Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

ජාතික ජන බලවේගය අනුර වෙනුවෙන් ඇප තැන්පත් කරයි

(-2024.08.06 – මැතිවරණ මහලේකම් කාර්යාලය, ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාව)

Electionteam

එළඹෙන සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපේක්ෂක ලෙස ඉදිරිපත් වන අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (06) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

ජාතික ජන බලවේගය වෙනුවෙන් මේ අවස්ථාව සඳහා මහ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභික විජිත හේරත්, ජාතික විධායක සභික හරිනි අමරසූරිය, ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්, ජාතික විධායක සභික හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික විධායක සභික මහින්ද රත්නායක, ජාතික විධායක සභික ව්‍රායි කැලී බල්තසාර්, ජාතික විධායක සභික එරංග ගුණසේකර, ජනාධිපති නිතිඥ උපුල් කුමරප්පෙරුම, නිතීඥ සුනිල් වටගල ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර් සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සදීෂ් සෙල්වරාජ් එහිදී අදහස් දැක්වූහ.

ElectionHarini

“රට ශිෂ්ටත්වයට ඔසවා තැබිය හැකි නායකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙනවා”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය-

අපි කාලයක් වැඩ කළේ, කාලයක් තිස්සේ බලාගෙන හිටියේ මේ මොහොත පැමිණෙන තුරු. ශ්‍රී ලංකාවට සමාජ සාධාරණත්වයක් උදාකරන, පැහැදිලි දැක්මක් තිබෙන, ශිෂ්ට සම්පන්න නායකයෙක් තෝරා ගන්න අවස්ථාව එන තුරු විශාල කාලයක් අපි බලාගන හිටියා. ඓතිහාසික පරිවර්තනයක් සිදුකරමින් අපේ රට ශිෂ්ට සම්පන්න තත්වයකට ඔසවා තැබිය හැකි නායකයෙක් පත්කර ගැනීමේ අවස්ථාව දිනෙන් දින ලංවෙනවා.

අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ නාම යෝජනා වෙනුවෙන් අපි අද ඇප මුදල් තැන්පත් කළා. තව දින 48කින් රටේ ජනතාව ඔසවා තැබිය හැකි ඒ සහෝදරයා, ඒ නායකයා පත්කර ගැනීමේ අවස්ථාව එළඹෙනවා. අද මේ මොහොත ඒ ඓතිහාසික අවස්ථාවේ කොටස්කරුවන් වශයෙන් නියෝජනය කිරීමට ලැබීම අපිට විශාල සතුටක්.

Election-Vijitha

“ජනතාව සිටින්නේ අනුරට රට බාරදෙන්න සූදානමින්”
-ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්-

ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා වෙනුවෙන් අපි සියලු දෙනා පැමිණ ඇප මුදල් තැන්පත් කළා. 15දා නාම යෝජනා බාරදෙන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා.

අපේ රට ආර්ථික වශයෙන් කඩා වට්ටලා දූෂිත, මජර, කැත දේශපාලනයක් ගෙන ගිය යුගය නිමාකර, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් සහිත දේශපාලනය ජයග්‍රහණය කරවන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. රටේ බහුතර ජනතාවත් මේ දිනය පැමිණෙන තුරු පුල පුලා බලාගෙන ඉන්නවා. පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර, රට ප්‍රපාතයෙන් ගොඩගැනීමේ වැඩපිළිවෙළක් තිබෙන අනුරට රට බාරදෙන්න සූදානමින් ඉන්නවා. ජාතික ජන බලවේගය රටේ ජනතාවගේ ඡන්දයෙන් අනුරට බාරදෙන්න සූදානම්. මේ පණිවිඩය රටේ සියලුම ජනතාවට අපි මේ අවස්ථාවේ ලබාදෙනවා.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික මවුලවි මුනීර් මුලෆ්ෆර්

Election-Muneer

සමාජවාදී තරුණ සංගමයේ ජාතික කමිටු සාමාජික සදීෂ් සෙල්වරාජ්

Election-Sadeesh