(-ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව – 2024.09.15-)
පරාජයෙන් වියරු වැටී සිටින රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන දෙදෙනා ඔවුන්ගේ මැතිවරණ වේදිකාවලත්, එතැනින් පිට අවලාද නඟන්නන් පිරිසත් යොදා ගනිමින්, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා, වසන්ත සමරසිංහ සහෝදරයා, සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා ඇතුළු අනෙකුත් නායකයන් ඉලක්ක කර ගත් මඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මේ ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය කාටවත් වළක්වන්න බැහැ. ඒ නිසාම ජාතික ජන බලවේගය වෙත තම වෛරය මුදාහරිමින් සිටිනවා. ඇතැම් සංඝයා වහන්සේලාත් සම්බන්ධ කර ගත් ආගම සම්බන්ධ කර ගත් මඩ ව්‍යාපාරයත්, ජාතික ජන බලවේගය මැදිහත් වී 22 වැනිදා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ ප්‍රචාරත්, මුළුමනින්ම නිර්මාණය කරන ලද ප්‍රචාරත් වශයෙන් විවිධ ආකාරයෙන් පවතිනවා. ඊට අමතරව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, චිත්‍රපට අධ්‍යක්‍ෂ, ජගත් මනුවර්ණ ඉලක්ක කර ගත් ප්‍රචාර දියත් කර තිබෙනවා. ඔහු වසර දෙකහමාරකට පෙර සජිත් ප්‍රේමදාසට පහර දුන් බවට දැන් ප්‍රචාර ගෙන යනවා. ඒ වාගේම ‘අදිටන’ සාමුහිකයෙන් ආයුධ එකතු කරන බවටත් ප්‍රචාර යවනවා. මේ හැම දෙයක්ම නිර්මාණය කරන්නේ ජනතාව තුළ බියක්, චකිතයක් ඇති කරන්නයි. කවුරුන් හෝ මේ මඩ, අවලාද පිළිබඳව යම් හෝ චකිතයකට පත්ව සිටිනවා නම්, ඒවා නිරාකරණය කරන්න මේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡන්දයෙන් ලබාගෙන ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්නත්, ඉන් පසුව අපට ඡන්දය නොදුන් අය පවා සංවර්ධනයට හවුල් කර ගන්නත් කටයුතු කරන ආකාරය අප පැහැදිලි කර දී තිබෙනවා. මඩ, අවලාදවලින් අපේ මේ ජයග්‍රාහී ගමන නවත්වන්න බැහැ.
“මඩ අවලාදවලට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග 21 වැනිදායින් පසුවටද ගන්නවා”
-ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්-
වසන්ත සමරසිංහ මහතා සම්බන්ධයෙන් ගොතන ලද ප්‍රබන්ධය පිළිබඳව පැහැදිලි කිරීමක් පසුගිය සැප්තැම්බර් 07 වැනි දින අප සිදු කළා. මේ සම්බන්ධයෙන් වසන්ත සමරසිංහ මහතා සහ මහින්ද ජයසිංහ මහතා නීතිඥ සංගමයටත්, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමාටත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් කර තිබෙනවා. විශේෂයෙන්ම අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වගඋත්තරකරුවන්ට විරුද්ධව ක්‍රියා කරන ලෙස එමඟින් ඉල්ලා තිබෙනවා. නිතිඥවරුන් වන රණගල මහතා සහ දයාසිරි ජයසේකර මහතාට විරුද්ධව ක්‍රියා කරන ලෙසයි ඉල්ලා සිටින්නේ. ඒ ව්‍යාජ ප්‍රචාරය සිදු කළ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍යවලට එරෙහිවත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඒ මඟින් අප ඉල්ලා තිබෙනවා. ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින එම නඩුවට වසන්ත සමරසිංහ මහතාට හෝ මහින්ද ජයසිංහ මහතාට පාර්ශ්වකරුවන් ලෙස මැදිහත් විය නොහැකියි. ‘අදිටන’ විශ්‍රාමික සාමුහිකයේ සාමාජිකයන් 40,000කට වැඩි පිරිසක් ඉතා විනයගරුකව අපේ මැතිවරණ ව්‍යාපාරයට දායක වී සිටිනවා. නමුත්, තුෂාර ඉඳුනිල් වැනි අය මෝඩ කතා කියමින්, තවදුරටත් ප්‍රචාර ගෙන යනවා.
ඒ වාගේම වසන්ත සමරසිංහ මහතාට විරුද්ධව තව ගෙන යන මඩ ව්‍යාපාරයක් ඩිල්මා සමාගමේ හිටපු සභාපති, මෙරිල් ජේ. ප්‍රනාන්දු මහත්මයාගේ අත්සනින් ‘වාර්ෂික අනුග්‍රාහකත්වය’ යනුවෙන් 2021 මැයි මාසයේ 14 දිනයක් සඳහන් කරමින්, ලිපියක් මුදාහැර තිබෙනවා. මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ‘ඩිල්මා’ කියන නාමය ලෝකය පුරා ගෙන ගිය තේ සම්බන්ධයෙන් කීර්තිමත් නාමයක් ලංකාවට හිමි කර දුන් අයෙක්. ළඟ දී අභාවප්‍රාප්ත වූ එතුමාගේ අත්සන ව්‍යාජ ලෙස පාවිච්චි කරමින්, මඩ ප්‍රචාර දියත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සැප්තැම්බර් 14 වැනිදා ඩිල්මා සමාගමේ ලේකම්, ජෑන්ගා වෑගොඩපොළගේ අත්සනින් අපට ලියුමක් එවා තිබෙනවා. එවැනි ලිපියක් මෙරිල් ප්‍රනාන්දු මහත්මාගේ අත්සනින් නිකුත් කර නැති බව ලේකම්වරිය දන්වා තිබෙනවා. එම ව්‍යාජ ලිපිය සමාජ මාධ්‍යයට මුදාහැරි සහ එය ප්‍රචාරය කරන්න දායක වුණු අයට විරුද්ධව අප අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අප මේ කටයුතු සිදු කරන්නේ 21 වැනිදා තෙක් බව සමහර අය කල්පනා කරන නමුත්, අපරාධ සහ සිවිල් වශයෙන් මේ නින්දිත ක්‍රියාවලට විරුද්ධව අපි අධිකරණමය කටයුතුවලට ප්‍රවේශ වෙනවා. මින් ඉදිරියට අපට විරුද්ධව ගෙන යන මඩ, අවලාද, අසත්‍ය ප්‍රකාශවලට විරුද්ධව අපි අධිකරණමය ක්‍රියාමාර්ග නිශ්චිත වශයෙන්ම ගන්නා බව අවධාරණය කරනවා.
“වට්ස්ඇප්වල බොරු දාන අයගේ හාම්පුතුන් ගහන ගේම් අපි හෙළිකරනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ-
ඩිල්මා ආයතනය සම්බන්ධ කරමින්, ව්‍යාජව සකස් කළ ලිපිය මුල් වරට සමාජ මාධ්‍යයට මුදාහරින්නේ ‘යක්කාණ්ඩුව’ කියන ‘වට්ස්ඇප් ගෲප්’ එකෙන්. ඒ ගෲප් එක කරන ‘ඇඩ්මින්’ විදියට ඉන්නේ උපාලි ගුණසේකර. ඔහුගේ ෆෝන් නම්බර් එක 070 662 8866/071 207 1744. දුලිප් කියන කෙනා මේ වට්ස්ඇප් ගෲප් එකට මුලින්ම මේ ලිපිය මුදාහරිනවා. ඔහු ඉන්නේ 070 143 9996 අංකයේයි. මෙරිල් ප්‍රනාන්දු මහතා මිය ගිය අයෙක්. ඔහුගෙන් මාසිකව මම අල්ලසක් ගත් බවටයි, මේ ලිපියෙන් සඳහන් කර තිබෙන්නේ. මේ අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න අප කටයුතු කරනවා. උපාලි ගුණසේකර දෙවන වරටත් මෙම ලිපිය මුදාහරිනවා. ඊට අමතරව රනිල් වික්‍රමසිංහට ‘රට නඟන ගමන’ කියලා වට්ස්ඇප් ගෲප් එකක් තියෙනවා. ඒකෙත් මේ ලිපිය මුලින්ම අනෝමා කියලා කෙනෙක් 071 744 2930 අංකයෙන් මුදාහැර තිබෙනවා. එහි ඇඩ්මින් විදියට ඉන්නේ පවිත්‍ර ජයමාන්න 076 303 9499 අංකයෙන්. තවත් ඇඩ්මින් කෙනෙක් පිලිප් කියාලා 076 730 0760 අංකයෙන් ඉන්නවා. ඒ වාගේම ජර්මනියේ ඉඳන් සුභාෂිනී කියලා කෙනෙක් ූ4915 122335648 අංකයෙන් තව දුරටත් මුදාහැර තිබෙනවා. ඒ වාගේම ‘ශ්‍රී ලංකා මෙඩිකල් ප්‍රෙෆෙෂනල්’ කියලා කෙනෙක් අංක 071 689 8874 තවදුරටත් ව්‍යාප්ත කරනවා. මේ සියලු දෙනාට සයිබර් අපරාධ යටතේ අප පැමිණිලි කර තිබෙනවා. අල්ලස් සහ කප්පම් ගැනීම් යටතේ මාව සම්බන්ධ කරමින්, මේ ආකාරයේ ප්‍රචාර යවා තිබෙනවා.
විශේෂයෙන්ම දැනට ඕස්ටේ්‍රලියාවේ පදිංචිව සිටින ‘දෙරණ’ නාලිකාවේ වැඩ කළ දිල්කා සමන්මලීගේ ‘ෆේස්බුක්’ පිටුවේ පෝස්ටුවක් ප්‍රචාරය කර තිබුණා. දවස් දෙකකට කලින් මම ඇයට කතා කර අනවබෝධයෙන් පළ කළා නම්, නිවැරැදි කරන ලෙස ඉල්ලා සිටියා. ඇය එය නිවැරැදි කර තිබුණා. ඒ වාගේම “මගේ එෆ්බී එකේ මෙය ප්‍රශ්න කළා වාගේම විනාඩි කිහිපයක් තුළ මෙය වැරැදි පුවතක් බවත් සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වාගේම වැරැදි පෝස්ට් එකක් දාන්න කලින් සොයා බැලීමේ වගකීමකුත් තිබෙනවා. ඒ වාගේම ගල්කිස්ස අධිකරණයේ ක්‍රියාවලියට අදාළවත් ගෙන ගිය ප්‍රචාරය වැරැදි බව මම සඳහන් කළාම එය පදනම් කරගෙන මම අධිකරණයට අපහාස කළ බව කියමින්, පෝස්ට් එකක් දැම්මා. ඒ අවස්ථාවේ ඒ උසාවියේ සිටි අතුල රණගල නීතිඥ මහතා වැරැදි පෝස්ට් එකක් ෂෙයාර් කරලා තිබුණා. ඔහුටත් ඒ නීතිය අදාළයි. ඒ වාගේම එස්.ජේ.බී. වැල්ලවාය කියන ගෲප් එක ඩිල්මා ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් පෝස්ට් එක ෂෙයාර් කර තිබෙනවා.
මම දැන් හෙළි කරන්නම්, පසුගිය කාලයේ බාර් ලයිෂන් ගනුදෙනු සිදු කළ හැටි. රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සහ සජබ මන්ත්‍රීවරුන්ට ‘බාර් ලයිෂන්’ කියන කැරට් අලය දුන්නා. ලයිෂන් එක අත්සන් කර ගන්නෙත් නැතිවම සමහර අය කැරට් අලය කෑවා. සමහර පුද්ගලයන්ගෙන් බාර් ලයිෂන් දීමේ පොරොන්දුව මත පගාව අරගෙන ලයිෂන් එක දෙන්න බැරි වුණු පිරිසක් දැන් හිර වී සිටිනවා. පගාව දුන් අය එක්කෝ බාර් ලයිෂන් එක දෙන ලෙසත්, නැත් නම්, අදාළ මුදල් ලබා දෙන ලෙසත් ඉල්ලීම නිසා සජබ මන්ත්‍රීවරු ගලේ පැහැරූ බළලුන් මෙන් හතර අතේ දුවනවා. රනිල්ගේ වේදිකාවට නැඟගන්නත් බැහැ, සජිත් ළඟ ඉන්නත් බැරි වී තිබෙනවා. මැල්සිරිපුර, ගලේවෙල, අංකුඹුර යන ස්ථානවලට බාර් ලයිෂන් දෙන්නම් කියලා රුපියල් මිලියන 21ක් සජබ මන්ත්‍රීවරයෙක් අරන් තියෙනවා. එයින් මිලියන පහක්ම මුදල් වශයෙන් විතැන් කර තිබෙනවා. ඒ වාගේම මිලියන 10ක චෙක් එකක් පාර්ලිමේන්තු සංකීර්ණයේ ලංකා බැංකුවෙන් නිකුත් කර තිබෙනවා. චෙක්පත් අංකය 277245. මේ චෙක් එක ඔක්තෝබර් මාසයේ 10 වැනිදාට දිනය ඇතුළත් කර තිබෙනවා. තව මිලියන හයක් දෙන්නත් තිබෙනවා. මෙයා රනිල්ගේ වේදිකාවට ආවේ නැති නිසා බාර් ලයිෂන් එකට අත්සන් කරලා නැහැ. වට්ස්ඇප් ගෲප්වල බොරු ප්‍රචාර දාන අයට අපි හෙළි කරන්නේ ඔවුන්ගේ හාම්පුතුන් ගහන ගේම් ගැනයි. සජිත් ප්‍රේමදාස සහ පිරිස බස් බෙදන්න සල්ලි කොහෙන් ද ඇහුවාට කීවේ නැහැ නේ. නමුත්, අපි ඒවා ළඟදීම හෙළි කරන්නම්. ඒ වාගේම නාරම්මල බාර් ලයිෂන් එකට මිලියන 35ක් අරගෙන තිබෙනවා. කතරගම බාර් ලයිෂන් එක දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක ඉන්න කෙනෙක්. මේ සම්බන්ධයෙන් සියලු විස්තර අපි 18 වැනිදා එළියට දානවා. ජාතික ජන බලවේගයේ රජයක් තුළ මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා. ජාතික ජන බලවේගයට බොරු මඩ ගහගෙන ඇවිල්ලා, 18 වැනිදා ඔයගොල්ලන්ගේ ඇත්ත සියල්ල එළියට දැම්මාම ජනතාව වඩා හොඳින් තේරුම් ගනීවි.
අපට විශේෂ දෙයක් හෙළි කරන්න මේ අවස්ථාවේ ලැබී තිබෙනවා. සමඟි ජන බලවේගයට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් ගම්පහ දිස්ත්‍රික්කයේ තැනින් තැන ගෙවල්වලට පත්‍රිකාවක් බෙදාගෙන යනවා. එහි සඳහන් වන්නේ “අනාගමික රාජ්‍යයක් බිහි වීමට ඉඩ නොදෙමු. සිංහල බෞද්ධයනි, රැල්ලට ගොස් බෙල්ලේ වැල ලා ගැනීමට පෙර දෙවරක් නොව කිහිප වරක්ම සිතන්න” යනුවෙන්. ගම්පහ, හිරිපිටිය ප්‍රදේශයේ දැනටත් මේ පත්‍රිකාව බෙදමින් පවතිනවා. මෙයින් පැහැදිලි වන්නේ සමඟි ජන බලවේගය කොයි තරම් කලබල වෙලා ද කියලා. මේ වාගේ මඩ පත්‍රිකාවක් බෙදන කෙනාට සහ මුද්‍රණය කළ කෙනාට අයි.සී.සී.පී.ආර්. පනත යටතේ කටයුතු කළ හැකියි. ආගම් අතර අසමඟියක්, ජනතාව අතර අසමඟියක් ඇති කරන්නයි මේ උත්සාහ කරන්නේ.
මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
බාර් ලයිෂන් දීලා තියෙන්නේ ඇමැතිවරුන්ට ද? මන්ත්‍රීවරුන්ට ද?
අපි 18 වැනිදා මේ සම්බන්ධ සියලු විස්තර හෙළි කරනවා. චෙක්පත් අංකයත් එක්ක කීවේ, වඩාත් තහවුරු වෙන්න. කතරගම බාර් ලයිෂන් එක දුන්නේ පාර්ලිමේන්තුවේ ලොකු පුටුවක ඉන්න කෙනෙක් බව ව්‍යංගයෙන් කීවා. ඒ සියල්ලම අපි 18 වැනිදා එළියට දානවා. ආණ්ඩුවේද, සජබයේ ද කියලා 18 වැනිදා කියනවා.
ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවාහැරියහොත්, ඇති වන තත්වය කුමක් ද?
ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට හැකියාවක් තිබෙනවා, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. එහෙම විසුරුවා හැරියහොත්, එයින් කියැවෙන්නේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එක් වී මේ රට අල්ලලා පොළොවේ ගහනවා කියන එකයි. ශුද්ධ සිංහලෙන් කියනවා නම්, කුපාඩි වැඩක්. ව්‍යවස්ථාවෙන් යා හැකි දුරකුත් තියෙනවා. නමුත්, මේ කුපාඩි වැඩෙන් කරන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වාගේ වැඩක්. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ බල හුවමාරුවක දී රටට හෝ ජනතාවට හෝ අගතියක් නොවන හැටියට ක්‍රියා කිරීම ජනාධිපතිගේ වගකීමක්. මේ රටට කළ හැකි උපරිම අගතිදායක දේවල් සිදු කර ඔවුන් යනවා නම්, ඒ අලුතින් පත් වන ජනාධිපතිවරයාට ක්‍රියා කළ හැකි ආකාරයන් තිබෙනවා.
පාඨලී චම්පික රණවක මහතා කියලා තියෙනවා, ඔබලා මේ එළිදක්වා තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශයට අමතරව තව එකක් තියෙනවා කියලා. ඒ ගැන මොකද කියන්නේ ?
පාඨලී චම්පික ප්‍රමුඛ බොහෝ අයට දැන් ප්‍රශ්නය වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන බව නියත වීමයි. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන ව්‍යාපාරයක් හැටියට ඉතිහාසයේ ඡන්ද ඉල්ලුවා, ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කළා. දේශපාලනය කළා. 2018දී ජාතික ජන බලවේගය ගොඩනැඟුවා. 2019 ජනාධිපතිවරණයට අනුර සහෝදරයා ඉදිරිපත් කළා. ඒ වාගේම 2020 මහා මැතිවරණයට ජාතික ජන බලවේගය ඉදිරිපත් වුණා. ඒ වාගේම 2024දීත් ජාතික ජන බලවේගය ලෙස අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුවයි ජනාධිපති නීතිඥවරුන්, මේ රටේ ව්‍යාපාරික ප්‍රජාව, විශ්‍රමිකයන්, වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා එකතු වී සිටින්නේ. එහෙම නම්, අපි චම්පික රණවකගෙන් අහනවා, ඒ ගොල්ලෝ පටන් ගත්ත හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි, සජබයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයයි එකක් ද? දෙකක්ද කියලා. ඔය වාගේම පාස්කු ප්‍රහාරය අවස්ථාවේ අනුර සහෝදරයා කළ ප්‍රකාශයත්, හකීම් මහතා පාර්ලිමේන්තුවේදී පසුගියදා විකෘති කර ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් අපි එන්තරවාසියක් යැව්වා. මේ නිසා හකීම් මහතා අද ‘තිනක්කුරල්’ පත්‍රයට ඒ වරද නිවැරැදි කර තිබෙනවා. ඔහු කලබලයෙන් සිටි බවත්, අනුර කුමාර දිසානායක ජාතිවාදී ප්‍රකාශයක් නොකළ බවත් ප්‍රකාශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයෙන් පසුව මුස්ලිම් ජනතාවට තිබුණු ප්‍රශ්න වෙනුවෙන් අනුර සහෝදරයා දිගින්දිගට ම පෙනී සිටියා. එය විකෘති කළ හකීම් මහතට එය නිවැරැදි කරන්න සිදු වුණා වාගේම රනිල් වික්‍රමසිංහ උතුරට ගිහින් අනුර සහේා්දරයාට විරුද්ධව ජාතිවාදය අවුස්සන්න උත්සාහ කළ අවස්ථාවේ සුමන්තිරන් මහතා ඉදිරිපත් වී අනුර සහෝදරයා ජාතිවාදියකු නොව බව ප්‍රකාශ කළා. ඔය වාගේම දැන් චම්පික රණවක උත්සාහ කරනවා, මේ වාගේ ව්‍යාජයන් සමාජගත කරන්න. නමුත්, මේ 21 වැනිදා මේ රටේ ජනතාව අනුර සහෝදරයා ජනාධිපති කරවන එක වළක්වන්න ඔය කිසිවකුටත් බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සියලුම මිනිසුන්ගේ හීනයක් හැබෑ කිරීමේ අවස්ථාව ඒ ජනාධිපතිවරණයෙන් පසුව සැබෑ කර දෙනවා. ජාතික ජන බලවේගයේ හංගලා ගහන දේවල් නැහැ.