Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

නොර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

(-Colombo, May 02, 2024-)

නවදිල්ලියේ නොර්වේ තානාපතිනි May-Elin Stener මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (02) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් John Bjerkem මහතාද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය හරිනි අමරසූරිය සහෝදරිය සහ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය සහ මේ වන විට රට තුළ පවතින දේශපාලන තත්වය දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ සාකච්ඡාවට බඳුන් විය. ජාතික ගැටලුවේ වත්මන් වර්ධනයන් පිළිබඳවද මේ වසරේ පැවැත්වීමට නියමිත මැතිවරණ පිළිබඳවද අවධානය යොමු විය. නොර්වේ රාජ්‍යය විසින් ශ්‍රී ලංකාවට කරමින් සිටින ආධාර පිළිබඳවද දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවද මෙවර ශ්‍රී ලංකාවට පැමිණි පැමිණි පසු කරනු ලබන පළමු හමුව බවද තානාපතිවරිය විසින් පෙන්වා දෙන ලදී.

Norway-Embassador
Norway-Embassador
Norway-Embassador
Norway-Embassador