Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් සහ ජාතික ජන බලවේගය අතර හමුවක්

-Colombo, October 26, 2023-

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පොල් ස්ටෙපෙන්ස් (Paul Stephens) සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන විජිත හේරත් හා ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ඊයේ(25) පෙරවරුවේ කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි මහ කොමසාරිස් නිල නිවසේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් විය. විශේෂයෙන් පීඩාවට පත් ජනතාවගේ විරෝධය යටපත් කිරීම සඳහා ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ත්‍රස්ත විරෝධී සහ සමාජ මාධ්‍ය මර්දන පනත් පිළිබඳව ජාතික ජන බලවේගය විසින් තානාපතිවරයාගේ අවධානයට ලක් කරවන ලදී. ශ්‍රී ලංකාවේ මැතිවරණ නොපැවැත්වීම, කල්දැමීම සහ මගහැරීමේ උත්සාහයන් පිළිබඳවද මෙහිදී ජාතික ජන බලවේගයේ නියෝජිතයින් විසින් අවධානයට ලක් කර ඇත.