ගිනි ගත් නැව සම්බන්ධයෙන් නීතිපති ලංකාවේ නඩු නොදා සිංගප්පූරුවේ නඩු දැමීම බලවත් සැකයක් බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ නීතිඥ ධනුෂ්කි ලියනපටබැඳි අවධාරණය කළාය. අයි.එම්.එෆ්. ණය මුදල ගැන උනන්දු වෙන, ප්‍රතිත්‍රස්ත පනත ගැන උනන්දු වන මහජනතාව මේ කරුණු සම්බන්ධයෙනුත් විශාල අවධානයක් යොමු කළ යුතු බවද ඇය සඳහන් කළාය. ජවිපෙ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවැසුවාය. ඇය වැඩිදුරටත් මෙසේද කීය.
“එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සම්බන්ධයෙන් වන්දි නඩුව සිංගප්පූරුවේ පැනවූයේ ඇයි? කියලා අපි දන්නේ නැහැ. නීතිපතිතුමා ගන්නා ලද තීරණය රට පැත්තෙන් විවාදාත්මක තත්ත්වයක් තිබෙන්නේ. මේ නැව ගිනි ගත්තේ 2021 මැයි 20දා ලංකාවේ මුහුදු සීමාව ඇතුළේ. මේක ලෝකයේ විශාලම සාගර අනතුරක්. සිංගප්පූරුවට අයත් මාස තුනක් පමණ වන අලුත්ම නැවක්. ගින්න ආරම්භවී දවස් 13ක් පමණ පැවතුණා. මුහුදු ජීවීන්ට, ධීවර කර්මාන්තයට, සංචාරක කර්මාන්තයට සහ වායුගෝලයට පමණක් නොවෙයි ලංකාවාසීන්ගේම සෞඛ්‍යයට මුදලින් ගණනය කළ නොහැකි තරම් තර්ජනයක් ඇති වුණා. අපි කතා කරන මේ මොහොතේ පවා මුහුදට එකතු වුණු රසායන ද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 80,000ක රසායනික ක්‍රියාවලිය තව දශක ගණනාවක් ඉදිරියට බලපෑම් කරන බව විශේෂඥයන් මත පළ කර තිබෙනවා. ප්ලාස්ටික් පෙබල්ස් බිලියන 50ක්, අවදානම්කාරී නයිට්්‍රක් ඇසිඩ් ටොන් 25ක් වගේම විදෙස් ශ්‍රමිකයන්ගේ භාණ්ඩ මේ නැවේ තිබිල තියෙනවා.
ලෝකයේ මේ දක්වා සිදුවුණු ප්ලාස්ටික් පෙබල්ස් සම්බන්ධ විශාලම නෞකා අනතුර හැටියට මෙය වාර්තාවී තිබෙනවා. අනාගත පරපුර මේ ව්‍යසනය පිළිබඳ පාලකයන් සහ අපි හැමදෙනාගෙන්මත් ප්‍රශ්න කරන්න ඉඩ තිබෙනවා. අපි මේ ඉටු කරන්නේ දේශපාලන වගේම පුරවැසි වගකීමක්. නීතිපතිතුමා මේ සම්බන්ධ වන්දි නඩුව සිංගප්පූරුවේ පනවා තිබෙන බව වාර්තා වෙනවා. පරිසරයට, සෞඛ්‍යයට, වායුගෝලයට මේ සා විශාල හානියක් සිදුවීම ගැන වන්දි ලැබීමෙන් නැවත යථා තත්ත්වයට පත්කරන්න බැහැ. නමුත් සිදුවූ හානිය සම්බන්ධයෙන් ලංකාවේ බලපැවැත්වෙන පරිසර පනත් 20ක කොන්දේසි උල්ලංඝනය වී තිබෙනවා. තල්මසුන් හතරදෙනෙක්, ඩොල්ෆින් මාළුවන් 20ක් ඇතුළු සතුන්ගේ මිය යෑම සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණ 28ක නඩු පවරා තිබෙනවා. ධීවර පවුල් 25,000ක් පමණ මෙයින් බලපෑමට ලක්වුණා. වෙරළ පිරිසුදු කිරීමේ කටයුතු සඳහා පමණක් වෙරළ සංරක්ෂණ අධිකාරියට ඩොලර් මිලියන 10ක් ලැබුණු බව කියනවා. වන්දි සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ සමස්ත හානිය පිළිබඳවයි.
මෙයට පෙර සුනාමි ව්‍යසනය, ගංවතුර, නාය යෑම් වැනි ප්‍රශ්නවලට විස¾දුම් ලැබුණේ නැහැ වගේම මේ හානියටත් විස¾දුම් නොලැබේදැයි බරපතළ සැකයක් තිබෙනවා. ලංකාවේ පාරිසරික සහ මානව ජීවිතයට අදාළ ජාතික වැදගත්කමකින් යුත් නඩුවක් හැටියට දිනපතාම විභාග කරන්න ලංකාවේ කිසිම බාධාවක් නැහැ.
නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර
අපි හැමෝම ජනමාධ්‍ය ඔස්සේ නැව ගිනිගත් හැටි දැක්කා. ඊට පස්සේ ගැඹුරු මුහුදට නැව ඇදගෙන ගිය බවට ප්‍රවෘත්ති පළ වුණා. මේ ගින්න නිසා මනුෂ්‍යයා ඇතුළු සියලුම ජීවීන්ට සිදුවන විනාශය පිළිබඳ කරුණු වාර්තා කර තිබුණා. සාගර නීති සම්මුතියකින් ලෝකයේ සෑම රාජ්‍යයක්ම බැඳී සිටිනවා. ඒ නිසා සාගර දූෂණයට එරෙහිව තම තමන්ගේ අධිකරණ බලසීමාවන් තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ විශාල හැකියාවක් තිබෙනවා. නමුත් අපිට අහන්න ලැබී තිබෙන්නේ සිංගප්පූරුවේ රාජ්‍ය අධිකරණ බලප්‍රදේශය තුළ ශ්‍රී ලංකා රාජ්‍යය වෙනුවෙන් වන්දි නඩුවක් පවරා තිබෙන බවයි. පසුගිය අවුරුදු කිහිපයක් ඇතුළත කැබිනට් ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, හිටපු ජනාධිපතිවරු වගේ අය “එදා මට වැරදුණා, සමාවෙන්න” යනුවෙන් කියා තිබෙනවා. අපිට එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද එවැනි තත්ත්වයක් මතුවේෙදා්යි බරපතළ සැකයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයෝ හැටියට අපි ලෝකයේ කොයි අධිකරණයකින් හෝ ලැබෙන සාධාරණ නඩු තීන්දුවක් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවා.
මේ රටේ ප්‍රධානම රජයට උපදෙස් දෙන නීති නිලධාරියා හැටියට නීතිපතිවරයා සෑහෙන කරුණු සලකා බලා සිංගප්පූරුවේ නඩු පවරන්න තීන්දු කළා වෙන්න පුළුවන්. නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම අධිකරණයක නඩු පැවැරිය හැකි බවත් අවධාරණය කරන්න ඕනෑ.
මෙහි පවතින සිවිල් ප්‍රශ්නයක් සහ ජාත්‍යන්තර නීති ප්‍රශ්නයක් නිසා ශ්‍රී ලංකා රජය, අමාත්‍යවරයා හෝ පාර්ලිමේන්තුව දැනුවත් වීමෙන් සිංගප්පූරුවේ නඩු පවරා නැති බවයි වාර්තා වෙන්නේ. ලංකාව තුළ නඩුව පැවැරීම සහ සිංගප්පූරුවේ නඩු පැවැරීම යන විකල්ප දෙකෙන් සිංගප්පූරුව සම්බන්ධයෙන් විශේෂඥයන් තීරණයක් ගත්තා නම් සුදුසුම විකල්පය තෝරා ගත් බව මහජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ සුදුසුම විකල්පය සම්බන්ධයෙන් තහවුරු කරන්න අදාළ කරුණු ඉතා ඉක්මනින්ම නිල වශයෙන් ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ. මම මේ කියන්නේ නඩුවේ අපිට අදාළ වාසි අවාසි කරුණු හෙළි කරන්න කියලා නොවෙයි. සිංගප්පූරුව තෝරා ගැනීම සඳහා බලපෑ තාර්කික බුද්ධිමය හේතු ඉදිරිපත් කළ යුතු බවයි මම කියන්නේ.
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති හේමක සේනානායක
නැව ගිනි ගැනීමෙන් මුහුදු ජීවීන්ට සහ මුහුදු පත්ලට සිදුවුණු අලාභය වසර 500කටත් වඩා පවතීවි යැයි පරිසර විශේෂඥයන් මතුකර තිබෙනවා. තල්මසුන් සහ ඩොල්ෆින්ලාට අමතරව කැස්බෑවුන් 176 දෙනකුට අධික සංඛ්‍යාවක් මිය ගියා. ගණනය කළ නොහැකි තරම් මුහුදු විශේෂ 400කට පමණ අයත් ජීවී විශේෂයන් විනාශවී තිබෙනවා. මිනිසුන්ට අමතරව මේ වැනි විනාශයක් සිදුවී තිබියදී මේ රටේ අධිකරණ ඇමැතිවරයා විසින් ඉතා බරපතළ ප්‍රකාශයක් කර තිබෙනවා. මේ වන්දි ලබාගැනීමට බාධා කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් යම් පුද්ගලයකු ලබාගෙන ඇති බව ජනාධිපති නීතිඥ අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි මුදලක් හුවමාරුවීම සම්බන්ධයෙන් ගරු අධිකරණ ඇමැතිවරයා චාමර ගුණසේකර නැමැත්තකුගේ ගිණුමට මේ මුදල් ගිය බවත් හෙළි කරනවා. අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කරන මුදල එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් ලබාදීමෙන් සහ ලබාගැනීමෙන් සිදුවන්නේ කුමක්ද? 2020 සැප්තැම්බර් 03දා එම්.ඩී. නිව් ඩයමන් බොරතෙල් රැගත් නැවක් ලංකා මුහුදු සීමාවේදී ගිනිගත්තා. අද වන තුරුත් මෙයින් සිදුවූ අලාභයට සම්බන්ධ වන්දි ගැනීම සිදුකර නැහැ.
මේ රටේ පුරවැසියන් හැටියටත් ජාතික ජන බලවේගයේ නියෝජිතයෝ හැටියට සහ සාමාජිකයන් හැටියටත් විජයදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිවරයා කරන ලද ප්‍රකාශය පිළිබඳ බරපතළ අවධානය යොමුකර තිබෙනවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදාළ ප්‍රමුඛතාව ලබාදෙමින් පොලිසිය පරීක්ෂණ පැවැත්විය යුතුයි. මේක රටක්, රටක මිනිස්සු සහ රටක අනාගතය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නයක් බව අපි අවධාරණය කරනවා.
අනුරාධා හේරත් (මව්බිම()