-Finland, January 22, 2024-
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක සහෝදරයා ප්‍රමුඛ NPP ෆින්ලන්ත නියෝජිත පිරිස, ෆින්ලන්තයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDP) පාර්ලිමේන්තු කණ්ඩායමේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභාපතා, යුරෝපීය කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය Tytti Tuppurainen මහත්මිය හමුවිය. මෙම රැස්වීම පසුගියදා ෆින්ලන්ත පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
මෙහිදී වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා විරෝධී භාවිතයන් සහ මැතිවරණ ක්‍රියාවලියට සිදුකරන මැදිහත්වීම් ගැන සාකච්ඡා කරන ලදී. මීට අමතරව, අධ්‍යාපනය සහ පවුල් අවශ්‍යතා සඳහා ෆින්ලන්තයට යාමට අදහස් කරන ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානය යොමු කරන ලදී.
ශ්‍රී ලාංකිකයින්ට ජෛවමිතික දත්ත ඉදිරිපත් කිරීම සඳහා නවදිල්ලියේ ෆින්ලන්ත තානාපති කාර්යාලයට අනිවාර්ය සංචාරයක් සඳහා යාමට සිදුවීම පිලිබදව විශේෂ අවධානය යොමු කරන ලදී. නියෝජිත පිරිස සහ Tuppurainen මහත්මිය මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා විකල්ප සහ විසඳුම් සාකච්චා කරන ලදී.