”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා ආණ්ඩුවට බල කරනවා” යයි ජාතික ජන බලවේගයේ සංවිධානයේ නීතිඥ – සුනිල් වටගල ප‍්‍රකාශ කළේය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ පසුගිය ඔක්තෝබර් 08දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු ඇතුළු නීතිීඥවරු සහ නීතිඥවරිය මෙසේ අදහස් දැක්වූහ.
”ඔන්ලයින් ඇප් එක ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයෝ ලෙස නෛතික විග‍්‍රහයක් කරන පති‍්‍රකාවක් මුළු රටටම ඉදිරිපත් කරනවා. ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන පනතේ හරයාත්මක කරුණු මෙම ලියවිල්ලට ඇතුළත් කර තිබෙනවා. අද අපි එය මාධ්‍යයට නිරාවරණය කරන්න සූදානම්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ පවතින නෛතික සිද්ධාන්තයන්ට පටහැනි මේ පනත ගැන මුලින්ම නීතිඥ ප‍්‍රජාව දැනුවත් කර, සාමාන්‍ය ජනතාවත් දැනුවත් කිරීමට අදාළව මේ දැනුවත් කිරීමේ පති‍්‍රකාව සකස් කර තිබෙනවා. අපි දැනටමත් මේ පනත් කෙටුම්පතට විරුද්ධව අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සහ ගම්පහ අධිකරණය ඉදිරිපිට නීතිඥවරුන්ගේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා. සඳුදා (09 දින, උදේ 09.30ට උතුර, නැගෙනහිර පළාත්වල සියලූ නීතිඥ මහත්ම මහත්මීන් පැමිණීමෙන් මුලතිව් මහේස්ත‍්‍රාත්වරයා ඉල්ලා අස්වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් විරෝධතාවක් පැවතෙන අවස්ථාවට ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඒ වගේම මේ පනත සම්බන්ධයෙන් දිවයිනේ සියලූම දිස්ති‍්‍රක්කවල නීතිඥවරුන්ගේ විරෝධතාවන් පවත්වනවා. විෂය භාර ඇමතිට අපි අවධාරණය කරන්නේ මේ දුර්දාන්ත පනත ඉල්ලා අස්කර ගන්න කියලා. මෙය රටේ නීතිය හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවෙයි.
සාපරාධී අපහාස නීතිය අහෝසි කළ බව රනිල් වික‍්‍රමසිංහ කියනවා. නමුත් ඒ ඉවත් කළා කියන සාපරාධී නීතිය දැන් ඉදිරිපත් කර තිබෙන ඔන්ලයින් කෙටුම්පතේ 22 වන වගන්තියෙන් යළි හඳුන්වා දී තිබෙනවා. මිස්ටර් ක්ලීන්ගේ තරම එයින් පැහැදිලියි. ජනාධිපති විසින් පස්දෙනෙකු පත්කර නීතියේ අපගමනයක් සිදුකරන්න රනිල් වික‍්‍රමසිංහ කි‍්‍රයාකරන ආකාරය පැහැදිලියි. මෙය හරියටම 22 වන ව්‍යවස්ථා සංශෝධනයක් වගේ පැහැදිලියි. මේ උත්සාහ කරන්නේ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් ගොඩනඟා ගන්න. ඡුන්දය නොපවත්වා තවදුරටත් යා හැකි ක‍්‍රමයක් මේ මගින් ජනාධිපතිවරයා සොයා ගන්න උත්සාහ කරනවා. නමුත් නීතිඥ ප‍්‍රජාව සහ ජනතාව ව්‍යවස්ථානුකූලව පෙළ ගස්වා මේ අනපනත් හකුලා ගැනීමට අදාළ පීඩනයත් ආණ්ඩුවට එල්ල කරනවා.”
සාධරණත්වය, යුක්තිසහගත බව සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් රටේ ජනතාව පෙළ ගැසිය යුතුයි. -ජාතික ජන බලවේගයේ සංවිධානයේ – නීතිඥ හේමක සේනානායක-
”මාර්ග ගත අදහස් ප‍්‍රකාශ කිරීම අහුරාලන පනත සහ ප‍්‍රතිත‍්‍රස්ත පනත පිළිබඳවත් මේ ආණ්ඩුව යටතේ නැවත පැන නැගී තිබෙන අධිකරණ බලපෑම සම්බන්ධයෙනුත් අපගේ විශේෂ අවධානය යොමුකර තිබෙනවා. මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ, ශිෂ්ටත්වයේ, සාධාරණත්වයේ කොඳු නාරටිය අධිකරණයයි. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ අධිකරණයට සිදුකරන බලපෑම් නිසා රටේ යුක්තිය ඉෂ්ට කිරීමේ කි‍්‍රයාවලියට විශාල බලපෑම් එල්ල වී තිබෙනවා. 1983 ජූලි මස 08 වැනිදා පැවැත් වූ විරෝධතාවයකදී විවියන් ගුණවර්ධනගේ යටි බඩට ගනේශනාධන් කියන පොලිස් නිලධාරියා පහරක් එල්ල කළා. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් නඩුව පර්සි කොලෙන්තෝනි, ජේ.එම්.ඒ. සෝසා සහ බාන්ස් රත්වත්තේ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත්තා. මේ නඩුවේදී ගනේෂ් නම් පොලිස් නිලධාරියා වැරදිකරු බවත් ඔහුගේ ඔහුගේ පෞද්ගලික ධනයෙන් රුපියල් 2500ක වන්දියක් විවියන් ගුණවර්ධනට නියම කළා. නමුත් එම දඩය රජයේ මුදලින් ගෙවා පොලිස් නිලධාරියාට උසස්වීමක් ලබා දුන්නා. මේ නඩු තීන්දුව දීමෙන් පසු කළු ලකී කියන මැරයාව යවලා විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගැහුවා. කළු ලකී එම වගකීම භාරගත්තා. නමුත් පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ලක්ෂමන් ප‍්‍රනාන්දු හෙවත් කළු ලකීව අත්අඩංගුවට ගැනීමට සොයා ගත නොහැකි බවයි. මේ අතර ‘සන් පුවත්පත’ කළුලකීගේ මඟුල් ගෙදර ඡුායාරූප ප‍්‍රසිද්ධියට පත් කළා. එවකට අධිකරණ ඇමතිව සිටි නිශ්ශංක විජේරත්න, එවකට තරුණ කටයුතු ඇමති, අද ජනාධිපති රනිල් වික‍්‍රමසිංහත් ඒ ඡුායාරූපවල සිටියා. අධිකරණයට සිදුකළ මේ කුප‍්‍රකට බලපෑම් එතනින් අවසන් වුණේ නැහැ. මේ සිදුවීම් කාලයත් සමග යටපත් වුණත් අධිකරණයට සිදුකළ බලපෑම අවසන් වුණේ නැහැ. රිෂාඞ් බදුර්දීන් සිදුකළ බලපෑම අරගලය කාලයේ අත්අඩංගුවට ගත් තරුණ තරුණියන්හට කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමිය ඇප ලබාදීම වැනි අවස්ථා දක්වා මෑත කාලය වනතුරු පවතිනවා. කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමියගේ ආරක්ෂාව රැය පහන් වන විටම ඉවත් කර තිබුණා. මුලතිව් අධිකරණයේ සිටි සරවන රාජා විනිසුරුතුමා සඳහන් කරන්නේත් ඔහුගේ ආරක්ෂාව ඉවත් කළා කියලා. බලපෑම් හමුවේ කඩුවෙල මහේස්ත‍්‍රාත්තුමිය ඉවත් වුණේ නැහැ. තව පැත්තකින් පළාත් පාලන මැතිවරණයට වහාම වෙන්කළ මුදල් ලබාදෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලා කළ නියෝගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවත් පත්කරන ලෙස පේ‍්‍රමනාත් දොලවත්ත කියන මන්තී‍්‍රවරයාත්, ෂෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමතිවරයාත් යෝජනා කර තිබුණා. පේ‍්‍රමනාත් දොලවත්ත කියන්නේ නීතිඥවරයෙක් නිසා ඔහු කළ ප‍්‍රකාශය නොදැන කළ එකක් නොවෙයි. මේ යෝජනා පිටුපස රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අදිසි හස්තය ඒ පිටුපස තිබුණා. නමුත් ඔවුන්ගේ ඒ යෝජනාවට සිදුවුණු දෙයක් අද වෙනකොට නැති වුණත් එවැනි ප‍්‍රකාශ මගින් ගරු විනිසුරුතුමන්ලාව බිය ගැන්වීමක් කරන්නේ. මුලතිව් දිසා විනිසුරුවරයා ඇසූ නඩුවල අන්තර්ගතය පිළිබඳව අපි ප‍්‍රශ්න කරන්නේ නැහැ. ස්වාධීනව නඩුවක් විමසන්න බැරි නම්, රටේ යුක්තිය සාධාරණත්වයට මොකක්ද වෙන්නේ? අධිකරණ කොමිෂන් සභාව සහ ඉහළ ආයතනවලින් අපි දැඩිව ඉල්ලා සිටින්නේ සරවණ රාජා විනිසුරුතුමාගේ දුක්ගැනවිල්ල පිළිබඳව සාධාරණ විමර්ශනයක් කරන ලෙසයි. ගරු විනිසුරුතුමන්ලාට ස්වාධීනව නිදහසේ තමන්ගේ තීන්දු තීරණ නීතියට අනුව ලබාදීමේ පසුබිම රජයක් විසින් ස්ථාපිත කළ යුතුයි. පාර්ලිමේනතුවේ මුස්ලිම් කොන්ග‍්‍රසයේ පක්ෂ මාරු කිරීමත් සමග මන්තී‍්‍ර ධුරය අහෝසි වන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. මේ තීන්දුව පිළිබඳව ආණ්ඩුව සන්තෝෂ වන්නේ නැහැ. මම මෙයට පෙර කියූ කරුණු ඒ ආකාරයෙන්ම සිදුවුව හොත් නසීර් මොහොමඞ් නඩු තීන්දුවට විරුද්ධවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න ඉඩ තිබෙනවා. ගරු විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට ගල් ගහලා විරෝධය පළ කිරීමේ තර්ජනයක් තිබෙනවා මේ යන්නේ ගෝති‍්‍රකවාදී සමාජයකට. නීතියේ උත්තරීතර බව, සාධාරණත්වය, යුක්තිසහගත බව තිබෙන සමාජයකට නොවෙයි.”
අධිකරණය ඉදිරියේ වගේම ඉන් පිටතදීත් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ - නීතිඥ චමිලා ගුණසේකර ”
පසුගිය කාල වකවානුව තුළ විකාශන අධිකාරී පනත, ත‍්‍රස්තවිරෝධී පනත සහ මාර්ග ගත ක‍්‍රමවල සුරක්ෂිතතාව ආදී වශයෙන් මර්දනීය පනත් ගෙනත් තිබෙනවා. මෙතන පනත් තුනක් වගේ පෙනුනාට එකම අරමුණකින් ගෙන ආ එකම පනතක් තිබෙන්නේ. රජයට විරුද්ධව නැගෙන ජනතාවගේ හඩ යටපත් කිරීම එකම අරමුණයි. මාර්ගගත ක‍්‍රමවල සුරක්ෂිතතාව තහවුරු කිරීමට කොමිෂන් සභාවක් පත්කරන්න සූදානම් වෙනවා. මෑත යුගයේ පත්කළ කොමිෂන් සභාවල කි‍්‍රයාකාරිත්වය වගේම ඉතිහාසයේ පත්කර තිබූ බොහෝ කොමිෂන් සභාවල කිසිම විශ්වසනීයත්වයක් නැහැ. හඳුන්වා දී තිබෙන ඔන්ලයින් පනතේ වෛරී ප‍්‍රකාශන, අසත්‍ය ප‍්‍රකාශන, රජයට විරුද්ධව කැරලි ගැසීම, නිවැරදි පුද්ගලයන් ලෙස වංචනික පුද්ගලයන් පෙනී සිටීම වැනි කරුණු රැසක් සම්බන්ධයෙන් විමර්ශනය කරන්න ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පිහිටුවන්න යෝජනා කර තිබෙනවා. කොමිෂන් සභාව ලබාදෙන කිසිදු තීරණයක් සම්බන්ධයෙන් කිසිම අධිකරණයක් ඉදිරියට යන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් මේ කොමිෂන් සභාවට පත්කරන්නේ මේ ඊනියා ආණ්ඩුවේ නිලධාරීන්ම බව අපි දන්නවා. ජනතාව වැරදි කරනවාද කියලා සොයා බලන්න පත්කරන කොමිෂන් සභාවේ සාමාජිකයන් වන්නේ ආණ්ඩුවේ ගැත්තන්. ඔවුන්ගෙන් සාධාරණ සහ යුක්තිසහගත තීරණයක් ජනතාව වෙනුවෙන් ලැබේ යැයි බලාපොරොත්තු වෙන්න බැහැ. හැම පැත්තෙන්ම පීඩාවට පත්වී සිටින ජනතාවට විරුද්ධව මේ ගෙන එන පීඩාකාරී පනත්වලින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම සිදුවෙනවා.”
රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ඉන්න මන්තී‍්‍රවරුන්ගේ ආශීර්වාදයෙන් පත්වී මහජනතාවට තොණ්ඩුව දාන්න ලැහැස්ති වෙනවා.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ – නීතිඥ – ලාල් කුමාරපේලි
”රනිල් රාජපක්ෂ ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් දෑත්, දෙපා සහ කට, බැඳ දමන ත‍්‍රස්ත විරෝධී පනත සහ මාර්ගගතවල සුරක්ෂිත තාවය පිළිබඳව පනත් කෙටුම්පත් නමින් ගැසට් කර තිබෙනවා. මේ කෙටුම්පත්වල අරමුණ මහජනතාවගේ අභිවෘද්ධිය පිණිස පවතින නීති සංශෝධනය කර ගැනීම නොවෙයි. පාලකයාට ජනතාවගෙන් එල්ල වන විරෝධය වළක්වා ගැනීම සඳහා ඇතිකර ගන්නා නීති කෙටුම්පත් කර තිබෙනවා. මේ තත්වය සරල භාෂාවකින් මහජනතාවට පැහැදිලි කර දෙන්න අත්පත්‍රිකාවක් සූදානම් කර තිබෙනවා. බලයේ උල්පත ජනතාවයි. පරමාධිපත්‍ය බලය පාර්ලිමේන්තුවට යන්නේ මහජනතාවගෙන්. පිනට පත්වූ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටුවේ ඉන්න මන්තී‍්‍රවරුන්ගේ ආශීර්වාදයෙන් පත්වී මහජනතාවට තොණ්ඩුව දාන්න ලැහැස්ති වෙනවා.
රනිල් වග කියන්නේ ඔහුව පත්කර ගත් මන්තී‍්‍රවරුන්ට. ජනතාවට මර්දන පනත් ගෙනත් බියගන්වා තබාගන්න උත්සාහ කරන අතර, සේවක අර්ථසාධක අරමුදල කොල්ල කන්න කි‍්‍රයාකරනවා. එයට එරෙහිව හඩ නඟන අය ත‍්‍රස්තවාදීන් ලෙස හඳුන්වන්නයි මේ පනත් ගෙන එන්නේ. අයිතිවාසිකම ඉල්ලන ගොවියන්, අධ්‍යාපනය රැකගැනීමට හ
ඩ නඟන සිසුන් ඇතුළු පිරිස් මර්දනය කරන්න ගෙන එන මේ පනත් වගේම මේ පාලකයනුත් පරාජය කිරීමට ජනතාව එකාවන්ව කි‍්‍රයාකළ යුතුයි.”
මේ පනත් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග මොනවාදැයි මාධ්‍යවේදීන් විමසූ අතර ඊට නීතිඥ හර්ෂණ නානායක්කාරගෙන් මෙසේ පිළිතුරු ලැබුණි..
”මහජනතාව දැනුවත් කිරීමේ පති‍්‍රකා බෙදීම එක පියවරක්. විජිත හේරත් මන්තී‍්‍රවරයා ප‍්‍රතිත‍්‍රස්ත පනතට විරුද්ධව අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එරංග ගුණසේකර ඔන්ලයින් පනත සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ලබන සතියේ හරිනි අමරසූරිය මන්තී‍්‍රවරිය විසින් ඔන්ලයින් පනත කාන්තාවන්ට බලපාන ආකාරය ගැන පෙත්සමක් ඉදිරිපත් කරනවා. අධිකරණය හරහා ගන්නා කි‍්‍රයාමාර්ග විතරක් මදි. මහජනතාව විසින් ප‍්‍රතිචාර දැක්වීමත් අවශ්‍යයි.”