(-Colombo, August 01, 2024-)
මිල්කෝ සමාගමට සහ ජාතික වැවිලි සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ඉඩම් විකිණීමට එරෙහිව මහාධිකරණයට ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් සාකච්ඡාව අද (01) පෙරවරු 10.30 ට පැවැත්විණි.
මෙම නඩුව පවරා ඇත්තේ කාර්මික හා කෘෂිකාර්මික ඉඩම් සුරැකීමේ ජනතා ව්‍යාපාරය විසිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සංවිධානයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න.
“මිල්කෝ සහ ජාතික වැවිලි සංවර්ධන මණ්ඩලය සතු ඉඩම් ශ්‍රී ලංකාවේ වටිනා සම්පත් වේ. මෙම සම්පත් ජාතිය ගොඩනැගීම සඳහා යොදාගැනීමේ දියුණු වැඩපිළිවෙළක් අප සතුව ඇත.
ඒ සඳහා අපි මේ සම්පත් ආරක්ෂා කර ගත යුතුයි. අපි බලාපොරොත්තු වෙනවා මහාධිකරණයෙන් සාධාරණයක් ඉටු වෙයි කියලා.” යි පවසා සිටියා.