-Colombo, January 06, 2024-
අද (06) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමු විය.
නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලයක් නිල වශයෙන් පළමු වරට ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමත් සමග මයිකල් ඇපල්ටන් මහතා ශ්‍රී ලංකාවේ රාජකාරි ආරම්භ කරන ලද අතර ඔහු වසර දෙකහමාරක ශ්‍රී ලංකාවේ රාජකාරි ජීවිතයෙන් සමුගැනීම සටහන් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.
අභියෝගාත්මක කොවිඩ් වසංගතය මධ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණ දෙරට අතර තානාපති සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් මයිකල් ඇපල්ටන් මහතා විසින් දක්වන ලද දායකත්වය ජාතික ජන බලවේගයේ විශේෂ පැසසුමට ලක් වන බව එහිදී පවසන ලදී.
මෙම අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්විය.