-Colombo, January 23, 2024-
ජාතික ජන බලවේගයේ නායකයින් අද (23) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha මහතා හමුවිය.
නව ඉන්දියානු මහ කොමසාරිස් Santosh Jha මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මුල්වරට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහෝදරයා හමුවිය.
මෙහිදී ලංකාවේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් ආර්ථික අර්බුදය පිළිබඳවත් ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳවත් අදහස් හුවමාමරු කරගෙන තිබේ.
මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද සහභාගි විය.