Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

එක්සත් රාජධානියේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂවරයා සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

(-Colombo, May 06, 2024-)

Indo-Pacific-Regional-Director-of-the-UK

එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (06) දින පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

මෙම හමුව සඳහා එක්සත් රාජධානියේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ශ්‍රී ලංකා ප්‍රධානී හුමයිරා හාෂියා (Humairaa Hatia) මහත්මිය සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෘෘ පැට්‍රික් (Andrew Patrick) මහතාද පළමු ලේකම් ටොම් සොපර් (Tom Soper) මහතාද ජාතික ජන බලවේගය වෙනුවෙන් ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය, කලාපීය භූ දේශපාලන අභියෝගකාරී තත්වයන් සහ එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

Indo-Pacific-Regional-Director-of-the-UK
Indo-Pacific-Regional-Director-of-the-UK