මර්දනය යොදා ගත් පාලකයින්ට සිදු වූයේ ඉතිහාසයේ කුණුගොඩට වැටීමට යැයි ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (08) ඔහු ජාතික ජන බලවේගය විසින් ගෙන ආ රටේ වර්තමාන තත්වය පිළිබඳ පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරමිනි.
එහිදි ඔහු සිදු කළ සම්පූර්ණ කතාව පහතින් පල වේ,
“රට තුළ මේ වනවිට ඇතිවි තිබෙන ආර්ථික අර්බුදය හේතු කොට ගෙන නාගරික, අර්ධ නාගරික සහ වතු වැනි ක්ෂේත්‍රවල ජන කණ්ඩායම් ගණනාවක් ජීවත්වීමේ අතිශය දුෂ්කරතාවයට පත්ව සිටිති. උද්ධමනය 70% ඉක්මවා ඇති අතර භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.
දෛනික ආහාර අවශ්‍යතාව සපුරා ගත නොහැකි වතු ක්ෂේත්‍රය ප්‍රමුඛ කර ගත් ජනකොටස් අතර මන්දපෝෂණය උග්‍ර වෙමින් ඇති අතර දරුවන්ගේ පාසල් පැමිණීමටද එම තත්වය අතිශය අහිතකර ලෙස බලපා ඇත. පාන්පිටි ප්‍රධාන ආහාරයක් වී තිබෙන්නාවූද ආහාර පිසීම සඳහා භූමිතෙල් පාවිච්චි කරන්නාවූද ජන ප්‍රජාවට ඒවායේ මිල ගණන් ඉහළයාම හා හිඟය දැඩිව බලපායි. රජයේ රෝහල් හා බෙහෙත් ශාලාවන්හි ඖෂධ හිඟය මෙම ජනතාවගේ සෞඛ්‍ය තත්වයට දැඩි අවදානමක් ඇති කරවා තිබේ. මේ තත්වයන් වතුකර ජනතාව විශාල පීඩාවකට ලක්කර තිබෙන්නේ ඔවුන් ලබන දෛනික වැටුප ප්‍රමාණවත් නොවන බවට දුක්ගැනවිල්ලක් වසර ගණනාවක් පුරා නැගෙමින් තිබියෙදීය.
එසේම බැංකු පොලී අනුපතික ඉහළ යාම හේතුවෙන් පෞද්ගලික ණය ලබා ගත් ලබන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයෝ හා විශ්‍රාමිකයෝ බරපතළ අසීරුතාවකට පත්ව සිටිති. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ණය පොලී වාරික, ලීසිං වාරික, විවිධ බදු, විදුලි බිල ඉහළ යාම හේතුවෙන්ද අමුද්‍රව්‍ය හිඟය, නිෂ්පාදනය කඩාවැටීම හා අලෙවිය සීමා වීම හේතුවෙන්ද සිටින්නේ දැඩි පීඩනයකය. පවතින ආර්ථික තත්වය තුළ ආදායම් මාර්ග අහිමි වීමේ ප්‍රතිඵලයක් ලෙස සමෘද්ධි වැනි සහනාධාර ලබන කාණ්ඩවලට තවත් සැලකිය යුතු පිරිසක් ඉක්මණින්ම අලුතින් ඇතුළත් විය යුතුව ඇත.
මෙම සමස්ත තත්වය බරපතළ ලෙස සැලකිල්ලට ගනිමින් පීඩාවට පත් ජන කණ්ඩායම්වලට සහන සැලසීම සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුව ඇතැයි මෙම ගරු සභාවට යෝජනා කර සිටිමු.”
පුවත්පත්වලත්, මාධ්‍යවලත්, ජාත්‍යන්තර වශයෙනුත් අපේ ආර්ථිකයේ තිබෙන අර්බුදයන් පිළිබඳ දත්ත තොරතුරු ඉදිරිපත් වෙමින් තිබෙනවා. උද්ධමනයේ ස්වභාවය, ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගැනීමට අසමත් වීම, විශාල ණය බරක් තිබීම, විනියම අනුපාතිකය ඉහළ යාම ආදී කරුණු සංඛ්‍යා දත්ත තුළ ඉදිරිපත් වෙමින් තිබෙනවා. මේ සංඛ්‍යා දත්ත ඇතුලේත් මහපොළවේ තිබෙන සැබෑ තත්වය තුළත් ඇත්තේ ඉතාම භයානක තත්වයක්. මේ ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත ඇතුලේ තිබෙන්නේ සැබෑ තත්වය වසං කිරීමේ ටූල් එකක්. එහෙත් ඒ තුළින් වුවත් පෙන්නුම් කරන්නේ මාරාන්තික තත්වයක්. ජනතාවගේ ජනජීවිතය විශාල පීඩාවකට පත්වී තිබෙනවා. යුනිසෙෆ් ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙන වාර්තාවක අපේ රටේ ලක්ෂ 57ක පුද්ගලයන් මානුෂීය ආධාර අපේක්ෂාවෙන් ජීවත්වෙන තත්වයක් තිබෙනවා. දෛනිකව ප්‍රමාණවත් ආහාර වේලක් ලබාගන්න ලක්ෂ 57ක ජනතාව අසමත් වී තිබෙනවා. මේ අය අතර ළමුන් ලක්ෂ 23ක් සිටිනවා. ඔවුන්ට නිසි පෝෂණ සහිත ආහාර වේලක් ලබාදීමේ නොහැකියාව උදාවී තිබෙනවා. ගැබිණි මව්වරුන්ට නිසි ආහාර වේලක් නැහැ. දරුවන් මන්දපෝෂණයෙන් පෙළනවා. ආහාර හිඟකමත්, බස් ගාස්තු ඉහළයාමත් නිසා පාසල් නොපැමිණීමේ තත්වයක් උදාවෙලා. මේ තත්වය වතුකරයේ උග්‍ර වෙලා තිබෙනවා. බර අඩු උපත් සංඛ්‍යාව 12.2%යි. මේ තත්වය වතුකරයේ 20%ක් වෙනවා. ළමුන් 7.4%ක් කෘෂභාවයෙන් පෙළෙනවා. අපේ රටේ එකට ජීවත් වෙන, ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන වතුකරයේ ජනතාව ජාතික වශයෙන් ඇතිවෙන පීඩනයට වඩා දැඩි පීඩනයකට ලක්වී සිටිනවා. අපි මේ තත්වය ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා.
අද අත්‍යවශ්‍ය ඖෂධ විශාල ප්‍රමාණයක හිඟ තත්වයක් ඇතිවී තිබෙනවා. ප්‍රතිජීවක එන්නත් නැහැ. මළබද්ධය සඳහා ලබාදෙන සිරප්, හදිසි හෘදයාබාධ සඳහා ලබාදෙන ඨඔභ එන්නත, ධඡෘ එකෙන් වේදනාව සඳහා ලබාදෙන බාම් එක නැහැ. හදන්න අමු ද්‍රව්‍ය නැහැ. කැනියුලා එක අලවන ප්ලාස්ටර් එක නැහැ. ඔක්සිජන් හිඟතාවයක් මතුවී තිබෙනවා. අවශ්‍ය බෙහෙත් රෝහලේ නැතිවෙනවා වගේම ෆාමසියෙන් ගන්නා බෙහෙත් විශාල ලෙස මිල ඉහළ යාමක් තිබෙනවා.
ජනතාව විශාල පීඩනයකට ඇද වැටී තිබෙන මොහොතක ජනතාව කෙරෙහි සහකම්පනයක් නැති ජනාධිපති, රැජිනගේ මළ ගෙදර යනවා, ලෝක පරිසර පද්ධතිය ගැන කතාකරන්න ඊජිප්තු යනවා. ජනතාව පත්වී ඇති තත්වය ගැන හැඟීමක් දැනීමක් තිබෙනවා නම්, ඒ පිළිබඳව මේ නායකයෝ සැලකිලිමත් විය යුතුව තිබෙනවා.
අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටෙමින් තිබෙනවා. ඇඹිලිපිටියේ කර්මාන්ත ශාලාවක සේවකයන් 850 දෙනෙක් සේවය කළා. එයින් 275ක් ඉවත් කළා. ලොරි 64ක් දිවුවා. අද ලොරි 24යි දුවන්නේ. 40කට ආසන්න ප්‍රමාණයක් කොටඋඩ තබා තිබෙනවා. මේ කඩා වැටීම හේතුකොට ගෙන රැකියා විශාල වශයෙන් අහිමි වී තිබෙනවා. ව්‍යාපාරිකයන්ට ඒවා අත්හැරීමට සිදුවී තිබෙනවා. පොලී අනුපාතිකය 33%කට ගියා. බිස්කට් කර්මාන්තයේ 1/5ක් යි කෙරෙන්නේ. මුළු කුකුල් කර්මාන්තයම කඩා වැටිලා. ලංකාවේ ප්‍රධාන ඉදිකිරීම් සමගම් 05ක් වැසී තිබෙනවා. විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වී තිබෙනවා. මේ වන විට රැකියා දසදහසක් අහිමි වෙමින් තිබෙනවා. මෙවන් මොහොතක 22ක් ගෙනැවිත් හාස්කමක් පාන්න හදනවා. ජනතාව බලාගෙන ඉන්නේ තමන්ගෙ බත්පත සරිකර ගන්නේ කොහොමද, දරුවන්ට උගන්වන්නේ කොහොමද, පාසල් යන්න බස් ගාස්තුව සොයා දෙන්නේ කොහොමද, පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්නේ කොහොමද ලෙඩ වෙලා ඉන්න අම්මා තාත්තට බෙහෙත් ටිකක් දෙන්නේ කොහොමද, වගාව දියුණු කරගන්නේ කොහොමද කියලා. ජනතාව අවශ්‍ය තම ජනජීවිතය සමග ගැට ගැසී තිබෙන ප්‍රශ්නවලට ඉක්මන් හෝ සාධාරණ පිළිතුරක්.
පුද්ගලික පරිහරණය වෙනුවෙන්, ව්‍යාපාරයක් වශයෙන් කෙනෙක් වාහන ගන්නවා. අද ඔහුට ඒවාට ලීසිං ගෙවා ගන්න, නඩත්තු කරන්න බැරිවෙලා තිබෙනවා. ලබන වැටුපට ගහන බදු වැඩිවෙලා තිබෙනවා. ත්‍රී විල්, හා බස් රථ රියදුරන්, ඉදිකිරීම් කර්මාන්තයට භාණ්ඩ සැපයූ ලොරි රියදුරන් අපහසුතාවයට පත්වී තිබෙනවා. ඔවුන්ගේ වාහන පැහැර ගැනීමේ තත්වයක් උදාවෙලා තිබෙනවා. මේ නිසා ජීවත්වීමේ බරපතළ ගැටලුවලට වාහන හිමියන් මුහුණ දී තිබෙනවා. මේ පිළිබඳව අවධානය යොමු විය යුතුව තිබෙනවා.
උපයන විට ගෙවන බද්දක් හඳුන්වා දී තිබෙනවා. මේ නිසා මෙතෙක් රුපියල් 600ක් ගෙවූ බද්ද රුපියල් 21,000ක් ගෙවන්න වෙනවා. මෙතෙක් රුපියල් 80,000ක් ගෙවූ බද්ද රුපියල් 286,000ක් ගෙවන්න සිදුවෙනවා. මේ රටේ වෘත්තීමය ක්ෂේත්‍රයේ 15%ක් වූ ඉංජිනේරු ක්ෂේත්‍රයේ වෛද්‍ය ක්ෂේත්‍රයේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මේ වෘත්තීමය ක්ෂේත්‍රයේ අයට විශාල බද්දක් ගෙවන්න සිදුවී තිබෙනවා.
රජයකට සාධාරණ බදු අවශ්‍යයි. නමුත් ආර්ථිකය කඩා වට්ටලා, නිෂ්පාදන ආයතන කඩා වට්ටලා, ආහාර උද්ධමනය 95%ට ගෙනිහිල්ලා, ජනතාව බරපතළ ලෙස පීඩාවට පත්වී සිටින මොහොතක ඔවුන් පීඩාවට පත්කරන්න බදු ගැසීම විශාල වරදක්. එපමණක් නොවෙයි. මෙය ස්වභාවික ව්‍යසනයක් නොවෙයි. මේ රට කඩා වට්ටන්න කටයුතු කළ කබ්රාල්ලා, බැසිල්ලා නිදැල්ලේ සිටියදී ජනතාවට තවදුරටත් පීඩාවට පත්කිරීම ඉතාමත් අසාධාරණයි. මහ බැංකු බැඳුම්කර ගිවිසුම අවුරුදු 30ක එකක්. 2015 පෙබරවාරි මස නිකුත් කළේ. මේ නිසා සිදුවුණු අලාභය විශාලයි. බැංකු පොලී අනුපාතිකය 2%කින් ඉහළ ගියා. ණය ගන්න සෑම පුරවැසියෙක්ම 2%කට වඩා වාරික ගෙව්වා. මුළු ආර්ථික දේහයටම මෙය බලපෑවා. ඒ විතරක් නොවෙයි පොහොර ඇටයක්වත් නැතිව නැවකට මුදල් ගෙව්වා. ඒ වරදකරුවන්, සීනි බදු වංචාව කරපු අය, නිදැල්ලේ සිටියදී මේ රටේ ජනතාවගේ පඩිපතට බදු ගහනවා.
දැවැන්ත බුද්ධි ගලනයක් සිදුවෙමින් තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෝමෝන, දියවැඩියාව පිළිබඳ සිටි එකම වෛද්‍යවරයා, ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳව පරීක්ෂණ කළ එකම වෛද්‍යවරයා, සහ බැංකු ක්ෂේත්‍රයේ ඉහළ කළමනාකරුවන් 50%ක් පමණ රට අත හැර ගියා. රටක් හැටියට විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින වෙලාවක්. සාමාන්‍යපෙළ සමත් නොවූ ලක්ෂයක් ශ්‍රම බලකායක් හැටියට බඳවා ගත්තා. පළමුවැනි කණ්ඩායම විදිහට 57,000ක් පමණ මේ වන විට බඳවාගෙන තිබෙනවා. මේ අයට අවුරුදු දෙකක් තිස්සේ වැටුප 22,000යි. අද මේ වැටුප පවුලක් නඩත්තුව සඳහා ප්‍රමාණවත්ද?
ජනතාව මුහුණ දී තිබෙන පීඩනයට පිළිතුරු ලබාදිය යුතුව තිබෙනවා. නමුත් පීඩාවට පත්වී සිටින ජනතාවට එරෙහිව මර්දනය දියත් කරමින් තිබෙනවා. අන්තරේ කැඳවුම්කරු හා ස්වාමීන් වහන්සේ මාස තුනක් රඳවාගෙන සිටීම සඳහා ඔහු කළ වරද මොකක්ද? ත්‍රස්ත ක්‍රියාව මොකක්ද? රඳවාගැනීමේ නියෝගයට අත්සන ගහන්න පුළුවන් හිරි වැටුණු නායකයෙකුට විතරයි. කිසිම වරදක් නැති තරුණයෙකුට, ස්වාමීන් වහන්සේ නමකට එරෙහිව රඳවා ගැනීමේ නියෝග ගැසිය හැක්කේ කාටද? එසේ කළ හැක්කේ වියරු මනසක් තිබුණු කෙනෙකුට විතරයි. හදවතේ තෙතමනයක් නැති, හැඟීම් දැනෙන්නේ නැති, දර කෑල්ලක් වගේ වියළි මිනිස්සු අපේ රට පාලනය කරනවා. ඔහුට පුටුවත්, මේසයත්, දරුවත් එකයි. ලෝක ඉතිහාසයේ මර්දනය තමන්ගේ පැවැත්ම සඳහා යොදා ගත් හැම පාලකයෙක්ම කුණුගොඩට වැටී තිබෙනවා. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්න ඕනෑ. මේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තරේ කැඳවුම්කරු සහ ස්වාමීන් වහන්සේ නිදහස් කරන්න ඕනෑ. මොවුන් රඳවාගෙන සිටින හේතුව කියන්න. තවදුරටත් ජනතා අයිතිවාසිකම්වලට එරෙහිව මර්දනය ක්‍රියාත්මක කිරීමෙන් ලෝකය ඉදිරියේ හුදකලා වෙනවා පමණක් නොවෙයි ඉතාමත් භයානක ඉරණමකට තල්ලු කරනවා. අපි රනිල් වික්‍රමසිංහටත් ආණ්ඩුවටත් අවධාරණයෙන් කියා සිටින්නේ එවැනි තත්වයකට නොයන ලෙසයි; ජනතාව පෙළන ප්‍රශ්නවලට ඉදිරි අයවැයේදීවත් යම් සාධාරණයක් ඉටුකරන ලෙසයි.”
– ලංකා ටෘත්