Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජර්මානු තානාපති සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්

-Colombo, January 31, 2024-

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමාන් මහතා සහ ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද 31 පස්වරුවේ ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳවත් ජනතාව මුහුණ දී සිටින අභියෝගකාරී තත්වය පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.

මෙම හමුව සඳහා ජර්මානු තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු උපදේශකා ධරිණි දළුවත්ත මහත්මිය සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් සහෝදරයාද එක්ව සිටියහ.