එක්සත් ජාතීන්ගේ සංවිධානය යුදමය ගැටලුවට ඉතා ඉක්මනින් සාධාරණ මැදිහත් වීමක් කළ යුතු බවත් එම සංවිධානයේ ස්ථාවරය වන ඊශ්‍රායලය හා පලස්තීනය රටවල් දෙකක් ලෙස පිළිගැනීම වහා ක්‍රියාත්මකවිය යුතු බවත් අවධාරණය කළේය. නිදහස් පලස්තීනයක් වෙනුවෙන් දීර්ඝ කාලයක් තමන් හඬ නඟා ඇති බව පෙන්වා දුන් අනුර දිසානායක සහෝදරයා පලස්තීනයේ ජනතාවට නිදහසේ ජීවත් වීම සඳහා අවස්ථාව හිමි විය යුතු බව ජාතික ජන බලවේගයේ ස්ථාවරය බව තානාපතිවරයාට ප්ර්කාශ කර සිටියේය.