Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්

(-Colombo, January 22, 2025-)

අද (22) පෙරවරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් පැවැත්විණි.

මේ වන විට රට තුළ පවතින සමාජයීය හා දේශපාලන තත්වය පිළිබඳව සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ පිළිබඳවත් ඒ සඳහා එක්සත් ජනපදයට සහය විය හැකි ආකාර පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරි ආදම් එල්. මිචෙලෝ මහතාද, දේශපාලන කටයුතු විශේෂඥ නසීර් මරික්කාර් මහතාද එක්ව සිටියහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි ජාත්‍යන්තර අංශයේ කමිටු සාමාජිකා, නීතිඥ මධු කල්පනා ද එක්වූවාය.