-Rathnapura, January 03, 2024-
ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් වෛද්‍යවරුන් විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික්කයේ වෛද්‍ය වෘත්තිකයින්ගේ හමුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කුරුවිට Grand Gardian උත්සව ශාලාවේදී 2024 ජනවාරි 03 වන බදාදා රාත්‍රී 9.00 සිට අති සාර්ථකව පැවැත්විණ.
විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍ය නිළධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍යවරුන්, ලියාපදිංචි වෛද්‍යවරුන් සහ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුලු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. එම අවස්ථාවට; ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ සැලසුම් ප්‍රජා දන්ත වෛද්‍ය විශේෂඥ සමන්ත විමලරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ජාතික විද්වත් සංවිධානයේ ලේකම් සහ ජාතික ජනබලවේගයේ ලේකම් ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ මහතා, ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් නායක ශ්‍රේණිධාරී විදුහල්පති ශාන්ත පද්මකුමාර සහෝදරයා, ජාතික විද්වත් සංවිධානයේ දිස්ත්‍රික් විධායක සභික සබරගමු විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය සරත් ආනන්ද මහතා, ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු සංසදයේ වරලත් සිවිල් ඉංජිනේරු රංජිත් කරුණාතිලක මහතා, ජාතික විද්වත් සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සමූහයේ නීතීඥ ස්වර්ණ මල්ලිකාරච්චි මහතා, අවිස්සාවේල්ල මූලික රෝහලේ දන්ත ශල්‍ය විශේෂඥ වෛද්‍ය රංජිත් ලාල් කන්දෙවත්ත මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් විධායක සභික ඇහැළියගොඩ මූලික රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරී ශාන්ත අබේවික්‍රම මහතා, ජාතික විද්වත් සංවිධානයේ; රත්නපුර දිස්ත්‍රික් සභාපති ආයුර්වේද වෛද්‍ය ගීත් වික්‍රමරත්න මහතා, ලේකම් ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනී වෛද්‍ය සුරේකා දිසානායක මහත්මිය, හිටපු සභාපති වෛද්‍ය තුෂාර ජයසූරිය මහතා, සංවිධායක වෛද්‍ය ජනක සේනාරත්න මහතා, ජාතික විද්වත් සංවිධානයේ වෛද්‍යවරුන්ගේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ද සහභාගී වූහ.
සාකච්ඡාවේදී, වෛද්‍යවරුන් විසින් අසන ලද ප්‍රශ්න අතර, රටේ සංස්කෘතිය සහ දේශපාලනය ගැනත්, ගමේ බිම් මට්ටමේ ඡන්ද දිනාගන්නා වැඩපිළිවෙල ගැනත්, ආර්ථික සංවර්ධනයේ උපායමාර්ග සහ බදු ප්‍රතිපත්තිය ගැනත්, නිදහස් අධ්‍යාපනය සහ සබරගමුව වෛද්‍ය පීඨයේ අර්බුදය ගැනත්, බුද්ධි ගලනය ගැනත්, ජාත්‍යන්තර දේශපාලන සබඳතා සහ විදේශ තානාපති සබඳතා පිළිබඳවත් ඇතුළත් වූ අතර අනුර කුමාර දිසානායක සහෝදරයා විසින් ඉතා පැහැදිලි ලෙස ඒ සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති සහ විසඳුම් විග්‍රහ කරමින් පිළිතුරු දෙන ලදී.
පැමිණි පිරිස ඉතා හොඳින් සක්‍රියව සාකච්ඡාවට සහභාගී වූ අතර බලාපොරොත්තු සහගත අනාගතයක් වෙනුවෙන් දේශපාලන සවිඥ්ඥාණකභාවය ඇතිකරගැනීම පිළිබඳව පිරිසට ස්තූති කළ අනුර කුමාර දිසානායක සහෝදරයා ඊළඟ මැතිවරණයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් යහපත් රටක් හැදීම වෙනුවෙන් රටේ රැඳී සිටින ලෙස වෛද්‍යවරුන්ගෙන් හෘදයාංගම ඉල්ලීමක් කළේය.
මධ්‍යම රාත්‍රිය වනවිට වැඩසටහන සාර්ථක නිමාවක් සනිටුහන් කළේ නැවත නැවතත් මෙවැනි සාකච්ඡා අවැසි බවට වෛද්‍යවරුන්ගෙන් ලද ඉල්ලීම්ද සමගය.