Logo of NPP
Contact
Contact Us 0112785612
Message
Message Us [email protected]
X

නව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න

(-Colombo, December 17, 2024-)

New Speaker Of The Parliment Dr Jagath Wikramanayake

නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ.

නව කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න සුදුසු යැයි අගමැති ආචාර්ය හරිනි අමරසූරිය යෝජනා කළ අතර සභානායක බිමල් රත්නායක විසින් එය ස්ත්‍රීර කරන ලදී. නව කථානායක ධුරයට විපක්ෂයෙන්ද මන්ත්‍රීවරයෙකු යෝජනා කර බව කලින් සඳහන් කර තිබුණද නව කථානායකවරයෙකු පත් කරන අවස්ථාවේ වෙනත් යෝජනා ඉදිරිපත් නොවීය.

ඒ අනුව නව කථානායක ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඒකමතිකව පත් කර තිබේ.