Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

GMOA සහ NPP නායක අතර හමුවක්

(-Colombo, August 06, 2024-)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (06) පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් විසින් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්වය හා එම තත්වයන් වෙනස් කිරීම සඳහා වන එම සංගමයේ යෝජනා ජාතික ජනබලවේගය වෙත ඉදිරිපත් කරන ලදී.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති ඇතුළු නිලධාරි මණ්ඩලය සමග පැවති මෙම හමුව සඳහා ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහ ජාතික විධායක සභික මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන යන සහෝදරවරුද එක්ව සිටියහ.